ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන්ම පමණයි.. වෙන කිසිවෙකු නොවේ..- බැසිල් එලිපිටම කියයි..

March 10, 2019 at 3:25 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන්ම පමණයි.. වෙන කිසිවෙකු නොවේ..- බැසිල් එලිපිටම කියයි..

දෙසැම්බර 07 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ස්ථිර වශයෙන්ම ඉදිරිපත් කරන්නේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයෙක් බව එම පක්‍ෂ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

එහ අපේක්‍ෂකයා ස්ථිරවම එම මැතිවරණයෙන් ජයගන්නා බවත් ඔහු දෙසැම්බර 09 වැනිදා ජනාධිපති ලෙස දිවුරුම් දෙන බවත් ඒ මහතා සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂයේ කළුතර දිස්ත‍්‍රික් කාන්තා බල මණ්ඩලය අමතමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපි අපේක්‍ෂකයා කවුදැයි නම් කරනු ඇති බවත් ඒ කවුරුන් වුවත් ඔහු දිනවීමට කටයුතු කරන බවත් බැසිල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

32 views
Main News