ජනාධිපති අපේක්‍ෂකත්වයේ කොනක මාත් ඉන්නවා.. ජනතාව ඉල්ලන්නේ රාජපක්‍ෂ සහෝදරයෙක්..- චමල්

September 13, 2018 at 3:00 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වයේ කොනක මාත් ඉන්නවා.. ජනතාව ඉල්ලන්නේ රාජපක්‍ෂ සහෝදරයෙක්..- චමල්

ඉදිරි ජනාධිපතිවරණය අපේක්ෂකත්වය සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මෙන්ම තමන්ද කොනක සිටින බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහෝදරයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ඉන්දියාවේ දී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චමල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

අද ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් පවුලේ සහෝදරයෙක් ඒ සඳහා ඉදිරිපත් කිරීම යයිද කී ඔහු එම ඉල්ලීම ඉටු කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ වගකීමක් යැයි ද කීවේය.

කෙසේ වෙතත් ජනතාවගේ ඉල්ලීම් ද සලකා බලමින් වඩාත්ම ගැලපෙන සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරියේදී පත් කරනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේ ඇඹිලිපිටියේදී මාධ්‍ය අමතමිනි.

124 views

14 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වයේ කොනක මාත් ඉන්නවා.. ජනතාව ඉල්ලන්නේ රාජපක්‍ෂ සහෝදරයෙක්..- චමල්”

  1. Gadol says:

    අන්තිම පිළිතුර ලැබෙන්නේ මහජනතාවගෙන්

    • මැදමුලනෙ මුත්තා says:

      ලිහල බලපු මල්ල, ඔබලා බලන්නට අවශ්‍ය නැහැ.
      රාජපක්ෂලාගෙ කෙරැවාවල් ජනතාව දන්නවා.
      චමල්ගෙ පුතා ශෂින්ද්‍ර රාජපක්ෂ කරපු කෙරැවාවල්ද ජනතාව දන්නවා.
      පවුල් දේශපාලනය එපා.
      අළුත් මිනිස්සුන්ට අවස්ථාව දෙමු.
      දැන් විශ්‍රාම ගමු.

    • මැදමුලනෙ මුත්තා says:

      ලිහල බලපු මල්ල, ඔබලා බලන්නට අවශ්‍ය නැහැ.
      රාජපක්ෂලාගෙ කෙරැවාවල් ජනතාව දන්නවා.
      චමල්ගෙ පුතා ශෂින්ද්‍ර රාජපක්ෂ කරපු කෙරැවාවල්ද ජනතාව දන්නවා.
      පවුල් දේශපාලනය එපා.
      අළුත් මිනිස්සුන්ට අවස්ථාව දෙමු.
      දැන් විශ්‍රාම ගමු.ල

  2. dinesh says:

    UMBALA ENAKAN API BALAN INNE PARAYO

    • darshana says:

      රාජපක්ෂලගෙ නම ඇහෙනකොටත් ජෙප්පන්ට වස්තරේම සුලුදිය පහවෙනව,
      මේ ජඩපාලනයෙන් ලැබුන වරප්‍රසාද නැතුව යනවට බයේ.

    • සීගිරි says:

      මේ ජෙප්පා කථා කරන්නෙ හරියට ජෙප්පෝ මහ ගොඩක් ඉන්නව වගේ.
      මම දන්න තරමට නම් දැන් ජෙප්පෙක් බේතකටවත් හොයා ගන්ඩ නෑ.

    • ලාල් කනත්ත says:

      කොල්ලෝ නොදන්න දේවල් කථා කරල අපේ සායමත් අරින් නැතුව හිටු!
      ලබන සැරේ ජනාධිපතිවරනයට ඒකාබදධ විපක්ෂයෙන් පොල් පිත්තක් දැම්මත් දිනනව.

  3. Gayan says:

    Kuamr Welagama?

    • CORBRA says:

      ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂයි චමල් නොවේ

  4. Sam Fernando says:

    Sorry if I’m wrong. Among Rajapakshe family members you are the least popular one. Please do stay in the corner. The whole country is demanding one man. Let him contest the presidential election and record an unprecedented victory. Please do not mislead the people. Voters are not so stupid sir. Mind your own business and stay aside.
    Thank you.

    • ගිරවා says:

      කුමකටද එකම පවුලේ සාමාජිකයන් ..මේ රටේ වෙනත් සුදුසු පුද්ගලයන් සිටිනවා ..බණ්ඩාරනායක පවුල නිසා සිදු වුයේ රටට විනාශයක් ..JR පවුලේ නෑදෑ පරපුර UNP ඇවිත් අද සිදුවී ඇත්තේ විනාශයක් ..පවුල් දේශපාලනය මේ රටේ නතර කල යුතුම දෙයක් ..දැන් සිරිසේනත් ඔහුගේ පවුලේ අය දේශපාලනයට බලයට ගේමට වෑයම් කරනවා ..පවුල් දේශපාලනය රටේ විනාශයට ලොකුම හේතුවක් බලයට වාසියට පොරකනවා රටට සිදුවන යහපතක් දියුණුවක් නැහැ ඔවුන්ගේ මඩීය තර කර ගන්නවා

  5. Nandasoma says:

    අද යූ ඇන් පී කාරයින්ට තියෙන ලොකුම ප්‍රශ්ණෙ, මහින්ද මහත්තය තමන්ගෙ සහෝදරයෙක් මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වෙන්න පුලුවන් කියල ඉන්දියාවෙදි ප්‍රකාශ කිරීම.

    ඉතින් වදේ, ඒ ගොල්ල අද දැනගත්තට, ගෝඨාභය හරි වෙන කවුරු හරි රාජපක්ෂ පවුලෙ කෙනෙක් ජනාධිපති අපේක්ෂකයෙක් වෙනව කියල මේ රටේ මිනිස්සු නම් දැනගෙන හුඟක් කල්…..

    අනිත, තමුන්ගෙ පක්ෂෙන් අපේක්ෂකයෙක් හොයා ගන්න බැරි බංකොලොත් පක්ෂයක් මෙහෙම කියන එක ගැන ලැජ්ජයි……

    මෙයාලට හරි දුකයි, දිනේෂ් මහත්තය, වෙල්ගම මහත්තය ගැන….ඉතින් හලෝ ඒ වගේ ගොඩාක් සුදුස්සො ඒකාබද්ධයෙ ඉන්නව තමයි…… සුදුසුම පුද්ගලයා විය යුත්තේ, කිසිම තරඟයක් නැතුව උඩින්ම දිනන්න පුලුවන් ජනප්‍රියම පුද්ගලයනෙ…..

    මහින්ද මහත්තය නියම වෙලාවට නම් කරයි….. ඔහෙල කලබල වෙන්න එපා…..
    පුලුවන් නම්, ඔයාලගෙ පක්ෂයෙන් කෙනෙක් කෝර ගන්න…..!!!!!

    ජනතාවගේ ඉල්ලීම ගැන රටම දන්නව…..

  6. Nandasoma says:

    ඒක නෙමෙයි නියම හේතුව……!

    මෙයාලට ඊර්ෂ්‍යයි…. මහින්ද මහත්තයව ඉන්දියාව මේ තරම් ගෞරවයෙන් පිළි ගැනීම ගැන….!!

    හීනමානය තමයි…..!!!

  7. රාහුල කොලුවා says:

    මහින්දගේ ඉන්දීය ගමන ගැන ආණ්ඩුව තක්බීර් වී ඇත.. හම්බන්තොට ගිවිසුම ඕන නං අහෝසි කරන්නත් පුළුවන් කියලා අගමැති වියට්නාමේ සිට කිව්වේ ඉන්දියාව ටිකක් කූල් ඩවුන් කරන්න..

Main News