ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රීම තමයි.. අප නැතිව පොහොට්ටුවට දිනන්න බෑමයි.. පොහොට්ටුව සමග සාකච්චා කොටි සමග සාකච්චා වගෙයි..- දයාසිරි

March 17, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රීම තමයි.. අප නැතිව පොහොට්ටුවට දිනන්න බෑමයි.. පොහොට්ටුව සමග සාකච්චා කොටි සමග සාකච්චා වගෙයි..- දයාසිරි

මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව ජය ගැනීමට නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ශ‍්‍රීලනිපය සතු ඡන්ද ලක්‍ෂ 14 අනිවාර්යෙන්ම අවශ්‍ය බවද ඔහු කියා සිටී.

ශ‍්‍රීලනිපය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ස්ථිර වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවත් පවසන ඔහු එසේ කිරීමට තම පක්‍ෂයට අයිතියක් ඇතැයිද සදහන් කරයි.

පොහොට්ටුව සහ ශ‍්‍රීලනිපය අතර පැවැත්වෙන සාකච්චා කොටි සංවිධාය හා ශ‍්‍රී ලංකා රජය අතර පැවති සාකච්චා ආකාරයේ බවත් මුල්ම යටයේදි අවි බිම තබා යටත් වීමට කොටි සංවිධානය කැමති නොවූ බවත් මහ ලේකම්වරයා කියයි.

ශ‍්‍රීලනිප ජන හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

72 views

18 Comments to “ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රීම තමයි.. අප නැතිව පොහොට්ටුවට දිනන්න බෑමයි.. පොහොට්ටුව සමග සාකච්චා කොටි සමග සාකච්චා වගෙයි..- දයාසිරි”

  1. 77 UNP says:

    SLFP ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණට කවදත් ලැබෙන චන්ද එහෙම තොග වශයෙන් තමින්ගේ චන්ද කියල එහෙම වෙන්කර ගන්න බැහැ. UNP, JVP, MC, TNA ආදී චන්ද සහ ක්‍රිස්තියානි ආගමික චන්ද එහෙම නායකයන්ට මෙහෙයවන්න පුළුවන්. නමුත් SLFP ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණේ චන්දදයකයන් බහුතරය වන සිංහල බෞද්ධ චන්ද එහෙම පාලනය කරන්න බැහැ. ඔවුන් බුධිමත්, තර්කනුකුලව හිතන ඒ වගේම UNP විරෝධී ප්‍රබලම බලවේගයට තමයි චන්දෙ දෙන්නේ. අමතක කරන්න එපා රනිල්ට විරුද්ධ විශ්වාස භන්ගෙන් පසු මන්ත්‍රීවරු 15 ක් පොහොට්ටුවට එක්වුණා. ඊළඟ ජනාධිපති වරණය ප්‍රකාශකළ වහාම තවත් 15 වත් SLPP එකට යනවා. එතකොට සිරිසේනට උපරිම ලක්ෂ 4. තුන්වැනි බලවේගය බවට පත්වෙන්න JVP සමඟ මාරාන්තික සටනක් තියනවා.

    • viraj says:

      “ක්‍රිස්තියානි ආගමික චන්ද එහෙම නායකයන්ට මෙහෙයවන්න පුළුවන්”

      “බහුතරය වන සිංහල බෞද්ධ චන්ද එහෙම පාලනය කරන්න බැහැ. ඔවුන් බුධිමත්, තර්කනුකුලව හිතන ”

      Are you mad .,?
      How come you thought like that ..??
      what an idiotic comment…

  2. NAK says:

    By now even the SLFP’ers at the grass root level would have realized that there is absolutely no point in electing Sirisena as President as he has proven beyond any doubt that he is a useless ass.
    The die hard SLFP’ers now have only one option and that is to vote SLPP and prevent another UNP horror peroid.

  3. vishnu says:

    ඊළඟ මැතිවරණය එනකම් කැහ කැහ හිටපන්
    ඊට පස්සේ ගෙදර තමයි

  4. Vichara says:

    The belief that SLFP will retain the 14% vote back they had in Feb 2018 is a stretch imagination. SLFP has ignored the wasi patthata hoiya theory. Why should any intelligent voter by voting with the SLFP throw away his vote when he has a better option. They will move with the SLPP RALLA.

  5. සිංහලයා says:

    හපොයි SLFP එක පොඩි චන්දෙදි ගත්හ ප්‍රතිෂතේ හැමෝම දක්කනේ . විහිලු නොකර ඉදින් මලේ

Main News