ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ..- අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..

April 16, 2019 at 2:10 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ..- අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..

වසර අවසානය පෙරාතුරව පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිසැක ජයග්‍රාහකයා බිහිවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු රට හදන, රට දිනවන වේදිකාවක් බව පැවසූ රණතුංග මහතා එම පෙරමුණේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑ අයකුට එම වේදිකාවට ගොඩවිය හැකි බවත් දේශද්‍රෝහී යහපාලන ආණ්ඩුවට එරෙහි ප්‍රබලතම පෙරමුණ බිහි වන්නේ එම වේදිකාවෙන් බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කෙළ් මිනුවන්ගොඩ ආසනයේ ව්‍යාපාරික ප්‍රජාව උඩුගම්පොළ දී මුණගැසුණු අවස්ථාවේදීය.

මන්ත්‍රිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මෑත ඉතිහාසයේ උදාවෙච්ච අන්තිම නරකම සිංහල අවුරුද්ද තමයි 2019 දී අපට සමරන්න වෙලා තියෙන්නේ. මේ අවුරුද්ද නරක් වෙලා තියෙන්නේ නැකතේ වරදකින්වත්, ජනතාවගේ වරදකින්වත් නෙමෙයි, ආණ්ඩුවේ වරද නිසයි. මිනිස්සුන්ට බඩට කාලා, ඉණට ඇඳලා ඉන්න නැති අවුරුද්දක් උදා වුණේ මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩපිළිවෙළ නිසයි.

අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750ත් පැනලා. අල කිලෝ එකක් රුපියල් 150යි. ඇඳුම් පැළඳුම් ගත්තත් එහෙමයි. මිනිස්සුන්ට මේ උදා වෙලා තියෙන් කන්න නෙමෙයි ලෙවකන්න වෙන අවුරුද්දක් කියලා අපි කියන්නේ ඒකයි.

2015 දී යහපාලන ආණ්ඩුව රටේ බිහිවෙන කොට රට තිබුණු තැනයි අද රට තියෙන තැනයි සන්සන්දනය කරලා බලන්න. මේකට දේශපාලනය ගාව ගන්න එපා. පාට කණ්නාඩි ගලවලා බලන්න 2015 දී කටට රහට කාපු අපි අද ලෙවකන තත්ත්වයට වැටිලා නැද්ද කියලා. අවුරුදු හතරක් වගේ කෙටි කාලයක් ඇතුළත රටට මේ වගේ තත්ත්වයක් උදා කරපු එක විශ්වකර්ම වැඩක්.

මේ ආණ්ඩුව පහුගිය අවුරුදු හතරට කරපු එකම වැඩක්වත් තියෙනවද? කුලියාපිටියට වොක්ස්වැගන් ගෙනාවා කියලා ජනතාව රැවට්ටුවා. අන්තිමට වොක්ස්වැගන් කොම්පැණියම කිව්වා තමුන් ලංකාවේ ප්‍රොජෙක්ට් එකක් කරලා නැහැ කියලා. හම්බන්තොටට තෙල් පිරිපහදුවක් ගෙනාවා කිව්වා. අන්තිමට ඒකත් පට්ටපල් බොරුවක් කියලා ඔප්පු වුණා.

බොරුවට පම්පෝරි ගහලා විවෘත කරන්නේ 2015ට ඉස්සර අපි පටන් ගත්තු වැඩ මිසක් මේ ආණ්ඩුවේ වැඩ නෙමෙයි. ආණ්ඩුවේ ඇමැතිලා බෙලිඅත්තට ගිය කෝච්චියේ ආඩම්බරෙන් නැගලා ගියාට ඕවා හැදුවේ අපේ ආණ්ඩුවෙන් කියන එක මිනිස්සුන්ට අමතක නැහැ. මේ අයට විවෘත කරන්න වගේම විකුණන් කන්නත් ඉතුරු වෙලා තියෙන්නේ අපි හදපුවා තමයි.

ආර්ථික ඔස්තාර්ලා ඉන්නවා කිව්වට අවුරුදු තුනෙන් රටේ ආර්ථිකය බින්දුවට වැටුණා. මහ බැංකුව මංකොල්ල කාලා රට විනාශ කිරීමේ වගකීම ගන්න අද කවුරුත් නැහැ. අගමැතිවරයා හෝ මුදල් ඇමැතිවරයා වගේ වගක් නැතුව ඉන්නවා. හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවට වෙලා සැපට ඉන්නවා. අන්තිමට ජනතාවට තමයි හැම එකකම පාඩුව විඳින්න වෙලා තියෙන්නේ.

අද රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමේ අභියෝගය ජයගන්න පුළුවන් එකම කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් පොහොට්ටුවේ කණ්ඩායම පමණයි. මුළු රටම අප කෙරෙහි විශ්වාසය තබා තියෙනවා. ආණ්ඩුව ඒක දන්න නිසා තමයි කිසිදු මැතිවරණයක් පවත්වන්නේ නැතුව හැංගි මුත්තන් කරන්නේ. ආණ්ඩුවේ අවසානයේ ආරම්භය ඊළග මැතිවරණයෙන් ආරම්භ වෙනවා.

අපි අවුරුදු හතරක් තිස්සේ මේ ආණ්ඩුවට එරෙහිව සටන් කළා. ජනාධිපතිවරණයට තව ඉතුරු වෙලා තියෙන්නේ මාස පහක විතර කාලයක්. ඒ ටිකත් ඉවසලා ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්න අපට හැකියාව තිබෙනවා. අලි, කොටි, සීනු තුන් හවුල එක මිටට අරගෙන පරද්දන්න ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට හැකියාව තිබෙනවා.

පොදුජන පෙරමුණ කියන්නේ පක්ෂයක් විතරක් නෙමෙයි රටම එකට එකතු කරන වේදිකාවක්. ඒ වේදිකාවට අපේ ප්‍රතිපත්තිවලට ගරු කරන ඕනෑම කෙනකුට ගොඩනගින්න පුළුවන්. අපේ වේදිකාව කාටත් ගරු කරන, කාගේ අදහසුත් ප්‍රතික්ෂේප නොකරන තැනක්. ඒක රට හදන වේදිකාවක්. ඒක රට දිනවන වේදිකාවක්. ඊළඟ ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරන අපේක්ෂකයා බිහිවෙන්නේ අපේ කඳවුරෙනුයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

26,223 Viewers

17 Comments to “ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවෙන් පමණයි.. වෙන කිසිවෙකුට නෑ..- අලුත් අවුරුද්දේ මුලින්ම පොහොට්ටුවෙන් සැර ප‍්‍රකාශයක්..”

  1. It is obviously fair ,just and reasonable the opposition presidential candidate to be from POHOTTUWA,if the candidate to emerge victorious.The Nation too,expect it.

  2. අප්පුහාමි says:

    ජනාධිපති අපේකෂකයා මේ කිසිම පක්ෂයක කෙනෙක් නොවිය යුතුයි.
    ඔහු මේ වසලයන් 225ට සම්බන්ද කෙනෙක් නොවිය යුතුයි.
    වසලයන් පිරිවරාගත් හෝ උන් සමග ගැවසෙන කෙනෙක් නොවිය යුතුයි.
    ද්විත්ව පුරවැසියෙක්ද නොවිය යුතුයි.
    අන්තවාදි ආගමිකවාදියෙක් හෝ ජාතිවාදියෙක් නොවිය යුතුයි.
    උගතෙක් බුද්ධිමතෙක් විය යුතුයි.
    හොරකම්,මිනීමැරම්,දූෂණ චෝදනා නැති අයෙක් විය යුතුයි.
    උපන් බිම ලක් මාතාවට ජය වේවා !!!!!

    • By Stander says:

      Nobody is 100 per cent perfect. Such imaginary persons may have not born even either in Sri Lanka or in the whole world , unless an another religious leader and a new religion emerges in this Century. These are just the mean tactics to divert the patriotic peoples’ votes, to pave the way to the candidate , who comes with the blessings of the enemies of our motherland’s sovereignty . Then, first of all , ask to dissolve the so called parties with racial and relious names such as Muslim congress, Illangei Tamil Arasu Kachchu etc , , without insisting only the Sinhala people to do it. Bull Shit.

      • අප්පුහාමි says:

        By Stander වසලයන් ,ද්විත්ව පුරවැසියන්, හොරැන්,මිනීමරැවන්,දූෂිතයන්, ආගමික අන්තවාදින් ජාතිවාදීන් යන වචන වලන් ඔබට බොහෝ රිදී ඇති බව පෙනේ…ඔබ විලිලජ්ජාවක් නැතිව ඔවුන් වෙනුවෙන් කතාත් කරනවා.අවාසනවක්.

        • සිරිතේක්කු says:

          කලින් ද්විත්ව පුරවැසි භාවය තිබිල දැන් අයින් කරගෙන ඇති අයෙක් නම් කමක් නෑ නේද, අප්පුහාමි අයියේ?

          • රාලහාමි says:

            ඒ වුනාට මූ ඊලඟ සැරේ කියයි, කලින් ද්විත්ව පුරවැසිකම් ලබාගත් අයත් එපා උනුත් වසලයො කියල.

          • අප්පුහාමි says:

            තාන්න මාන්න සදහා පුරවැසිකම ලබා ගැනීමත් තාන්න මාන්න සදහා පුරවැසිකම ඉවත් කර ගැනීමත් යන දෙකම වසල ගති නෙවේද?

    • Hewawissa says:

      60 – 70% of ordinary people will agree with you.But lunatic baiyyas and Toyyas will not.
      Our motherland has so many people with above mentioned criteria.
      Down with lunatic baiyyas and Toyyas.

    • දප්පුල says:

      එතකොට දැන් තොපි නාගයාව ෆෝම් කරන එක නතර කරලද?

      මිනිහා වංචාවකට කස්ටම් එකෙන් පන්නපු හාදයෙක්ලු නේද?

  3. sathya says:

    Yes Appuhami.

    Rohan Pallewatte is going to contest in President Election. He is not into any political party.

  4. Asoka Liyanage says:

    ද්විත්ව පුරවැසියෙක්ද නොවිය යුතුයි කියල විතරයි නේ කියන්න ඕනේ වෙලා තියෙන්නේ. වටෙන් යන්නේ නැතුව ඔය ටික විතරක් කිව්වනම් ඉවරයි නේ.

  5. Asoka Liyanage says:

    The Patriotic Citizens කියල නම දාගෙන ඉන්නේ ගෝඨාභය භිතිකාවන් පෙලෙන සර්පයෙක්.

  6. prabath says:

    Hiks, hinath yanawa
    sihina witarai
    next president is Hon. M Sirisena

  7. Mangala says:

    ”අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750ත් පැනලා.”
    මොන තරම් අපහාසයක්ද මේ කරන්නේ සාමාන්‍ය මිනිසුන්ට. කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්න සිංහල අවුරුද්ද වෙනකම්ම ඉන්නවද මිනිස්සු. කුකුල් මස් නැතුවට මේ සිංහල රටේ වෙන කැම නැද්ද කටට රහට කන්න මිනිස්සුන්ට.

    මේ කියන පුද්ගලයට නම් කුකුල් මස් නැතුව කටට රහ එන්නේ නැහැ කියලා පේනවා සයිස් එක බැලුවම.

Leave a Comment

Main News