ජනාධිපති අපේක්‍ෂක එජාප කෘත්‍යාධිකාරියෙන් තෝරන්න දෙන්න බැ.. අපි විරුද්දයි..- රනිල්ට විරුද්දව චම්පික නැගිටී..

September 22, 2019 at 6:32 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක එජාප කෘත්‍යාධිකාරියෙන් තෝරන්න දෙන්න බැ.. අපි විරුද්දයි..- රනිල්ට විරුද්දව චම්පික නැගිටී..

ඇමති චම්පික රණවක මහතා මහ ලේකම් ධුරය දරන ජාතික හෙල උරුමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

එක්සත් ජාතික පෙරමුණෙහි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ මගින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා පිළිබඳව තවමත් තීරණය කිරීමට අපොහොසත් ව තිබීමත් එසේ ම ඒ සම්බන්ධයෙන් විවිධ කට කතා පැතිරී යාමත් සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය යේ අවධානය යොමු වී ඇත.

අප මුල පටන් ම දැරූ ස්ථාවරය වූයේ එක්සත් ජාතික පෙරමුණෙහි අපේක්ෂකයා තෝරා ගැනීම මූලධර්ම දෙකක් මත සිදු විය යුතුය යන්නයි. එනම් පළමුව, එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉහලින් ම සුරක්ෂිත වන පරිද්දෙන් සිදු කළ යුතුය. දෙවනුව, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලූ ම පක්ෂවල සහභාගීත්වයෙන් එය සිදු විය යුතුය. ඉතා පැහැදිලිව පෙනී යන පරිදි මේ මූලධර්මයන් දෙක ම ආරක්ෂා වන පරිදි අපේක්ෂකයා තෝරා ගැනීමට ඇති හොඳ ම ක‍්‍රමවේදය වන්නේ එම කටයුත්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායම වෙත භාරදීම ය.

එක්සත් ජාතික පෙරමුණට ඡුන්දය ලබා දුන් සියලූම ශ‍්‍රී ලාංකිකයන්ගේ කැමැත්ත විමසීම ප‍්‍රායෝගිකව සිදුකළ නොහැකි බැවින් නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්මයන්ට අනුකූල ව හොඳ ම විකල්පය වන්නේ මහජන නියෝජිතයන්ට එම කටයුත්ත පැවරීම ය. එසේ ම අනෙක් අතට පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම තුළ, එක්සත් ජාතික පෙරමුණට අයත් සියලූ ම දේශපාලන පක්ෂ නියෝජනය ද වේ. අපේක්ෂකයා තෝරා ගැනීමට ඇති හොඳ ම ක‍්‍රමවේදය වන්නේ පාර්ලිමේන්තු කණ්ඩායම මගින් ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීම යැයි අප ප‍්‍රකාශ කරන්නේ ඒ එබැවිනි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කිරීමේ සූදානමක් පවතින බවට රාවයක් පැතිරෙමින් තිබේ. ඉහත දැක්වූ මූලධර්ම දෙක අපගේ මූලික පදනම වන බැවින් එවැන්නකට එකඟ වීමට අපට නොහැකිය. පළමුුව, එම කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ එක්සත් ජාතික පක්ෂය විනා වෙනත් පක්ෂ නියෝජනය වන්නේ නැත. එක්සත් ජාතික පෙරමුණ තුළ එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රමුඛතාව පිළිබඳව කිසිදු විවාදයක් නැතත්, ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම අනෙකුත් පක්ෂවල ද සහභාගීත්වයෙන් සිදු විය යුතුය යන්න අප මුල සිට ම දැරූ ස්ථාවරය විය. දෙවනුව, මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලය කොතෙක් දුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස සකස් වී තිබේ ද යන්න ද සැක සහිත ය.

ඒ අනුව අපගේ මතය වන්නේ අපේක්ෂකයා තේරීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නොව එක්සත් ජාතික පෙරමුණෙහි පාර්ලිමේන්තු කණ්ඩායමෙන් සිදු කිරීම වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවය.

ඒ අනුව කල් නොයවා පාර්ලිමේන්තු කණ්ඩායම රැුස් කරවා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කරන මෙන් ගරු අග‍්‍රාමාත්‍යතුමා ඇතුළු එක්සත් ජාතික පෙරමුණෙහි සියලූ නායකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය
මාධ්‍ය ප‍්‍රකාශක
නියෝජ්‍ය ලේකම්

25,653 Viewers

8 Comments to “ජනාධිපති අපේක්‍ෂක එජාප කෘත්‍යාධිකාරියෙන් තෝරන්න දෙන්න බැ.. අපි විරුද්දයි..- රනිල්ට විරුද්දව චම්පික නැගිටී..”

  1. chandapala says:

    අපේ හෙළ කරුමයට චන්ද නැත. සජිත් ඉස්සරහට දමා සන්ධානයක් හැදුවොත් 2019 සජිත් පැරදුනාම 2024දී මට චාන්ස් එක හද ගන්න පුළුවන් . කොහොමද මගේ කපටි මොලේ.

  2. Sena says:

    එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් පොදු අපේක්ෂකයා කර හෙළ උරුමයේ ඡන්ද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයාට ලබාදීමේ සූක්ෂ්ම උපාය.

  3. Rathgama MC says:

    එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තේරිය යුත්තේ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව එජාපයේ කෘත්‍යාධිකාරී මන්ඩලයෙනුයි.නමුත් පසුගියදා පිහිටුවා ගන්නා ලද නායකත්ව මණ්ඩලයේ ව්‍යවස්ථාව අනුව එජාප සන්ධානයේ අපේක්ෂකයා තෝරා ගත යුත්තේ සන්ධානයේ පක්ෂ නායකයින්ගේ කැමැත්ත අනුවයි.මේ ව්‍යවස්ථාවට චම්පික,සජිත් …. මේ සියලු දෙන එකඟ උනා.එහෙම නම් තියෙන වැරැද්ද මොකක්ද? එජාපයේ අපේක්ෂකයා එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අනුව තෝරාගෙන,ඉන්පසු සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ අපේක්ෂකයාට කැමැත්ත විමසීම.එවිට පක්ෂ නායකයින්ගේ අකමැත්තක් තියෙනවා නම් පුළුවන් පක්ෂ නායකයින් හැමදෙනාම කැමති අපේක්ෂකයෙක් තෝරාගන්න.ඇත්තටම මෙතන පක්ෂ නායකයින් කියල වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ හෙළ උරුමය වැනි ත්‍රි වීලර් පක්ෂ වල නායකයින්ට නොව,රනිල්,අනුර කුමාර,සම්බන්ධන්,හකීම්,බදුර්දීන් වැනි පක්ෂ නායකයින්ටය.ජය ගන්න නම් ජවිපය සහ ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරු පිරිසක්ද අවශ්‍ය බව චම්පිකට තේරුම් ගන්න බැරිද?එනිසා සැලකිය යුත්තේ චම්පිකගේ කැමැත්තට වඩා මා ඉහත සඳහන් කල පක්ෂ නායකයින්ගේ කැමැත්තය.චන්ද 5000 ක් වත් නැති පක්ෂ වල නායකයින් එජාපය වැනි බලගතු පක්ෂයකට මේ අයුරින් බලපෑම් කරන්නේ කෙසේද?දැන් පොහොට්ටුවේ සිඳු වන්නේ එයයි.පොහොට්ටුවේ ඉන්න ත්‍රිවිලර් පක්ෂ වල නායකයින් අපේක්ෂකයා තෝරා ගැනීම මහින්දට බාර කළේය.මේ අයුරින්ම රනිල්ට බාර දෙන්න කියල මා කියන්නේ නැත.අඩු තරමින් තනි පක්ෂයක් වශයෙන් ලක්ෂ 3 කටවත් වඩා වැඩි චන්ද පදනමක් වත් තියෙන මා ඉහත සඳහන් කල පක්ෂ නායකයින්ගේ වැඩි කැමැත්තට අපේක්ෂකයා තෝරාගන්න ඉඩ හැර ත්‍රිවිලර් පක්ෂ නායකයින් එසේ තෝරාගන්නා අපේක්ෂකයාට කැමැත්ත දීමයි කල යුත්තේ.

    වරලත් සිවිල් ඉංජිනේරු- රත්ගම MC

  4. sw says:

    බල්ලොත් එක්ක ලැග්ගහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනහැටි .ආලාපාළුවා නම් මැක්කා unp පිහිටෙන් ජීවත් වෙනගමන් ලොකුකම් කතා කරන හැටි .ඕකා දේශපාලනයෙන් ඉවත් කරන්න හොදම අවස්ථාව .ඌට තනියම ඉල්ලන්න කියන්න අර පොන්සේකා වගේ වැඩිම උනොත් 5000 .ගනියි .

    • chandapala says:

      තනියම ඉල්ලුවොත් මන්තිරි කමත්වත් ගන්න බැරි දෙස පාලන අනාථයෙක්.

  5. RAYMOND says:

    ඔබලා ඕනෑම තැනක සිට ඕනෑම විධියට තෝරා ගන්න එකට කමක් නෑ නොවැම්බර් 16 වනදාට අපි අපේ කැමැත්ත කාටද කියලා දැන් ම තීරණය කර තියෙන්නේ

  6. rukmal says:

    Champika is a bladdy mentally ill charactor. he does not have any vote base. we should not take him seriously. let him provide all financial support to the person he made life time disabled. justice to be done against him first

  7. gamarala says:

    ජනාදිපති ප්‍රතිපල 2020 ගොටාබය 70% සජිත් 20% අනුර 10%

Main News