ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…

May 2, 2022 at 10:40 am | lanka C news
ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට ගෙදර නොයන්නැයි ජනතාව ඉල්ලා සිටින බව නුගේගොඩ ජන රැලියෙන් පෙනී යන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ මැයි දිනය වෙනුවෙන් නුගේගොඩදී පැවති රැළිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කලේය.

ජනතාවගේ වරමින් ශක්තිමත් ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නොවන බවද ඇමතිවරයා පැවසීය.

මීට ඉහත දී ආණ්ඩුව පසුබැස ගිය නමුත් නැවත නැගිට ජනතා සේවයට එක් වූ බව ද හෙතෙම කීය.

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ගෙදර යාමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය.

මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් එක්වයි.

47,639 views

52 Comments to “ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…”

  1. janaka says:

    ඉතින් පොටෝ එකක් දාපන්කො ඔය ජනතාව කොච්චර හිටියද බලන්න සන්සන්දනය සදහා සියයට තුනේ ජෙප්පන්ගෙ රැලි තුනේ පොටෝස් එක්ක. අනුරගෙ හරි වෙන ජෙප්පෙග්ගෙ හරි ෆේස් බුක් පේජ් එකකින් පොටෝ හොයාගන්න පුලුවන් වෙයි

  2. ගෞම් ඊයාරාජ් says:

    අර ස්ටේජ් එක උඩට නැගලා කරාටී ගහපු ඩෑල් එකද කිව්වෙ ඔය ටික ? 😂✌️

    • හිහ් හිහ් says:

      පොහොට්ටු රැළිවලට වැඩිපුරම එන්නෙ කුඩ්ඩොයි කසිප්පු කාරයොයි. ඔය රැළියක් මැද්දෙන් අවුරුදු 16 ක දියණිය සමග හදිසි පාර වැරදීමකින් ත්‍රීවිලයක ගිය අම්ම කෙනෙක්ට එම රැළියේ සිටි හැට පැනපු බේබද්දගෙන් දියණිය බේරා ගැනීමට ඉතා අපහසු උනාලු. යන්තම් ත්‍රීවිල් රියදුරා හැඩි දැඩි එඩිතරයෙක් බැවින ඔහු මුන්ට තර්ජනය කොට ඔවුන් ආරක්ෂිතව රැළියෙන් එළියට ඇවිත්. ඒ තමයි මොවුනෙ රැළිය. අර ඩාන්ස් ටික මෙය තවත් ඔප්පු කලා. 🤣

  3. Priyankara says:

    Me yakath balapuwama, amu bala thanhawak thiyena perethayekne

  4. බලපෙරේත says:

    ඔව්, එකට හොරා කාපු එවුන් නම් සූදානම් නැ තමයි!

  5. Jagath says:

    මිනිස්සු 100 -150 කිව්වා කියලා උඹ කියන්නේ ලංකාවේ ඔක්කොම එහෙම කියනවා කියලා ද??
    පලයන් නාකියා යන්න

  6. Bandara says:

    මූට පිස්සු. රටේ මහජනතාවගේ විරෝධය තේරුම් ගන්න බැරි මූ අගමැති වෙනන සිහින දකිනවා. මේ වගේ අය නිසයි ගෝටා, මහින්ද අම්මරුවේ වැටුනේ.

  7. Gihan says:

    ගෝල්පේස් අර-ගලේ නිර්පාක්සික කීවට එතන පැලපදියන් වෙලා ඉන්නේ ජෙපි වහලුයි පෙරෙටුවහලුයිනේ. සමාන්‍ය මිනිස්සු හවසට ගිහින් බත්පැකටි එකක් කාලා කිරි එකක් බීලා අර ගංජා overdose වෙචිච පිස්සු පොරවල් දෙන ආතල් බලලා ගෙදර එනවා.

    • සූස්තිපුර ගාය says:

      නිකන් ටෙස්ට් කරන්න කියන්නේ,ගෝල් ෆේස් නිර්පාක්‍ෂික අරගලය තියනවා කියන තැනට ගිහින් ස්වාධීන අදහස් තියෙන පත්‍රිකාවක් බෙදන්නකෝ බලන්න..දැලි පාට ඇඟවල් ඇති, කලු පාට ටී ෂර්ට් ඇඳගත්ත සෙට් එකක් (නිර්පාක්‍ෂික ජෙප්පන් සහ නිර්පාක්‍ෂික පෙරට්ටන් 😅) ඔබලාව වටලා ගේම ඉල්ලනවා..උන් කියන්නේ සූස්ති මතින් උන් කියන කුණුහරුප සහ මරණ තර්ජන තාලෙට අනුකරණය කිරීම තමා අරගලය කියලා.

  8. මිතුරන් අතරේ පමණයි says:

    තොපි 225ම එපා බැහැලා පලයව් කියලා ජනතාව කියද්දී සජිත්, අනුර, රනිල්, රාජපක්ෂලා බය වෙලා නැවත උන් උන් අවබෝධතා ගිවිසුමකට එළඹීලා,ලක් මාතාව පොදු ජනතාවගේ බලවේගයක් අතට යන්න නොදී අපි මිතුරන් අතරේම තියාගෙන අතින් අතට යවමින් අපයෝජනය කරමු කියලා.

  9. Lalla says:

    අරක්කු බාගෙට බුරියානි පාර්සලේට කෑදරකමට රැලියට ආපු සෙවල හැත්තට ගෝල්ෆේස් විරෝධතාකරුවන් සමාන කරන්න උත්සාහ කරන මෝඩ දිනේෂ්. තමන්ට රාජපක්ෂ පවුල නැතිව දේශපාලනයක් නෑ කියල රටම දන්න දෙයක්. තවත් රට කන්නේ නැතිව කෑ නොගසා හිරවෙච්ච බෙට්ට ගෙදර ගිහිල්ල ගලවගනින්.

  10. Sahas says:

    දිනේෂයාට ඉන්නේ නාමලයා පාවිච්චි කල බඩුවක් බැන්ද
    පිනෙක් වගේ කොල්ලෙක්.
    රටට කෙසේ වෙතත්…
    ඒ පිනාට අනාගතයක් හදල දෙන්ඩ දගලනවා

Main News