ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්… අවහිර කරයි..

June 24, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්… අවහිර කරයි..

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති බව නීතීඥ සංවිධාන එකමුතුව සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එහි සභාපති නීතීඥ මනෝජ් ගමගේ විසින් නිකුත් කර ඇති මාද්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් …

ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කල පෞද්ගලික Facebook ගිණුම් හා පිටුවලට මෙන්ම Youtube මුල්කරගත් ප්‍රවෘත්ති හා කාලීන නාලිකා සදහා පසුගිය සති කිහිපය පුරාවට අසාමාන්‍ය ආකාරයේ විවිධ බාධාවන් හා අක්‍රිය වීම් සිදු වී ඇති බවට අප සංගමය වෙත විවිධ පාර්ශවයන් පැමිණිලි රාශියක් කර ඇත.

මේ පිළිබදව සොයා බැලීමේදී අපහට අනාවරණය වූයේ එලෙස සයිබර් ප්‍රහාරයන්ට ලක් වූ හා Facebookසමාජ මාධ්‍ය ජාලයෙන් මකා දැමුණු ගිණුම් හා පිටු බොහෝමයක් ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කල ඒවා බවයි.

විශේෂයෙන්ම සයිබර් ප්‍රහාරයන් වැළැක්වීම සදහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක්ම මේ වන විට දේශපාලන අතකොළුවක් බවට පත් වී වෛරී ප්‍රකාශ වලට මුවා වී Facebook ආයතනයට ලබාදෙන සාවද්‍ය තොරතුරු හේතුවෙන් හා Facebook ආයතනයට අනුයුක්තව භාෂා පරිවර්තනය සදහා පත්කර ඇති පක්ෂග්‍රාහී පුද්ගලයන්ගේ වැරදි අර්ථකතන මත මේ තත්වයට මුහුණ දීමට මෙරට Facebook පරිශීලකයන්ට සිදු වී ඇති බවට අප වෙත තවදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

මේ තත්වය මත මිලියන ගණනක පරිශිලකයන් සිටින Facebook සමාජ ජාල වෙබ් අඩවිය හා Youtube නාලිකාව ඉදිරි මැතිවරණයකට ආණ්ඩු පක්ෂයට වාසි දායක ලෙස හසුරුවා ගැනීමේ දැඩි අවධානමක් මේ සමග මතු වී ඇත.

2015 දී එවකට පැවැති ආණ්ඩුව පෙරළා දැමීමට සාවද්‍ය පුවත් හා මඩ ප්‍රචාර සදහා Facebook සමාජ ජාල වෙබ් අඩවිය හා Youtube නාලිකාව ප්‍රයෝජනයට ගෙන තරුණ තරුණියන්ට Free-Wifiහා Google බැලූන් ලබාදෙන බවට පොරොන්දු ලබාදුන් වර්තමාන යහපාලන ආණ්ඩුව විසින්ම මෙලෙස එම සමාජ මාධ්‍ය ජාලා තුල ඇති නිදහස විනාශ කිරීමට කටයුතු කිරීම අප සංගමය පිළිකුලෙන් හෙළා දකිනු කැමැත්තෙමු.

එමෙන්ම මෙරටේ මහජන මතය විකෘති කර ආණ්ඩුවට වාසිදායක වටපිටාවක් නිර්මාණය කර විරුද්ධවාදී මතවාද යටපත් කිරීම සදහා Facebook සමාජ මාධ්‍ය මෙලෙස ආණ්ඩුව විසින් අපයෝජනයට ලක් කිරීම පිළිබදව Facebook බළධාරීන්ගේ විශේෂ අවධානය නිල වශයෙන් යොමු කිරීමට විපක්ෂය නියෝජනය කරන සියලු දෙනා වහා පියවර ගත යුතුව ඇත..

මෙයට,
විශ්වාසී,

නීතීඥ ආර් මනෝජ් ගමගේ
සභාපති
නීතීඥ සංවිධාන එකමුතුව

26,930 Viewers

4 Comments to “ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්… අවහිර කරයි..”

  1. asd says:

    ඔය ගමනම මගී ප්‍රවාහනයේ යෙදෙන්න බලපත්‍ර අරගෙන ඉන්න ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ව හුරතල් කරන රජයේ ආයතන ගැනත් හෙව්වොත් නරකද ?

    • Govia says:

      ජාතික ගමනාගමන කොමිසමෙී සභාපති බස් මුදලාලිලි සමග ගහන ගේම නවතමු.Ntc Mediaunit කියා එකක් හදාගෙන මැතිවරන ළු්‍යාපාරයට අවහ්‍ය දේවල් මෙයින් කරන්නට පටන් අරන්. මුදල් සේරම කාබාසිනියා කරනවා. උදේ 7 සිට රාත්‍රි 7 වෙනකමි කාර්යාලයේ කරන්නේ අර්චජුනගේ හා කොලොන්නාවෙී මැතිවරන වැඩ. සේවකයින්ට මෙීවාට ගෙවන අමතර මුදල් NTC එකෙන්. මෙීවාට බජටි නැහහ. බස් මුදලාලිලාටෙන් දැනටමත් මිලියන ගනනක් අරගෙන ඉවරයි.

  2. Amda says:

    There are plenty of “ethical hackers” working..but their job is to check the security of the govt sites. not to attack rivals.

  3. gamarala says:

    එන මැතිවරණයෙන් මේවාට ජනතාව පිළිතුරු දේවි

Main News