ජනාධිපති අනුමැතිය දෙයි.. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය අනිද්දා සිට වැඩ අරඹයි…
September 13, 2017 at 5:30 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේ අනුමැතිය ලබා දීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සදහා වන ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
ගැසට් පත්‍රය අනුව මේ මස 15 වනදා පටන් මෙම කාර්යාලය ක්‍රියාත්මක වන අතර අතුරුදන් පුද්ගලයන්ගේ ඥාතීන්ට හෝ ඕනෑම අයකුට මෙම කාර්යාලයට පැමිණිලි බාර දිය හැක.