ජනාධිපති අපේක්‍ෂකලා දැනටම 04යි.. එජාපයේ දැඩි අර්බුද..

July 31, 2019 at 6:47 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂකලා දැනටම 04යි.. එජාපයේ දැඩි අර්බුද..

ඉදිරියේදි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා පිලිබදව පක්ෂය තුල අර්බුද රැසක් මතු වි ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාම රංජිත් සොයිසා මහතා පැවසිය.

රංජිත් සොයිසා මහතා එබැව් කියා සිටියේ නුවරඑලිය සෙන්පති මැදුරේදි අද (31) පැවැති විශේෂ මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු රංජිත් සොයිසා මහතා කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණින් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා දැනටමත් තොරාගෙන ඇති බවත්, එම පක්ෂයේ දින විමට අවශ්‍යය සියළුම කටයුතු මේ වන සිදු කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් එක් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපෙක්ෂකා ලෙස ඉදිරිපත් කල යුතු බව පවසද්දි තවත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක සහ වර්තමාන අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහාතා ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරි පත් කල යුතු බව පවසනබව රංජිත් සොයිසා මහතා කියා සිටියි.

එම කණ්ඩායම් දෙකටම විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ තවත් කණ්ඩායමක් ජනාධිපති අපෙක්ෂකයා ලෙස කථානායක  කරු ජයසුරිය මහතා ඉදිරිපත් කර යුතු බව පවසද්දි එක්සත් ජාතික පක්ෂයේ ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා ජනාධිපති  අපෙක්ෂකයා කන්ද උඩරට නියෝජනය කරන අයෙකු විය යුතු බවට පවසන බවයි රංජිත් සොයියා මන්ත්‍රි වරයා කියා සිටින්නේ.

මෙම මාධ්‍යය සාකච්ඡාවට කළුතර දිස්ත්‍රික් පාම ප්‍රියාල් දිසානායක මහතාද සහභාගි විය

– හැටන් රංජිත් රාජපක්ෂ

22 views

7 Comments to “ජනාධිපති අපේක්‍ෂකලා දැනටම 04යි.. එජාපයේ දැඩි අර්බුද..”

  1. RAYMOND says:

    එජාපයේ කිසිම අර්බුදයක් නෑ සදාකාලික නායකයා රනිල්

    • Modapala says:

      ආයිත් අහල?
      මැරුණට පස්සෙත්!

    • ක්‍රිස්ටෝපර් says:

      එජාපයේ කොපමන අභ්‍යන්තර ආරවුල් තිබුනත් ඒ සියල්ල වසන්කර විපක්ෂය සහ වෙල්ගම අතර
      ඇති සුලු වෙනස්කම පමනක් කෙන්ද, කන්දකර පෙන්නන්ඩ එජාප නායකයො දක්ෂයි.

  2. Gayantha says:

    පිස්සද ! ඕකේ ඒට වඩා අපේක්ශකයෝ ඉන්නවානේ.
    කොලඹ පිස්සු හාමූ
    කොලඹ බැන්කු සුද්දා රවී
    ගම්පහ ගෙබි කරූ
    කලුතර ගෙබි රාජිත
    උඩරට ගොනා ඇල්ල
    නුවර ගෙබි නවීන්
    කුරුණෑගල හාමුගේ කොල්ලා අකී
    අනුරපුරේ චන්ද්‍රානී
    නැගෙනහිර හොර දයා
    ගාලූ සූත්තර පුන්චා වජී
    හම්බන්තොට වද සජී
    මොනරාගල බන්ඩා
    මාතර සාගා
    ගම්පහ ජෝන් සීනා

    මේ දිස්ත්‍රික්ක වල මිනිස්සු තමන්ගේ එකෙක් ගොඩ දාගන්න බලන්න !

  3. Sun says:

    I cannot understand who is fighting for the freedom of this country. Why all have disillusioned minds as most of our people are said be educated well. There is something wrong with our thinking system. All have no backbones to express the views to come out of this world full of injustice. If not untrustworthy mentality built up within the people due to depression due happenings against law of the world. All are running after money and no time to think about the happenings. It is hard to believe but is happening round the world today.

  4. kamal says:

    මම දන්න විදියට ගෝටා සිරිසේන ජවිපෙ ඇතුලු 225ම හොරු නමුත් අපිට මනුස්සකමක් තියෙනවා. ඒ තමයි ශාසනය රකින්න නමුත් දේශපාලනය කරනවාට ගුරුදෙව් කැමති නැ. නමුත් එකක් කියන්න ඔනේ උඹලගේ මනුස්සකම හාදාගන්න නැතිනම් අපායේ යන්න එච්චරයි කියන්න තියෙන්නෙ. මිට කමල් දියසෙන් කුමාරයා

  5. MD says:

    Dostara sapith awoth 5 wenawa.Rishad,Sumandiran kamati wunoth 7 dakka ihala yannath ida tiyenawa

Main News