ජනාධිපති-අගමැති-කථානායක යලි අවි අමෝරාගනී.. ප්‍රජාතන්ත්‍රවාදය වඳපීදෙයි..

June 13, 2019 at 6:48 pm | lanka C news
ජනාධිපති-අගමැති-කථානායක යලි අවි අමෝරාගනී.. ප්‍රජාතන්ත්‍රවාදය වඳපීදෙයි..

‘ජනාධීපති, අගමැති අවි අමෝරාගැනීමේ රංගනය අපි පසුගිය කාල සීමාව තුල දැක්ක. කාලෙන් කාලෙට කථානායකවරයාත් අවි අමෝරාගෙන කට යුතු කරන්න ගිය විට මේ රට කොහේටද යන්නේ. පාලනය ගිලිහිලා ගිහින්. වහබ් අන්තවාදය පිළිබදව පරීක්ෂණ සිදු කරනවාද යන්න පිිළිබදව කිසිවක් සිදුවන ආකාරය දකින්නේ නෑ. එකි නෙකා පුලුවන් තරමින් තමන්ගේ බල අධිකාරීය තුළ කටයුතු කරනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වද පීදිලා. රජයේ කාර්යභාරය ඉටු නොකරන තැනතට ඇවත්. රජෙයේ කාර්ය කවුද ඉටු කරන්නේ කියන එක පැහැදිලි නැති තැනකට ඇවිත්’ යැයි අනුර පියදර්ශන යාපා අමාත්‍යවරයා පවසයි.

දැන් රජය කියනවා වැරදි කරුවන් ඉන්න අයට පැමිණිලි දාන්න කියා.කිසිම කෙනෙක් පැමිණිලි දාල පරීක්ෂණ පවත්වන් නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීතිය, යටතේ සැක කටවුතු කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට, නිවාස පරීක්ෂා කිරීමට හෝ අත්අඩංගුවට ගැනීමට හැකියාව තියෙනවා. හැබැයි ඇමතිවරුන්ට විතරක් කටයුතු කරන්න පැමිණිලි ඉල්ලනවා. මේක විහිලුවක් නේ. රටේ තියන නීතිය දෙයාකාර ද? ආණ්ඩුවේ චන්ද ගොඩ රැක ගන්න කරන සෙල්ලම්ක් ද මේ කරන්නේ. මේක ජනතාව දැනගත යුතුයැ යි ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය

එසේම රට අකාර්මන්‍ය වෙලා කිසිම ආර්ථික කටයුත්තක් සිදුවෙන් නෑ. ඇමතිවරු නිදි. කිදසිම කෘෂි නිෂ්පාදනයකට මිලක් නෑ. පොල් ගෙඩියක් විකුනන්න බෑ තොග මිල රුපියල් විස්සකටවත්, කොළඹ රැපියල් 60 ක් වෙනවා. මේ සම්බන්ධයෙන් ඉන්න ආයතන නිහඩව බලා ඉන්නවා. උත්තර හරියට දුන්න නම් ගොවියා අමාරුවේ වැටෙන් නෑ. වී වගටෙව් අස්වැන්න වැඩි වුණා. අස්වැන්න විකුණ ගන්න බැරිවුුණා, බුලත් වගාව දීර්ග කාලයක් සුලු අපනයන වගාවක් විදියට පැවතුණා. නමුත් අද වෙළද පල නෑ ඉතා අසරණ තත්වයට පත් වෙලා.

මේ සේරටම කථා නැති ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කරන වා. මේ මිල වැඩි කරන්නේ ලෝක වෙළදපල මිල අඩු වොලා. මිල වැඩි කරේ ඛනිජ තෙල් සංස්ථාව මෙහෙයුම් ආලාබය පියව ගන්න ද කියා සිතා බැලිය යුතුයි. ඛනිජ තෙල් සංස්ථාව මෙහෙයුම් අලාභයක් තියෙනව ද කියන එක රජය වියදම් පියවාගැනීමට ඛනිජ තෙල් මිල සුත්‍රය භාවිතා කරනවා.

– Media Team

36,963 Viewers

8 Comments to “ජනාධිපති-අගමැති-කථානායක යලි අවි අමෝරාගනී.. ප්‍රජාතන්ත්‍රවාදය වඳපීදෙයි..”

  1. පොරමෝලා says:

    සිරා ලොක්කා වෙලා මෙහෙම නං කරු බුවා ලොක්ක උනොත් කොහොම හිටීද ?

  2. අංකූරා says:

    මේ ගතවෙන්නේ අභාග්‍යයේ අගභාගය. අභාග්‍යය කැන්දූ අය තමා කල වරද ජනතාව ඉදිරියේ පාපොච්චාරණය කල යුතුයි !, සමාව ගත යුතුයි !!. වහා ඉවත්විය යුතුයි !!!.

  3. සිංහල බන්ඩා says:

    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණය තමය් චන්ද අයිතිය. අලිකොටිසීනු නඩේ අති කපටි විදිහට ජනතාවගෙ චන්ද අයිතිය නැතිකලා. ඉතින් අද රට අයාලේ යන එකට ජනපති අගමැති කතානායක යන තුන් දෙනාම නඩු අසා හිරේ යැවිය යුතුය්.

  4. sunimal says:

    ආඩි හත්දෙනාගේ කැද හැලිය ගැන අපි කලින් කිවා

  5. රන්බණ්ඩා says:

    වරක් ඕමන්තෙන් එහාට මේ රටේ කොටසක් ප්‍රභාකරන් කියන මස්වැද්දාට ලියලා දුන්නු කාලකණ්නි පරයෙක් එක්ක බලතන්හාවෙන් වියරු වැටිච්ච තවත් ගොං හරකෙක්, රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවක් බොරුවෙන් අන්ධ කොරලා මේ ධර්මද්වීපයට කෙරුවාවූ අනේක විනාශයට තොපි දැන් වන්දි ගෙවන්නට සූදානම් වෙයව්.

    • Pal says:

      Sinhalese get trapped into anything…
      This is due to jealousy, nothing else..

      They ( Sorry most of them ) not willing to understand the reality or the extra ordinary abilities of Rajapaksha family.

      Went against them saying the Paul palanaya…

      Now what has happened?

    • podi eka says:

      high five aiya

  6. raju says:

    Mun 3 dena dakkath athi. patta musalai. rata kata hari yawida?