ජනාධිපති අපේක්‍ෂකයා ගෝටා… විපක්‍ෂයේ සියළු පක්‍ෂ එකගයි.. මහින්ද ජනපතිටත් දන්වයි.. පුරවැසිභාවය අතහැර එන්න ගෝටා වහා ඇමරිකාවට..

March 26, 2019 at 10:40 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයා ගෝටා… විපක්‍ෂයේ සියළු පක්‍ෂ එකගයි.. මහින්ද ජනපතිටත් දන්වයි.. පුරවැසිභාවය අතහැර එන්න ගෝටා වහා ඇමරිකාවට..

මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ විපක්ෂය නියෝජනය කරන එහි සහායක දේශපාලන පක්ෂවල අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිත වශයෙන්ම ඉදිරිපත් වන බව සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඔස්සේ සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම සදහා අයදුම්පත‍්‍රයක් පසුගිය 6 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාර දී තිබෙන බව ද සන්ඬේ ටයිම්ස් පුවත් පත සහතික කරයි.

මෙම සතියේ විවාහ මංගලෝත්සවයකට සහභාගීවීම සදහා ලොස් ඇන්ජලිස් නුවර බලා යෑමට නියමිත ඔහු ඒ අතරවාරයේම සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ කටයුතු කඩිනම් කරගැනීම සදහා එරට බලධාරීන් ද හමුවනු ඇත. මෙම කි‍්‍රයාවලියට මසකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව ගෝඨාභය මහතාට දැනටමත් දැනුම් දී තිබේ.

ගෝඨාභයගේ අපේක්ෂකත්වයට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ ද අනුමැතිය හිමිව තිබේ.

දෙපක්ෂයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති හමුවක දී මෙම තීරණය සම්බන්ධයෙන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දැනුම්වත් කළ යුත්තේ කවුරුන්දැයි පැනයක් මතු වූ අතර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා නැගී සිටිමින් ”මම ඒක ඔහුට පැහැදිලි කරන්නම්” යැයි කීවේය. නමුත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීවේ නානායක්කාර මහතා එසේ නොකළ යුතු බවයි.

ජනපතිවරයාව මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ යුතු වන්නේ තමා බව රාජපක්ෂ මහතා කීවේය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී තමා රටේ අගමැතිවරයා බවට පත්කිරීම දක්වා දිවූ සංවාදයක් ගොඩනැගී තිබූයේ ජනපතිවරයා හා තමා අතර බව ඔහු පැහැදිලි කළේය. කෙසේවුවත්, මෙය වහාම සිදුනොකෙරෙනු ඇත.

විපක්ෂයේ කටයුතු පිළිබද දැනුම්වත් ආරංචි මාර්ගයක් පවසා සිටි ආකාරයට එය බොහෝ විට සිදුවනු ඇත්තේ මැයි හෝ ජූනි යන මාසවලින් එකකය. එසේ කිරීමෙන් ගෝඨාභය මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ හැකියාවක් පවතින්නේදැයි නිශ්චිතව දැනගැනීමට අවැසි තරම් කාලයක් විපක්ෂයට ලැබෙන බව එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැහැදිලි කළේ ය.

නමුත් ජනපතිවරයා මේ බව ඒ වන විටත් දැනගෙන තිබිණ.

පසුගිය ඉරිදා ඔහු නැවත දිවයින බලා පැමිණ පැය කිහිපයක් ගතවීමට මත්තෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමෙන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න යන මහත්වරුන් කඩිනමින් ඔහුව හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියේය. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ එහි සහායක පක්ෂවල ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඔවුහු එම හමුවේ දී ජනපතිවරයා ඉදිරියේ කියා සිටියහ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පවා එම තීරණයට ඔවුන්ගේ ආශිර්වාදය ලබා දී තිබෙන බවද ඔවුහු කීහ. මෙම පුවත නිසැක වශයෙන්ම ජනපතිවරයා කම්පනයට පත්කිරීමට සමත්වූවක් විය. තත්ත්වය එසේ නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සමග පොදු සන්ධානයක් තනාගත යුතුව තිබෙන්නේ මන්දැයි විමසා සිටීම ජනපතිවරයාගේ ක්ෂණික ප‍්‍රතිචාරය විය.

පසුව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග පැවැති රැුස්වීමකදී, මැයි දින රැළියක් සංවිධානය කළ යුතුව තිබෙන බවටත් – විශාල ජනතාවක් ගෙන්වා පක්ෂයේ දේශපාලන ශක්තිය පෙන්වා සිටිය යුතු බවටත්, ඔහු උපදෙස් දුන්නේය. රැලිය පැවැත්වීමට ස්ථානය ලෙස තෝරා ගැනුණේ ගම්පහ මිරිස්වත්ත කි‍්‍රීඩාංගනයයි.

පසුගිය ජනපතිවණයේ දී ජනපති සිරිසේන මහතා ගම්පහ දිස්ති‍්‍රක්කය ජයග‍්‍රහණය කළේ යන්තම් ඡුන්ද 5000 කිනි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග පැවැති හමුවේ දී පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා හ`ඩ අවදි කරමින් ”මේක තමයි අපේ අවසන් අවස්ථාව, අපි අපේ ශක්තිය පෙන්විය යුතුමයි” යැයි කීවේය. කතාව මැදදී ඔහුට හරස් කැපූ ජනපතිවරයා, ”මේක තමයි අලූත්, ශක්තිමත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයක ආරම්භය” යැයි අවධාරණය කළේය. දෙදෙන අතර මෙම හමුව පැවැත්වුනේ ජනපති සිරිසේන මහතා කුරුණෑගල බලා යෑමට මත්තෙනි.

කෙසේ වෙතත් ජනපති සිරිසේන මහතා කෙතරම් පීඩනයකට ලක්ව සිටියේද යත්, මහින්ද රාජපක්ෂ මහතා මුහුණට මුහුණ හමුවීමට ඔහු උත්සාහ කළේය. එයටම අවස්ථාව සළමින් දෝ, පසුගිය සදුදා ජනපතිවරයා හා විපක්ෂ නායකවරයා අවස්ථා 3ක දී එකිනෙකා මුණගැසුණහ.

අල්ලස් හෝ දුෂණ කොමිසම සකස් කළ අල්ලස හා දුෂණය පිටුදැකීම සදහා වූ කි‍්‍රයාකාරී සැළැස්මක් ප‍්‍රකාශයට පත්කළ අවස්ථාව එදින දෙදෙන හමුවූ පළමු වතාව විය. මහා පරිමාන දුෂණ හා වංචාවලට වැට බැඳීම නිසා නොව, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමට මාධ්‍ය අවධානය යොමුව තිබෙන්නේ කි‍්‍රයාකාරී සැළැස්මක් ප‍්‍රකාශයට පත්කිරීම නිසා විය හැකිය.
දෙවැනි අවස්ථාව වූයේ විවාහ උත්සවයකි.
මහගමසේකර මාවතේ ජනපති නිල නිවස්නයේ දෙදෙන අතර පැවැති හමුව තෙවැන්නයි.

පසුගිය ඉරිදා මෙසේ දෙදෙන අතර පැවැති හමුව විනාඩි 40ක පමණ කාලයකට සීමා විය. සාකච්ඡුා වූයේ කුමන කරුණු ද යන්න ගැන කිසිත් දැනගැනීමට හැකියාවක් නැතත්, නායක දෙපළ ඔවුනොවුන්ගේ හිතවතුන් සමග හුවමාරු කරගත් අදහස් ඇසුරින් සාරාංශයක් ගොඩනැගීමට සන්ඬේ ටයිම්ස් හට හැකිය.

පසුගිය සමයේ සිය හැසිරීම ගැන මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පැහැදිලි කරදීමට දැඩි උත්සාහයක් ගත් ජනපතිවරයා, තමා කිසිදු අයුරකින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ගැති අයුරින් කටයුතු නොකරන බව අවධාරණය කළේය. මෙම කරුණ පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් මනා ලෙස විග‍්‍රහ කැරුණු අතර, එක්සත් ජාතික පක්ෂය හා අදහස් හුවමාරු කරගැනීමට අමතරව අයවැය දෙවන වර කියැවීමේ දී සිය වැය ශීර්ෂය සම්මත කරදීමට සහාය ලබාදීම අරබයා ඔවුන්ට හිතැති ලෙස ජනපතිවරයා කටයුතු කළ ආකාරය ද, පසුගිය සතියේ විස්තර කැරිණ.

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණට දුන් පොරොන්දුවට වෙනස් ආකාරයකට කටයුතු කරමින් ඔහු අභියාචනාධිකරණ සභාපතීත්වයට වෙනත් පුද්ගලයකු ද යෝජනා කර තිබිණ. කෙසේවුවත් පසුගිය සදුදා ව්‍යවස්ථා කවුන්සිලය හමුවූ අවස්ථාවේ, ජනපතිවරයා ලියා දන්වා එවා තිබෙන්නේ සභාපතිවරයකු පත් නොකරන ලෙසත්, තමන් වෙනත් නාම යෝජනාවක් ඒ සදහා එවන බවත්ය. එය සාමාජිකයන්ට දැනගත හැකි වූ අතර, ඒ අනුව රැස්වීම කල් තැබිණ.

පසුගිය ඉරිදා නැවත හමුවූ ව්‍යවස්ථා සභාව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස ඒකමතිකව පිළිගත්තේ ය. ඔහුම පෙර අවස්ථාවක යෝජනා කර තිබූ පරිදි දීපාලි විජේසුන්දර මහත්මියගේ නාම යෝජනාව ජනපති සිරිසේන මහතා විසින් ඉවත් කරගනු ලැබ තිබූ නමුත් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සහ එහි සහායක පක්ෂවල කැමැත්ත ද හිමිව තිබුණේ ඇයටය.

සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය – කෝවිද ගුණසේකර
– lankadeepa

71,394 Viewers

12 Comments to “ජනාධිපති අපේක්‍ෂකයා ගෝටා… විපක්‍ෂයේ සියළු පක්‍ෂ එකගයි.. මහින්ද ජනපතිටත් දන්වයි.. පුරවැසිභාවය අතහැර එන්න ගෝටා වහා ඇමරිකාවට..”

  1. හැකහැක says:

    මහින්ද ගෝඨව මුට්ටියකට අරගෙන….මුට්ටිය දාලා බලනවා වගේ ගෝඨාව දාලා බලනවා අනෙක් පැත්තෙන් මොන වගේ පොලු පාරක්ද වදින්නේ කියලා….ගෝඨා මේ මොකුත් දන්නෑ.

  2. my3 says:

    metharam ratata winasayak karala, janapthikama balu karala, widayak balaya chappa choros karala, noj bat balayanta onawidiyata janapthi kame gaurawaya nathi karala, obata ayithiyak thibenawada nawatha janapthi wenda chandeta ena. oba hithanawada merate minisu nawatha sakkaraya kiuwth obata chande deyi kiyala. minissunta obawage durwala nayakayek awasi natha natha natha.

  3. Sam Fernando says:

    It is good that they have confirmed Gota’s candidacy to the president. Now they can take teir own discissions. President knows that the whole country is asking for Gota. It’s a trend in the island now. Even JVPers in rural areas have started to support Gota. Many UNPers already joined. Gota may get more Muslim votes than UNP candidate.
    Unprecedented victory is imminent.

  4. David Milli-banda says:

    Final straw for SL…………… Gota for Presidency.
    Grab the opportunity people….Its Now or never.

  5. prabath says:

    ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    අද පෙරවරුවේදි පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පැවැසූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

  6. Aurora says:

    හම්බන්තොට වරාය විකුණන විටදී ඒකට උදව් කලේ SLFP පරයෝ තමයි. චන්ද කල්දමන්න UNP යටත් වඩා උනන්දු වුනේ මුන්. පළමු මහබැංකු වංචාව එළිදරව් වෙන එක වලක්වන්න පාර්ලිමේන්තුව විසිරෙව්වේ SLFP නායක සිරිසේන. මේක තමයි අන්තිම වාරය UNP නරා වලෙන් ඉවත්වෙන්න. නැතිනම් දේශද්‍රෝහී පක්ෂයක් ලෙස SLFP ය ලේබල් වෙන එක වලක්වන්න SWRD බණ්ඩාරනායක වලෙන් නැගිටලා ආවත් බැහැ. රනිල්ව හරියට අඳුනනවානම් ආපහු රනිල් අතට බලය ගියාම රනිල්ට එරෙගිව කතාකරපු SLFP මන්ත්‍රීවරු සහ ජනාධිපති සිරිසේනට වෙනදේ හිතන්නවත් බැහැ. මේ මෝඩයෝ මතක්කරගත යුතුයි රනිල් තමුන්ගේම පක්ෂයේ ඉමිටියාස් බාකිර් මාකර්ට, සිරිසේන කුරේට, රුක්මන් සේනානායකට, තිස්ස අත්තනායකට, බුද්ධික පතිරණට දුන්න පනිෂ්මන්ට්. රනිල්ට UNP මන්ත්‍රීවරු 113 ලැබුණානම් මුන් ඉවරයි. මහින්දට බැන්නට රිටර්න් නැහැ රනිල්ගෙන් වගේ.

  7. Kadiya says:

    ”මේක තමයි අලූත්,අව ශක්තිමත්, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයක ආරම්භය. ඒකෙ චන්ද ප්‍රතිශතය 5% දක්වා පවත්වා ගනිමින් JVP යට වඩා ඉහලට නංවන බව ප්‍රකාශ කළේය” කිව්වානම් තමයි හරි.

  8. rohantha says:

    It is not SLPP or the Voters decides whether Gota is going to be President. US will Decide it.

  9. කැලණියෙ දමියා says:

    ගෝඨාභයට බනින්නේ නැතුව එජාපයට තියෙන්නේ තමන්ගෙ ඉන්න පදුරක් හොල්ලපු ගමන් දුවන අපේක්ෂකයන් ගෙන් කෙනෙක් දාන එකයි. බය වෙන්න දෙයක් නැහැනෙ නියම බඩු ටිකක් ඉන්නවනෙ.

  10. LION says:

    සංගයවහන්සේලා ගේ උපකාර සමග අතීතයේදී ගැමුනු රජ රට එක් සේසත් කර රට පෝෂණය කලා ඒ කාලය දැන් නැවත ඇවිත්

  11. Sepalika Ranatunge says:

    The only hope for our beloved motherland is Mr. Gotabaya Rajapakse.

Main News