ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…

May 2, 2022 at 10:40 am | lanka C news
ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට ගෙදර නොයන්නැයි ජනතාව ඉල්ලා සිටින බව නුගේගොඩ ජන රැලියෙන් පෙනී යන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඊයේ මැයි දිනය වෙනුවෙන් නුගේගොඩදී පැවති රැළිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කලේය.

ජනතාවගේ වරමින් ශක්තිමත් ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නොවන බවද ඇමතිවරයා පැවසීය.

මීට ඉහත දී ආණ්ඩුව පසුබැස ගිය නමුත් නැවත නැගිට ජනතා සේවයට එක් වූ බව ද හෙතෙම කීය.

ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ගෙදර යාමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය.

මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් එක්වයි.

47,567 views

52 Comments to “ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…”

  1. Chan says:

    Very correct

  2. සිසිල් සුදේශ් says:

    මොන බොරුවක් ද, අපේ පන්සලේ කඨිනෙට ඔයිට වැඩිය සෙනග එනවා.

  3. 0.0069 Biyyo says:

    PALAYAN PAHARA LON HALIS BORALUGODA MAKI HIWALA!!
    tHOTATH YANNA THIYENNE APAYATA PAMANAYI !!!

  4. 0.0069 Biyyo says:

    මම මෙච්චර කල් හිතාගෙන හියියෙ දිනේශ් ක්යන්නෙ වැදගත් දේශපාලකයෙක් කියල. බලාගෙන ගියාම ඒකත් බල තන්හාවට කුණු පෙරේතයෙක්, රටේ බහුතර ජනතාවට මේ සා දුක් කන්දරාවක් විඳින්න සිදුකල පාහර රාජපක්ශලා වෙනුවෙන් කඩේ යන නිවටයෙක්.කෝටි ගණන් ගෙවල මන්ත්‍රීල සල්ලිවලට හරවා ගන්න රාජාපක්ශලාට සල්ලි වියදම් කරල හෝතම්බුවෝ, හාල්පාරුවෝඉ , බේබද්දො ටිකක් එකතු කරගෙන කලාකියන මහ ලොකු රැලියෙ අපි දැක්ක කටේ දතුත් නැති මී හරකෙක් තප්පුලනවා .. අපිට ර්ජපක නැතිව බෑ කිය කියා. ඇත්තටම උන්ට අහාර ප්‍රශ්ණ , බෙහෙත් හේත් ප්‍රශ්ණ , රැකියා ප්‍රශ්ණ ගෑස්, තෙල් ප්‍රශ්ණ එහෙම මොකුත් නැතිව ඇති … ගොන් හැත්ත තුට්ටු දෙකට රජ පකයන්ගේ අසූචි බුදින කාලකණ්නි තේරුම් ගන්නකොට කෙලවෙලා හමාරයි.

  5. Jude perera says:

    Umba wage gon harakek moda musalayek, lon halichcha naki hiwala

  6. Boralugoda Dog says:

    Moo kiyana kathawalata, ahinsaka saha vedagath demawupiyantath apahaasa vindinna siddha wenawa.

  7. Kdtv says:

    දැන්, එතකොට මෙයාට රටේ තත්වය අමතක වෙලාද එහෙම නැත්තන් නොදන්නා කම ද?

    අවුරුදු 2ක්‌ පාලනය කලපසු..
    එදිනෙදා අත්‍යවශ්‍ය බඩු ගෙන්න විනිමය නැත්තන්
    වැරදි තීන්දුවක් අරගන රටේ කෘෂිකර්මාන්තය බිදවටිලනම්
    වැවිලි කර්මානතයත් අඩාල වෙලානම්
    දිගින්දිගටම මුදල් අච්චුගහල, රුපියල පාලනය කරගැනීමට විදෙස් සංචිත නාස්ති කලානම්.
    නිසි වෙලාවේදී IMF නොයා, රට අර්බුධයට යනකල් කල් මරුවනම්…
    හිතවතුන්ට ලාබ ගන්න බදුසහන දීල ඒ වාසිය ජනතාවට නොදුන්නා නම්..
    වැරදි කාරයෝ නිදහස්ස කරනවානම්හ
    ආණ්ඩුවේ අයට පවරපු නඩු නීතිපති ඉල්ලා අස්කරගන නොදොස් කොට සියලු දෙනාට නිදහස් වෙනවනම්….
    එහෙව් ආණ්ඩු ඕනා කියන එකාට අමු කැවිලද අහන්න තියෙන්නේ

  8. පම්පෝරි නන්දේ says:

    විනෝද සමය…… බර්ටි ගුණතිලක සමග පුට්ටු වේදිකාවේ සියලුම කසිප්පුකාරයින්ට ආරාධනා …🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

Main News