ජනාධිපති අපේක්‍ෂකත්වය විතරක් දෙන්නකෝ සර්.. නායකමත් එපා.. අගමැතිකමත් එපා..- සජිත් පිල අගමැති ලග බැගෑපත් වේ..

September 10, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකත්වය විතරක් දෙන්නකෝ සර්.. නායකමත් එපා.. අගමැතිකමත් එපා..- සජිත් පිල අගමැති ලග බැගෑපත් වේ..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබා නොදෙන්නේ නම් එය පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයට හේතුවිය හැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී පිරිසක් සඳහන්කර ඇත.

ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකදීය.

ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ අගමැති ධුරය දිගටම රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළකර එම මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

එමෙන්ම පක්ෂයේ වෙනත් කිසිදු තනතුරක් වෙනස් නොකරන බවද සජිත් ප්‍රේමදාස මහතා එකඟතාව පළ කළ බව සඳහන් කර ඇත.

68,880 Viewers

10 Comments to “ජනාධිපති අපේක්‍ෂකත්වය විතරක් දෙන්නකෝ සර්.. නායකමත් එපා.. අගමැතිකමත් එපා..- සජිත් පිල අගමැති ලග බැගෑපත් වේ..”

  1. අන්තිමට සජිත් කියයි: ‘අනේ සර් ජනාධිපතිකමටත් සර්ම ඉල්ලන්න’ කියල. පිටිපස්සෙන් ගිය හරක් රැළට දෙය්යන්ගෙ පිහිටයි.

  2. රාහුල කොලුවා says:

    ඔන් යුවර් මාක් කිව්ව ගමන් පොල්ල අරං දුවන්න පටන් ගත්තනේ.. දැන් ඉතින් වෙඩිල්ල පත්තු කරන්න කියලා කන්නලව් කලාට වැඩක් නෑ.. ප්‍රේක්ෂකයෝ බලන් ඉන්න හින්දා දුවලම නතර වෙන්නයි වෙන්නේ…

  3. NAK says:

    This is exactly where Ranil wants Sajith to be.
    If Sajith contest without party leadership Ranil will make sure that Sajith will be politically destroyed. It is akin to slitting one neck with ones own hands!!!

  4. රන්බණ්ඩා says:

    පව්…මුන්ගෙ හීන ලෝකෙ කොච්චරක්ද කියනව නං, දැනටමත් මුන් ජනාධිපති, අගමැති පට්ටං වෙන්කොරගෙනත් හමාරයි.
    අවුරුදු ගණනක් වේලි වේලි ඉඳලා, අර මරිමෝඩ සිරිසේනගේ නැට්ටෙ එල්ලිලා අටවා ගත්තු යහපාලන ලබු මැස්සෙ රහ කොච්චරක් ද කියලා මුන්ට දැනිලද කියනවානං, තවමත් හීනෙන් ඇහැරිලා නැහැ බොලව්.
    බලාන හිටපල්ලා..මේ වතාවෙත් අගමැති, ජනාධිපති වෙන්න.
    තොපිට මකබෑවෙන්නම ජනතාවගෙන් සම්බුව හම්බ වෙයි මේ වතාවෙ බොලව්.

  5. Nish says:

    රනිල් අලියා වගේ නොසෙල්වී ඉන්නෙ ඔය යූන්පී එකාලට කොන්ද පණ නැති බව දන්න නිසා. රැස්වීම් වල රනිල් රනිල් ගගා කෑ ගහුවට, රනිල් ලගට ගියාමා සෑර් සෑර් ගගා කතා කරන්නේ.

  6. වැඩ්ඩා says:

    රනිල්ගෙ බළල් අත සජිත් බබාව නටවන පාටයි

  7. Saradiel says:

    ජනාදිපතිට බලයක් නැත්නම් ඇයි මෙච්චර හිගාකන්නේ ලැජ්ජයි

  8. ඇත්ත යථාර්ය says:

    U.N.P එකේ පජාතන්තරයක් නැහැනේ එකේ තිබෙන්නේ ඒකාධිපති බලයක්නේ.

  9. ඇත්ත යථාර්ය says:

    මෙවර දුවන්ට ලැබේවි ජනතාවගෙන් . රටට කළ හානියට වන්දි ‌ගෙවන්න ‌වෙනවා u.n.p අයට රට විනාශ කළා . තවත් ලැබේවි යයි හිතන් සිටියාට ‌මෙවර ‌මේ අයට ඇඩ්ඩස් නැතිව දුවන්ට ‌වෙනවා.

  10. Ariyathilaka says:

    “ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ අගමැති ධුරය දිගටම රනිල් වික්‍රමසිංහ මහතාට පැවරීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළකර එම මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.”

    මෙම ප්‍රකාශය බරපතල ලෙස අල්ලස් නීතිය උල්ලංඝනය කර ඇත. අල්ලස් දීම සනාථ වන කරුණු මෙහි පැහැදිලි ලෙස සදහන් වේ. මෙසේ යෝජනා කිරීම බරපතළ වරදක්. රටේ විධායක ජනාධිපතිවරයා වීමට බලාපොරොත්තු වන පුද්ගලයා අල්ලස් දීමෙන් පටන් ගන්නවා නම් රටේ ප්‍රධාන පුරවැසියා ලෙස පත්වන පුද්ගලයා පිළිබඳව විශ්වාසය බිද වැටීමත් සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම අන්ත දූෂිත තත්වයට පත් වීමට ඉඩ ඇත. එසේම මෙවැනි ප්‍රකාශයක් යම් ජනාධිපති අපේක්ෂකයෙක් කළා නම් ඒ කරුණ මත එකී ජනාධිපති අපේක්ෂකත්වය අල්ලස් දීමක් ලෙස නීතිය හමුවෙහි අභියෝගයට ලක් කළ හැකි වනවා ඇත. යම් හෙයකින් මේ ප්‍රකාශයට අදාල පුද්ගලයා ජනාධිපතිවරණයෙන් ජය ගෙන ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් එකී පත්වීම නීතිය හමුවෙහි අභියෝගයට ලක් කළ හැකි වනවා ඇත. මෙයට සම්බන්ධ අනෙක් පාර්ශවකරු වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට නැවත අග්‍රාමාත්‍යධූරය ලැබුණ ද එයද නීතිය හමුවෙහි අල්ලස් ගැනීමේ චෝදනාව යටතේ නීතිය හමුවෙහි අභියෝගයට ලක් කළ හැකිවෙනවා ඇත.

Main News