ජනාධිපති අපෙක්‍ෂක වෙන්න මෛත‍්‍රි තීරණය කර නෑ.. දයාසිරිට කුණු බැණුම්..

March 19, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති අපෙක්‍ෂක වෙන්න මෛත‍්‍රි තීරණය කර නෑ.. දයාසිරිට කුණු බැණුම්..

මීලග ජනාධිපති අපේක්‍ෂකයා වන්නේද නැද්ද යන්න ගැන තමන් තීරණය කර නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ මාධ්‍යම කාරක සභාවේදී පැවසූ බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

එනිසා ජනාධිපති අපේක්‍ෂකයා ගැන ප‍්‍රකාශ කිරීමෙන් වලකින්නැයි ජනාධිපතිවරයා එහිදී දැන්වූ බවත් මහ ඇමතිවරයා පැවසීය.

මහින්ද රාජපක්‍ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරුන් එක්ව තීරණය කරනා ඔ්නෑම අපේක්‍ෂකයෙකුට සහයෝගය දැක්වීමට සූදානම් යයිද ඔහු කියා සිටී.

දයාසිරි ජයසේකර මහතා මහ ලේකම් වූ දවසේ සිට තම හිතුමතේට විවිධ ප‍්‍රකාශ කරන බවත් ඒවා ඔහුගේ පුද්ගලික මතයන් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

26 views
Main News