ජනාධිපති අපේක්‍ෂක ගැන එජාපයෙන් නිල නිවේදනයක්..

September 17, 2019 at 6:47 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක ගැන එජාපයෙන් නිල නිවේදනයක්..

ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරනු ලබන අපේක්‍ෂකයා ගැන ඇතිව තිබෙන තත්වය ගැන පැහැදිලි කරමින් එම පක්‍ෂ මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය පහත දැක්වෙයි.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්‍ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය තුළ හා ඒ සමග සංධාන ගතවන පක්‍ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශවයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සංධානයකිනි.

ඒ සංධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය. ඒ එකඟතාවන්ට අනුව අපේක්‍ෂකයා ඉදිරිපත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්‍ෂයෙනි.

මේ පදනම මත එක්සත් ජාතික පක්‍ෂය මඟින් සුදුසු අපේක්‍ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගනිමින්, පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්‍ෂකයා තෝරා ගන්නා බවත්, ඒ තෝරා ගැනීමෙන් පසු සංධානයට අයත් සියලු පාර්ශවයන්ගේත්, අපේ ප්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියළු සංවිධාන සහ පුද්ගලයන්ගේත් සහය ඇතිව අපේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සියලු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් අවධාරණය කරනු කැමැත්තෙමි’

අකිල විරාජ් කාරියවසම්
මහ ලේකම්
එක්සත් ජාතික පක්‍ෂය

79 views

7 Comments to “ජනාධිපති අපේක්‍ෂක ගැන එජාපයෙන් නිල නිවේදනයක්..”

  1. ක්‍රිමිනල් says:

    අප්පට හුඩු! උන් කථා කරන්නෙ හරියට උන්ගෙ පක්ෂයෙ අර්බුදය විපක්ෂයෙන් නිර්මානය කලා වගේනෙ.

    • Saman says:

      මේ අකිල කියන ගොබ්බය තමා යූ ඇන් පී එක වල පල්ලටම ගෙනියන්නේ.

      • එයා තමයි යූඇන්පියෙ අනාගත උරුම කාරයා. කවුරු කොහොම කෑ ගැහුවත් රනිල්ගෙ ඔටුන්න හිමී කුමාරය මෙයයි.

  2. Nish says:

    මුන්ට කියන්න බැරි බොරුවක් නෑ කියන්නෙ ඕක තමයි. අර්බුදයක් නැත්නම් මමයි අපේක්ශකයා කිය කියා රැස්වීම් තිය තිය යන්නෙ පොහොට්ටුවද?

  3. RAYMOND says:

    අර කව්ද මංත්‍රී වරයෙක් කිව්ව අපි රැස්වීම් තියෙන්නේ අපේම උන්ට පෙන්නන්න කියලා
    අනේ කරුමේ

  4. MD says:

    Akila kawadath Ranilge killata ahuwena kenek.eyagen kohamath sajithta subadayaka de nolabei.eka tamai sathya.wirudda paksha gawa gena akila desapalana wasi gannawa.

Main News