ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී පමණයි.. පොහොට්ටුවන්ට ඔ්න විදිහට නටන්න අප සූදානම් නෑ..

April 13, 2019 at 3:00 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී පමණයි.. පොහොට්ටුවන්ට ඔ්න විදිහට නටන්න අප සූදානම් නෑ..

මීලග ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂකයා වෙන කිසිවෙකු නොව වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාම බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මොන පක්‍ෂය සමග සන්ධාන ගතවුවද ශ‍්‍රීලනිපයේ අනන්‍යතාවය එලෙසම තිබිය යුතු බවත් ශ‍්‍රීලනිපය යටකර කිසිම සාකච්චාවක් කිරීමට සූදානම් නැති බවත් ඔහු කියා සිටී.

පොහොට්ටුවේ ඇතැමුන් කියනා ලෙස ශ‍්‍රීලනිපය පොහොට්ටුවට යට කරන්න කිසිම සූදානමක් නැතැයිද ඒ මහතා අවධාරණය කරයි.

ශ‍්‍රීලනිපයේ සහාය නැතිව කිසිවෙකුට ජනාධිපතිවරයෙක්, ආණ්ඩුවක්, පලාත් සභාවක් දිනන්න බැරි බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ අනුරාධපුර ශ‍්‍රීලනිප කාර්යාලයේදී මාධ්‍ය අමතමිනි.

65 views

27 Comments to “ජනාධිපති අපේක්‍ෂකයා මෛත‍්‍රී පමණයි.. පොහොට්ටුවන්ට ඔ්න විදිහට නටන්න අප සූදානම් නෑ..”

  1. උඹලා ටික නැටවිලාම යයි ඊලඟ චංඳයේදී උඩදාගෙන නගෙනම ඉඳපන් ගංජා ගුලියා?????

Main News