ජනාධිපති අපේක්‍ෂක තමන් බව රනිල් කෙලින්ම කියයි.. සජිත් කපෝතියි.. වෙන පක්‍ෂයකින් ඉල්ලීම හැර අන් මගක් නෑ..

September 6, 2019 at 10:26 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක තමන් බව රනිල් කෙලින්ම කියයි.. සජිත් කපෝතියි.. වෙන පක්‍ෂයකින් ඉල්ලීම හැර අන් මගක් නෑ..

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂයකයා ලෙස තමන් ඉදිරිපත් වන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කර ඇත.

ඒ සදහා සහයෝගය බලාපොරොත්තු වන බව අගමැතිවරයා සදහන් කර ඇත්තේ අද අරලියගහ මන්දිරයේදී පැවති එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදීය.

එජාපය දෙකඩ නොවන විසඳුමක් ලෙස එජාප ජ්‍යෙෂ්ඨයන් එහිදී යෝජනා කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂක ලෙසත් අගමැති අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් නම් කල යුතු බවයි.

එමෙන්ම මේ ගැන රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සෘජු සාකච්ඡාවක් පැවැත්විය යුතු බවත් එහිදී තීරණය කර ඇති අතර එම හමුව ඉරිදා දිනයේ පැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි.

අකිල විරාජ් කාරියවසම්, ජෝන් අමරතුංග, රවි කරුණානායක, සරත් ෆොන්සේකා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, මලික් සමරවික්‍රම, දයා ගමගේ, රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, නවීන් දිසානායක යන ඇමතිවරුන් මීට සහභාගී වී සිටියද එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහභාගී වී නොසිටියේය.

130 views