ජනාධිපති අපේක්ෂකත්වය මෛත්රිට නොදුන්නොත් පොහොට්ටු-ශ්රීලනිප සන්ධානයක් නෑ..
January 25, 2019 at 10:40 am | lanka C news
මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂක මෛත්රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිට නොදෙන්නේ නම් ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැගීම සිදු නොවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි.
පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්රීපාල සිරිසේන මහතාට ලබාදෙන බවට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහතික වුවහොත් පමණක් සන්ධානයක් ගොඩ නැගීම සිදුවනු ඇති බවකි.
එම සන්ධානය ගොඩනැගීමට නම් දෙපාර්ශවයේම සාමාජිකයන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා විය යුතු බවත් ඒ සඳහා ජනාධිපති අපේක්ෂකත්වය මෛත්රීපාල සිරිසේන මහතාටත් අගමැති අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බව මන්ත්රිවරයා පෙන්වා දෙයි.
එසේ කළහොත් පමණක් සන්ධානයක් ගොඩ නැගෙනු ඇති බවත් මෛත්රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් සන්ධාන ගත නොවී ශ්රී ලංකා නිදහස් පක්ෂය තනිව මැතිවරණයට ඉදිරිපත් වීම සුදුසු යැයි ද ඔහු කියා සිටී.
MS is not a winning horse… what is the point,, Why he cannot understand even a simple matter.
කිසිම හිරිකිතයක් නොමැතිව රන් බිජු දමන හම්බන්තොට වරාය විකුණු මහින්ද සමරසිංහ වැනි අපතයන්ගේ දේශපාලන අනාගතයට තිත තැබීම රටට ආදරය කරන අයගේ වගකීමකි.
Ubama thiyaganin sirisenawai sri lanka ekai 2 kama apita epa, api gotabaya ta witharai
අනේ අපොයි මැස්සෙක් ගිය උඩ
මූට තියෙන තැන ලබන චන්දෙදි බලාගන්න පුළුවන්. තොට නියමිත තැන රනිල්ගේ පස්ස ලෙව කන එක.