ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි කියයි..

October 29, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි කියයි..

ජනාධිපතිවරණයට මෙවර ඉදිරිපත් වී ඇති ජනාධිපති ධුර අපේක්ෂකයන් 12 දෙනෙකු වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකු ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරමින් සිටින හෙයින් ඔවුන් 12 දෙනාම මැතිවරණ නීතියට ගරුකර ඉල්ලා අස්විය යුතු බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

ඉතිහාසයේ කවරදාවත් නොවූ ආකාරයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හත් දෙනෙකු එක් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත්, තවත් අපේක්ෂකයන් පස් දෙනෙකු වෙනත් අපේක්ෂකයෙකුගේ ජයග්‍රහණය වෙනුවෙනුත් කටයුතු කරන බවත් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මීට අමතරව තවත් අපේක්ෂකයෙකු ජනප්‍රියතාව ලබාගැනීමට ජාතිවාදය මුල් කරගනිමින් කටයුතු කරන බවත්, මේ නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 35 දෙනාගෙන් මේ වනවිට අපේක්ෂකයන් 13 දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරන බවත් ඔහු කියා සිටියේය.

තමන් හැර වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් කටයුතු කිරීමට කිසිදු අපේක්ෂකයෙකුට නොහැකි අතර, එලෙස කරන්නේ නම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවත්, මේ නිසා ඔවුන් 12 දෙනා අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී අදාළ සහයෝගය ලබාදිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතිවාදය මූලික කරගනිමින් මැතිවරණ කටයුතු කිරීම නීතිවිරෝධී බවත්, මේ නිසා මේ පිළිබඳ මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බවත් හෙතෙම කියා සිටියේය.

මෙම සියලුම කටයුතු නවතා දැමීමට කටයුතු නොකළහොත් 16 වැනිදායින් පසු අදාළ පුද්ගලයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කරන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

– ada

87,760 Viewers

6 Comments to “ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනෙකුට ඉල්ලා අස්වෙන්නැයි කියයි..”

  1. Nish says:

    මහේස් ඔයා ඉල්ලා අස් වෙන්න.

  2. lanka says:

    රෝහණ හෙට්ටිආරච්චි මේ ළගදී කියල තිබුනා ආසියාවෙන් මැතිවරණය නිරීක්ෂණය කරන්න එන නිලධාරීන් ඒ පිළිබධව මහා දැනීමක් ඇති උදවිය කියල. මම ඔබ තුමාට අබියෝග කරනවා. සියලුම දෙනා මැතිවරණ ගැන දැනීමක් ඇති අය නොවෙයි කියල. ඔබ තුමා අබියෝගය බාර ගන්නවද?

  3. Krishan Senarath says:

    ප්‍රැෆරල් සංවිධානය කරන්න ඕනේ ඒ අය කවුද කියලා ප්‍රසිද්ධියට පත්කිරිම 16න් පස්සේ නොවේ දැන් කරන්න ඕන එකක් ජනතාව ඒ මිනිස්සු හදුනාගත්තම ගන්න ඕන ක්‍රියාමාර්ග ගනිවි එතකොට අපරාධේ අහක යන චන්ද පවා ඉතිරි වේවි එයයි වියයුත්ත

  4. නිළමේ says:

    12 නෙමෙයි 32 ක්ම ඉල්ලා අස්වෙන්න ඕන. උන් ඔක්කොම සජිත්ට කඩේ යන්නේ.

  5. bombili says:

    RED ELEPHANT IS SHAKING THE BELL FOR SAJITH

Main News