ජනාධිපතිව බිත්තියටම හිර කරයි.. සාක්‍ෂි දෙන්න ජනාධිපති නාවොත් පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති ඉන්න තැනට ගිහින් ප‍්‍රශ්න කරයි..

July 14, 2019 at 10:40 am | lanka C news
ජනාධිපතිව බිත්තියටම හිර කරයි.. සාක්‍ෂි දෙන්න ජනාධිපති නාවොත් පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති ඉන්න තැනට ගිහින් ප‍්‍රශ්න කරයි..

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිසබයට පැමිණ එහි සාක්ෂි දීමට අකැමැති නම් එම කමිටුව ජනාධිපති කාර්යාලයට හෝ ජනාධිපතිවරයා අභිමත ස්ථානයකට ගොස් ඔහුගෙන් සාක්ෂි විමසීම සඳහා සැරසෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඒ ගැන කමිටු සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. ජනාධිපතිවරයාගෙන් මෙම කමිටුව සාක්ෂි විමසීමට යන්නේ ආරක්ෂක, නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාගේ විෂය පථයට අදාළවය.

ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙන් ඊට අදාළව සාක්ෂි සටහන් කර ගැනේ. අග්‍රාමාත්‍යවරයා සහ රුවන් විජයවර්ධන මහතා දැනටමත් ඒ සඳහා කැමැත්ත පළකොට ඇත. බොහෝවිට මෙම සාක්ෂි කැඳවීම් ලබන සතියේ සිදු කෙරෙනු ඇතැයි සඳහන්ය.

එහෙත් ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කළේ තමන් මෙම කමිටුව හමුවේ සාක්ෂි දීමට කිසිසේත්ම නොයන බවය. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ කරුණු දැක්වීමකින් තොරව මැතිසබා කමිටුවේ වාර්තාව සම්පූර්ණ කළ නොහැකි බැවින් මැතිසබා කමිටුව මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් කමිටුව මෙම තීන්දුව ක්‍රියාත්මක කරන ආකාරය ගැන අවසන් තීරණය අද හෙටම ගන්නා බව එහි ආරංචි මාර්ග පවසයි.

– deshaya

14,896 Viewers

6 Comments to “ජනාධිපතිව බිත්තියටම හිර කරයි.. සාක්‍ෂි දෙන්න ජනාධිපති නාවොත් පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති ඉන්න තැනට ගිහින් ප‍්‍රශ්න කරයි..”

  1. සකල බුජං says:

    කෙසේ වෙතත් කමිටුව සහරාන්ගේද උපදෙස් මත මෙම තීන්දුව ක්‍රියාත්මක කරන ආකාරය ගැන අවසන් තීරණයක් ගන්නා බව පවසයි.

    • Saman says:

      උබ මානසික රෝගියෙක්ද?

      • සකල බුජං says:

        මම කියන දේ නොතේරෙන උඹ මානසික රෝගියෙක්.තාත්තත් පිස්සෙක්ද කියල අහල පහල උන්ගෙන් අහල බලපං.

        • JOHN says:

          saman නමින් කොමන්ට් කරන්නේ වහබි ඉස්ලාම් අන්තවාදියෙක් ..ඔහුගේ අන්තවාදී රෝගය සුව කිරීමට ඌරු මස් කෑල්ලක් කෑමට දිය යුතුයි .කන්‍යාවන් 72 ගන්න සිහින මවන මෝඩයෙක්

  2. gamarala says:

    2015 ජනවාරි 9 වෙනිදා නයි ටික රෙද්ද අස්සේ දාගෙන දැන් කනවෝ කියනවා හොද පාඩම

Main News