ජනාධිපති අපේක්ෂකයන් යයි කියාගෙන ඉන්නා මුට්ටි කුඩු.. අනපේක්‍ෂිත ජනාධිපති අපේක්‍ෂකයෙක් ඒකාබද්දයෙන් එයි..

July 31, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති අපේක්ෂකයන් යයි කියාගෙන ඉන්නා මුට්ටි කුඩු.. අනපේක්‍ෂිත ජනාධිපති අපේක්‍ෂකයෙක් ඒකාබද්දයෙන් එයි..

ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා අනපේක්‍ෂිත පුද්ගලයෙකු යයි ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ හිටපු ඌව පලාත් මහ ඇමතිවරයා සදහන් කරයි.

විවිධ පුද්ගලයන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා යයි කියමින් කරළියට ගෙනාවද සැබෑ අපේක්‍ෂකයා අනපේක්‍ෂිත මොහොතකදී සියල්ලලන්ටම දැන ගැනීමට ලැබෙනු ඇති බවද ඔහු කියා සිටී.

කවුරුන් අපේක්‍ෂකයා වුවද එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වන කණ්ඩායම ජයග්‍රහණය කිරීම ස්ථිර යයිද ඒ මහතා සදහන් කරයි.

ජනාධිපති අපේක්ෂකයන් යයි කියමින් මතුව ඇති කුඩු වන මුට්ටි කිහිපයක් අතරින් ඉතිරිවන මුට්ටිය සැමටම ඉදිරියේදී දැකබලා ගැනීමට හැකි යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

108 views
Main News