රටම දන්න කාන්තාවක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක..? බෙදීම් වලකන්න උපායක්..

May 13, 2018 at 9:20 am | lanka C news
රටම දන්න කාන්තාවක් පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක..? බෙදීම් වලකන්න උපායක්..

මීලග ජනාධිපතිවරණයේදී එක්බද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය මත රාජපක්‍ෂවරයෙක් නොවන්නෙකු අපේක්‍ෂකත්වට පත් කිරීමට එහි ප‍්‍රධානීන් අතර මුලික මට්ටමේ සාකච්චා සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.

ඒ සදහා දැනට යෝජනා මට්ටමේ ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හිටපු ඇමතිවරියකි.

කොළඹ දිස්ත‍්‍රික්කයේ නොවන මෙම මන්ත‍්‍රීවරිය මීලග ජනාධිපතිවරයණයට අපේක්‍ෂිකාව ලෙස පත් කිරීමෙන් ඒකාබද්ද විපෂයේ ඇති මතවාදී බෙදීම් නිරාකණය කරගත හැකිවනු ඇති බව තක්සේරු කර ඇත.

කෙසේ වෙතත් මීලග පාර්ලිමේන්තුවේ අගමැති ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තරග වැදිය යුතු බවද එම හමුවේදී සාකච්චා වී තිබේ.

260 views
Main News