ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රීම තමයි.. අප නැතිව පොහොට්ටුවට දිනන්න බෑමයි.. පොහොට්ටුව සමග සාකච්චා කොටි සමග සාකච්චා වගෙයි..- දයාසිරි

March 17, 2019 at 10:00 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රීම තමයි.. අප නැතිව පොහොට්ටුවට දිනන්න බෑමයි.. පොහොට්ටුව සමග සාකච්චා කොටි සමග සාකච්චා වගෙයි..- දයාසිරි

මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට තනිව ජය ගැනීමට නොහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මීලග ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම් ශ‍්‍රීලනිපය සතු ඡන්ද ලක්‍ෂ 14 අනිවාර්යෙන්ම අවශ්‍ය බවද ඔහු කියා සිටී.

ශ‍්‍රීලනිපය ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ස්ථිර වශයෙන්ම මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බවත් පවසන ඔහු එසේ කිරීමට තම පක්‍ෂයට අයිතියක් ඇතැයිද සදහන් කරයි.

පොහොට්ටුව සහ ශ‍්‍රීලනිපය අතර පැවැත්වෙන සාකච්චා කොටි සංවිධාය හා ශ‍්‍රී ලංකා රජය අතර පැවති සාකච්චා ආකාරයේ බවත් මුල්ම යටයේදි අවි බිම තබා යටත් වීමට කොටි සංවිධානය කැමති නොවූ බවත් මහ ලේකම්වරයා කියයි.

ශ‍්‍රීලනිප ජන හමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

95 views

18 Comments to “ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රීම තමයි.. අප නැතිව පොහොට්ටුවට දිනන්න බෑමයි.. පොහොට්ටුව සමග සාකච්චා කොටි සමග සාකච්චා වගෙයි..- දයාසිරි”

  1. prasanna says:

    JANADIPATHI THUMATA JAYAWEWA !!! SRIMATH JANADIPATHI THUMATA JAYAWEWA !!!

    • Amda says:

      බකල කොට ඉබ්බෙක්
      අහසින් යයිද ගමනක් ……………. ??

      මහ ලොකු ශ්‍රිලනිපයෙ ඉරණම චූටි ඡන්දෙන් දැක්කනෙ .. යන්තන් රෙද්දවත් බේරගන්න ඕනෙ නම් පොහොට්ටුවෙ පිහිටම තමයි …නැත්නම් ඉතින් ආපහු එජාපයට තොලොන්චි වෙන්න.
      දැන් ඉතින් කොහෙට ගියත් 2nd class නිසා ඡන්ද ලැබෙයිද සැකයි.

  2. On looker says:

    He seems to play the role of a devil’s advocate.But under present circumstances,the people feel that the Pohottuwa is capable of emerged victorious ,even if they contest alone,if the S.L.F.P.prepares to play a double game.

  3. Sepala says:

    මෛත්‍රී බටහිර පිල්ලියක බව නැවත සනාථ වේ. ඩිලාන් පෙරේරා යනු ඩොයිලිවාදී ඔත්තුකරුවන් ගෙන් කෙනෙකි. විජේදාස අන්තිමේ මෛත්‍රීපාල වෙනුවෙන් වැඩ කරනා බටහිර රූකඩයෙකි. පොහොට්ටුවට මේවා වටහා ගැනීමට හැකියාවක් තිබේද? රෑ වැටුණු වලේ දවල් වැටීමට පොහොට්ටුව සූදානම් ද? විමල් සහ ගම්ම්න්පිල මේවා තේරුම් නොගන්නේ ජනාධිපති නීතිඥ වරුන්ගේ පදයට නටන නිසාද?

  4. my3 says:

    slfp ekata dagana hoda mahalekam warayek thoraganna ms ta bari una. issella dumiya dala anagatha, dan rilawa dala nagannawa.

  5. S.B. says:

    මේ දයාසිරියාගේ නමත් අර්ජුන් ඇලෝසියස්ගේ හොරුන්ගේ ලැයිස්තුවේ උඩින්ම තිබ්බා….දැන් දැන් මේ ප්‍රකාශ වලින් හොඳටම ඒක ඔප්පුවෙනවා මෙයාගේ ගේම් එක මොකක්ද කියලා…හිටං…..

  6. පොරමෝලා says:

    ලොක්ක ලව් කරන්න හැදුවයි කියාගෙන ශ්‍රී ලංනිපෙ ට පැන්න මොහු වැඩ කරන්නේ පරණ ලොක්කටමයි

  7. Viparamaa says:

    Do you mean to say that Present S.L.F.P.leaders are also like, those who were in the L.T .T.E.? Your words and deeds cannot be trusted as those of L.T.T.E.ers ?

  8. Aurora says:

    මේ මෝඩයා මොනවා කිව්වත් මෛත‍්‍රීපාල සිරිසේන කිසිදා SLPP හෝ UNP ප්‍රමුඛ සන්ධානයකින් හැර වෙනත් පක්ෂයකින් ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නැහැ. අන්ත බලු පරාජයක් නියත බව දන්නවා. ඉදිරි ජනාධිපතිවරණයේදී තමුන් අතේ චන්ද ලක්ෂ 4 ක් තියන JVP යද ඉල්ලන නිසා 3 වන ස්ථානය සඳහා මරාගෙන මැරෙන සටනක් දෙන්න SLFP එකට සිද්ධවෙනවා සහතිකයි. SLFP එකට චන්ද ලක්ෂ 14 තියනවා කියන ගණන් ගැනීමම මන්දබුධිකයි. පළාත් පාලන මැතිවරණයකදී අපේක්ෂකයන් හට ඇති පෞව්ද්ගලික හේතු සාධක මත ලැබෙන චන්දත් එක්ක තමයි ලක්ෂ 14 හැදුනේ. ජනාධිපතිවරණයේදී චන්ද බෙදෙන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර මිස තුන් වැන්නෙකුට අවස්ථාවක් නැහැ. පළාත්පාලන චන්දෙට පෙර පොහොට්ටුවේ බලය රටට පෙනුනේ නැති නිසා SLFP දෙවන බලය ලෙස චන්ද ලබාගෙන තමයි ලක්ෂ 14 ගත්තේ. නමුත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට තරඟ කලොත් ඒ සාධකය අද නැති නිසා (SLPP > SLFP ) නිසා අනිවාර්යෙන්ම UNP විරෝධී චන්ද SLPP එකට දෙනවා ඇරෙන්න SLFP එකට දෙන්නේ නැහැ. ඒ ඇරත් සිරිසේන කියන්නේ කිසිම විශ්වාසයක් තියන්න බැරි මිනිහෙක් කියන එක රටට ඔප්පුවෙලා ඉවරයි. ඒත් එක්ක සුසිල්, අනුර යාපා ඇතුළු බොහෝ ජනප්‍රිය චරිත දැන් SLPP සමඟ නිසා ඔවුන්ගේ පෞව්ද්ගලික චන්දත් දැන් SLFP එකට ලැබෙන්නේ නැහැ. UNP ය සිදුකරපු විනාශකාරී වැඩ සියල්ලම සඳහා බලය ලැබුනේ සිරිසේන ජනාධිපතිගෙන් කියන එක රටවැසියා විශ්වාස කරනවා. ඒ නිසා SLFP එක චන්ද ලක්ෂ 4-5 අතර ගණනක් හෝ ගැනීම ඉතා අසීරුයි. හොඳම දේ නම්බු කට්ට බේරාගෙන SLPP සමඟ එක්වීමයි.

  9. citizen says:

    Oyagollo ekathuwunath nathath slfp chanda 14 n adumavasen laksha 6k gotata hambawenawa. Pohottuwe laksha 58 ta met laksha 6 ekathu wecha gaman laksha 64. Aluth chanda laksha 17 n laksha 8 got a gathath laksha 72 .gota 52% dinanawa. Aluth sinhala chanda laksha 16 n gotata adumatharame laksha 12 wath labenna idea thiyanawa.etha kota 55% dinai.unp sandanaya + tna 33% gani.jvp 7% gani. Maithree 6% gani.

  10. බන්ඩා says:

    පලාත්පාලන චන්දයෙදී සිරිසේන ගෙ ශ්‍රිලනිප සංධානය පොහොට්ටුවට සහ යූඑන්පීයට විරැද්ධව 14% ක් ගත්තා. ජනාධිපතිවරණයකදී අර 14% සිරිසේනට ලැබෙය්ද?

    තුන්කොන් ජනාධිපතිවරණ සටනකදී අලිකොටිහම්බ අපේක්ෂක රනිල් පලාත්පාලන චන්දයෙදී එජාප ලබාගත් 32% සහ සිරිසේනගේ 14%න් 1/4ක් පමන සහ අර 32%ට අයත් නැති දෙමළ/මුස්ලිම් චන්ද 9/10ක් ලබා ගෙන 45%-46%ක් ලබාගනීවි.
    ගෝටාට පලාත්පාලන චන්දයෙදී පොහොට්ටුව ලබාගත් 44% සහ ශ්‍රිලනිප ලබාගත් 14%න් 1/3 ක් සහ අර 44%ට අයත් නොවන දෙමළ/මුස්ලිම් චන්ද වලින් 1/10 සමග මුලු එකතුව 49.5% ලැබෙනු ඇත. සිරිසේනට ලැබෙන්නේ අර 14%-14/4-14/3 හෙවත් 7% කට අඩු ප්‍රතිශතකයකි. සිරිසේනගේ 14%න් බාගයකට වැඩියෙන් බා ගත්තොත් පමනක් ගෝටා නිසැකයෙන්ම ජනපති වනු ඇත.

    • Kadiya says:

      පළාත් පාලන චන්දෙ වෙනකොට සිරිසේන සමඟ SLFP පොදු ජන එක්සත් පෙරමුණේ චන්ද 40 ක් තිබුන අතර ඒ 40 දෙනාගේ සහභාගිත්වයෙන් තමයි එම පළාත් සභා චන්දෙදි 14% චන්ද ලබාගත්තේ. එම චන්දෙන් පසුව පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 15 දෙනෙක් මහින්ද සමඟ එකතුවුනා. ඒ සමඟම 15% අනිවාර්යෙන්ම 10% දක්වා අඩුවීම නියතයි. මතක තියාගතයුතු කාරණයක් නම් ඊළඟ ජනාධිපතිවරණය ප්‍රකාශ කල වහාම තවත් එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 15 දෙනෙක් මහින්ද සමඟ එකතුවෙනවා කියන එක. එදාට සිරිසේනට ඉතුරුවෙන්නේ 10 දෙනයි. ඔවුන්ගේ අධාරකාරයෝ ස්වල්ප දෙනෙක් පමණයි. එතැනින්ද ඉතා දැඩි පෞවුද්ගලික තරහ නැති බොහෝ දෙනෙක් නියත පරාජය ලබන SLFP එකෙන් ගැලවිලා මහින්ද ලඟට එනවා. සිරිසේන ජනාධිපතිවරණයට ඉල්ලුවොත් JVP එකට උඩින් එන්න දැඩි සටනක් කරන්න වෙනවා.

Main News