ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන සාකච්වාවට ආර්යාව සමග සජිත් කතානායක හමුවේ…

August 30, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන සාකච්වාවට ආර්යාව සමග සජිත් කතානායක හමුවේ…

කථානායක කරූ ජයසූරිය මහතා සහ එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අගහරුවාදා රාත්‍රියේ කථානායකවරයාගේ නිවසේදී සිදුව තිබේ.

එක්සත් ජාතික පක්ෂය තුල ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැන ඇතිව තිබෙන වාතාවරණය සමනය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බවද පැවසේ.

මෙම සාකච්චාව සුහද මට්ටමින් පැවති ඇති බවද දැනගන්නට ඇත.

සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද සම්බන්ධ වී ඇතැයි වාර්තා වෙයි.

තමන් සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව යයි හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කිරීම හේතුවෙන් ජලනි ප්‍රේමදාස මහත්මිය ගැන මහත් කතාබහක් මෑතකදී ඇති විය.

45 views

2 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වය ගැන සාකච්වාවට ආර්යාව සමග සජිත් කතානායක හමුවේ…”

  1. Love nature says:

    තමන් අනාගත නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්යාව යැයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

    මේ සම්බන්ධයෙන් සෘජුවම සිය නොසතුට පළ කරමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ද ඔහුගේ පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම අදහස් දක්වා ඇතැයි ද දැනගන්නට ඇත.

    එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් සහ බිම් මට්ටමේ සජිත් පාර්ශවයට හිතවාදී පිරිස් විසින් සජිත් පාර්ශවයේ මැතිඇමතිවරුන්ට දුරකතන ඇමතුම් දෙමින් සිය විරෝධය දක්වා ඇති අතර ඔවුන් පෙන්වා දී ඇත්තේ එකී පකාශයට බිම් මට්ටමේ ජනතාවගේ දැඩි නොකැමැත්තක් පළ කරන බවයි.

  2. ane eda says:

    sajiyage amma ekale natapu natili walata hapan weyi me sundari natana gathama. hema edawas wala araliya h=madura janapathi madura me dekama wanasuwa.

Main News