ජනාධිපති අද විවෘත කරන්නේ එදා අැමති ලෙස මුල්ගල් තැබූ ඒවායි.. යහපාලනයට එරෙහි මාර හමුදාව පරාජය කරනවා..
February 17, 2017 at 12:40 pm | lanka C news
වරකාපොල මුලික රෝහලේ අංග සම්පුර්ණ උපකරණ සහිත මහල් 06 කින් යුත් නව ගොඩනැගිල්ල ඊයේ දින (16) පස්වරුවෙි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිනි.
මෙහිදී උත්සවය ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
‘ජපාන රජය සහ සබරගමුව පළාත් සභාව ඒකාබද්ධව ඉදිකළ වරකාපොල මූලික රෝහලේ නව ගොඩනැගිල්ල අද විවෘත කළා. ඒ සදහා වැය කළ මුදල රුපියල් බිලියන 1.1 ක්. පසුගිය රජය සමයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ප්‍රදානයන් ජපානයෙන් ලබාගත්තා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙි නිෂ්පාදනාගාර ඉදිකිරීම සදහා ද මුදල් ලබාගත්තා. අපේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමටයි. ජපානය සහ ශ්‍රී ලංකාව දිගුකාලීන මිතුරන්. එදා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වර්තමාන ජනාධිපතිවරයා මුල්ගල් තැබූ ගොඩනැගිලි අද විවෘත කරනවා. එම නිසා තමයි එතුමා මට සෞඛ්‍ය අමාත්‍යධූරය ලබාදුන්නේ. තට්ටු මාරු ක්‍රමයෙන් කළකිරී සිටි ජනතාව වෙනුවෙන් යහපාලන රජය බිහි කළා. පැවැති ක්‍රමය වෙනස් කළා. දේශපාලනඥයින් විසින් සදන නීති ජනතාව පිළිපැදිය යුතුයි. එම නීතිය තමයි දිවයින පුරා ක්‍රියාත්මක වන්නේ. පසුගිය රජය සමයේ නීති ක්රීයාත්මක කෙරුනේ බල පරාාක්රම වලට අනුවයි. පාර්ලිමෙින්තුව නීති හැදුවා. උසාවිය එය ක්‍රියාත්මක කළ යුතුයි. පළමු අදියර යටතේ ඖෂධ වර්ග 48 ක මිල පාලනය කර තිඛෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වර්තමාන ජනාධිපතිවරයාට එදා කිරීමට නොහැකි වූ ඖෂධ ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කළා. වත්මන් රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට මාර හමුදාවක් බාධා කරනවා. එම මාර හමුදාව පරාජය කිරීමට අපි කැපවෙනවා. අපි එම ගමන රතු පලස් මතින් යන්නේ නැහැ. අදියරෙන් අදියර එම පරාජයන් සිදු කරනවා. විප්ලවය ඉදිරියට ගෙනයාම තමයි අමාරු. වත්මන් රජයේ අමාත්‍යවරුන් ද එය අවබෝධ කර ගත යුතුයි’
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
kohomada warakapola traffic eka . ekathath visadumak denna .nathanam srorry.com wewe mahindata wage.
Ethakota e kale Jadhipathi kauda?
පිං ගොනා ඇමති පන්නමු
මෛත්‍රිපාලට වැදගත් ප්රශ්නය රටේ අනාගතය නොවෙයි. තමාගේ අනාගතය ගැනයි.