ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..

July 28, 2019 at 3:32 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ජනාධිපතිවරණ කටයුතු ආරම්භ කිරීමට පෙරාතුව අගෝස්තු 11 වැනිදා පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන දානමය පිංකමකින් සිදු කරන බව වාර්තා වෙයි.

එදින පස්වරුවේ ඒ මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර තම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීනේ ලිපි ලේඛණ 11දාට පෙර ප්‍රසිද්ධ කිරීමටද ගෝටාභය රාජපක්‍ෂ මහතා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබීමෙන් පසු ජය ශ‍්‍රී මහා බෝධිය, දලදා මාලිගාව, මහ නාහිමිවරුන්, කතරගම දේවාලය ඇතුළු ආගමික සිද්ධස්ථාන ගණනාවක් සතියක පමණ කාලයක් තිස්සේ වැද පුරා ගැනීමෙන් පසුව කොළඹට පැමිණ මුල්ම හමුව ලෙස අගරදගුරුතුමන් හමුවීමට නියමිතය.

40 views

31 Comments to “ජනාධිපති අපේක්‍ෂක වන්නට පෙර ගෝටාභය දානමය පිංකමක.. ඇමරිකා පුරවැසිකම අහෝසියේ ලේඛණ ප‍්‍රසිද්ධ කරයි..”

  1. ගමයා says:

    please don’t go kandy temple tibbotuwawe tattaya gawata

  2. Jude silva says:

    Savior of Sinhala civilization

  3. කාලිංග says:

    දැනට අහපු හිතට ලොකූ සැනසීමක් ගෙනත් දුන්න හොදම ප්‍රවෘත්තිය. බුදු සරණයි ඔබට.
    ශ්‍රී ලංකා මාතාව මේ දරුණු ව්‍යසනයෙන් ගලවා ගන්න ඔබ එන තුරු බලා සිටිනවා.
    බහුතර ජනතාව වඩාත් සැලකිල්ලෙන් බුද්දිමත්ව තීරණ ගතයුතු කාලයක ආරම්භයයි මේ.
    ෆ්‍රී වයි ෆයි, පුංචි කාර්, ටැබ්, ෆොක්ස්වගන්, ජිම් වලට අමතරව රැකියා විසි ලක්ශයක්, දියුනු රටක්, පිරුනු මුදල් පසුම්බියක්, ආර්ථික වර්දනයට වඩා වටිනා සතුට වගේ පිලුණු උනු මාතෘකා නැවතත් වේදිකාවල මොර දෙනු ඇත.
    ඒ වගේම හිටපු රජයේ ඔක්කොම හොරු කියන යල් පැනගිය පරණ චෝදනා වඩාත් ඔපමට්ටම් සහිතව යළි එලිදක්වනු ඇත.
    ජනතාවට මේ ඉර හද යට ඇති සියලුම දේ පොරොන්දු වනු ඇත.
    මේ සියල්ලට එරෙහිව ඔබතුමා ජනතාවට ඇත්ත එලිදරව් කරන්න.
    අනවශ්‍ය පොරොන්දු දෙන කපටි දේශපාලනයෙන් වහාම ඉවත් වන්න.
    ප්‍රතිපත්ති ප්‍රකාශය ඉතා සරලව නමුත් තර්කිකව බුද්දිමත්ව හා දුර දක්නා නුවණකින් එලි දක්වන්න.
    ජනතාව මේ මොහොතේ මුලින්ම සහ උඩින්ම ඉල්ලන්නෙ මේ රටේ අඛණ්ඩ හා තිරසාර පැවැත්ම බව ඔබට යලිත් මතක් කරන්නට අනවශ්‍ය බව දනිමු.
    නමුත් ඒ ගැන පවතින සැක සංකා දුරු කරන සහ සෘජුවම ඒවා විසදන ආකාරය ජනතාවට විශ්වාසවන්තව එලි කරන්න.
    ආරක්ෂාව සහිත රටක් තමයි මූලිකම බලාපොරොත්තුව.
    ආර්ථික අර්බුදයටත් නිසි පිලිතුරත් අත්‍යාවශ්‍යයි.
    සුවහසක් දුක්විදින දුප්පත් මිනිස්සු ඉල්ලන්නෙ ආදායම වැඩිකරගන්න තිරසාර ක්‍රමයක්.
    නිවී සැනසිල්ලෙ ඉන්න පුලුවන් රටක්.
    එය ලබාදෙන්න ඔබට ශක්තිය ලැබේවා..!

  4. sunimal says:

    හැකි ඉක්මනින් කලු සුද්දන්ගේ පාලනය වල දාමු

  5. Nimal Sri dewadheera says:

    obata jaya neyatai.

  6. SAMPATH WIJENAYAKE says:

    ඔබතුමාට අප රටට මහගු සේවයක් කිරීමට අවශ්‍ය ශක්තිය ලබේවා . තෙරුවන් සරණයි.

Main News