ජනාධිපති, අගමැති ආරක්‍ෂක අංශ මා වාහනයෙන් බස්සවා පයින් යැවුවේ නෑ..- හිටපු ජනපති

February 9, 2020 at 6:26 am | lanka C news
ජනාධිපති, අගමැති ආරක්‍ෂක අංශ මා වාහනයෙන් බස්සවා පයින් යැවුවේ නෑ..- හිටපු ජනපති

ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශ විසින් තමන් වාහනයෙන් බස්සවා පයින් යැවූ බවත් ඒ නිසා නිදහස් උළෙල වර්ජනය කළ බවටත් සමාජ ජාල මාධ්‍ය වල පැතිර යන පුවත අසත්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඒ බව සඳහන් කරමින් එම ඒකකය විසින් මුඛයට නිවේදනය මෙහි දැක්වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙබරවාරි 4 වනදා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපහසුතාවයට පත් කළ නිසා බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වී තිබේ.

එම පුවතේ සඳහන් ආකාරයට හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වාහනය ජනාධිපති, අගමැති ආරක්ෂක අංශය විසින් අතරමග නවත්වා පයින් ගමන් කරන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය විසින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හට පැවසූ බව යන සිදුවීම සාවද්‍ය පුවතකි. ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එලෙස අපහසුතාවයට ලක් කිරීමක් කිසිදු ලෙසකින් එම අවස්ථාවේ සිදු නොකරන ලදී.

ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ පළපුරුදු නිලධාරීන්ගෙන් විශේෂ පුහුණුවකින් යුතුව නිර්මාණය කර ඇති විශේෂ ඒකකයක් වන අතර වෘත්තීයවේදිත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පළවන මෙවැනි පුවත් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද අපකීර්තියට පත් කිරීම, මාධ්‍ය සදාචාරය අගයන සියලු දෙනා වටිනාකමක් නොදෙනු ඇතැයි හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය ලෙස අප විශ්වාස කරමු.

– මාධ්‍ය ඒකකය

54,957 Viewers

16 Comments to “ජනාධිපති, අගමැති ආරක්‍ෂක අංශ මා වාහනයෙන් බස්සවා පයින් යැවුවේ නෑ..- හිටපු ජනපති”

  1. Eiffel says:

    මචං සිරා, උඹ තාමත් හැදිලා නෑ. ඉස්සර වගේම අද එකක්, හෙට තව එකක්.. උඹ වගේ ජනාධිපති කෙනෙක් යටතෙ රට තිබිලා මෙහෙම ඉතුරු වෙලා තියන එක ාලොකු දෙයක් බං..

    • හෙලයා says:

      ජනතාව නොදැන සිටියට සිරාගෙ ජීවිතේම කොරල තියෙන්නෙ බොරුව. එදත් බොරැව අදත් බොරැව හෙටත් බොරැව.

    • බන්ඩා says:

      සිරිසේන නිදහස් දින උත්සවයට නොපැමිනියේ ජනාධිපතිවරණයෙදී මෙන්ම ගෝඨාභය අපහසුතාවයට පත්කරන්නය්. දැන් නොයෙක් චෝදනා එල්ලවෙනකොට බය වෙලා ගෝඨා/මහින්දට ෂේප් වෙන්න හදනවා.

    • kawinda says:

      onna den eththa eliyata aawane. aarakshaka ansha walin sidu wechcha waradakin nowei.. sirisena nidahas uthsawayata naawe hithaa mathaa bawa penenwa. thuh nodakin mun.

  2. cw says:

    Who cares?

  3. Ajith says:

    තව ටික දවසකින් පයින් නෙමෙයි පුකෙන් යන්න වෙන්නේ

  4. MD says:

    Ema News eka wenuwen mama pala kala comment ekada illa askaraganimi.

  5. Rata Wenuwen says:

    එහේනම් බයක් සැකක් නැතුව හේතු දක්වනවා කෝ, සමනල රනියට එදා සමනල පැට්ව් ඇවිදින් හුරතල් ලබාගන්න, එනිසා යන්න බැරිවුනා කියලා වෙබ් අඩවි පලවෙලා තිබුනා

  6. jonana says:

    මුව ගලක බැඳලා මුහුදට තල්ලු කරා නම් ඉවරයි

  7. KARUNASENA says:

    mema kalakanni sirata DUNNA? GEDARA WAHAMA APASU GANU. POLONNARUWE WEWAKATA DAMANU. DUWATA, PUTHATA DUN CAR/WAHANA/ GEWAL APASU GANIMU NETHNAM MUDAL AYA KARAMU ME MINIHA ATHTHETHAYEDA” DUWATA LOVE KALA GOVIYAGE PUTHA WHANAYAK HAPPA MARA DEMMA” PAREEKSANAYAK PAWATHWANU. SLIIT EKEDI EMA KOLLA MEYAWA HAMA GAHALA THIYENNE

  8. කොටා says:

    කවෘ පෙන්ශන් ගියත් ඒකා පෙන්ශන් කාරයාමයි. හිටපු සරල උත්තමයට පයින් යන්න අමාරු ඇති. ඔය යකා ගිය අවුරුද්දෙ නිදහස් උත්සවයේ ආචාර පෙලපාලි පිලිගත්තෙ පුටුවක වාඩිවෙලා. හමුදාවන්ට කරන්න පුලුවන් ලොකුම නිගාව කරපු ජනාධිපති. අනේ…….. කේ නන්නානේ කීවලු.

  9. චන්ඩි මල්ලි says:

    කතාව එහෙමනම් ඉතිං කියහංකො බලන්ට ඇයි එදා උත්සවේට ආවෙ නැත්තෙ කියල…..

Main News