ජනාධිපති අපේක්‍ෂක වෙන්න සූදානම් බව වෙල්ගම කියද්දී ඔහුට අපේක්‍ෂකත්වය නොදෙන බව ශ‍්‍රීලනිපය කියයි..

September 25, 2019 at 12:00 pm | lanka C news
ජනාධිපති අපේක්‍ෂක වෙන්න සූදානම් බව වෙල්ගම කියද්දී ඔහුට අපේක්‍ෂකත්වය නොදෙන බව ශ‍්‍රීලනිපය කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් යෝජනා වූවොත් ඒ සඳහා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමටත් තීරණය කළහොත් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ට සිදුවන බවද ඔහු පැවසුවේ එම සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපති අපේක්ෂක කිරීමට කිසිදු අදහසක් නැති බවයි.

මධ්‍යම කාරක සභාව හෝ පක්‍ෂ සභාපතිවරයා එවන් තීන්දුවක් මේ වන තෙක් ගෙන නැති බවද ඔහු සඳහන් කළේය.

20,988 Viewers

11 Comments to “ජනාධිපති අපේක්‍ෂක වෙන්න සූදානම් බව වෙල්ගම කියද්දී ඔහුට අපේක්‍ෂකත්වය නොදෙන බව ශ‍්‍රීලනිපය කියයි..”

  1. wELLGAMA UBA GIHELLA GAMAEY WELL WALA BAKA—BAKA—BAKA——GAGAAAHITAPAN.

  2. manik says:

    වෙල්ගම දවල් හින දකින එක දැන්වත් නවත්වන්න මොඩ කම ඉස්මතු කරා අැති

  3. ALAPALU RANAWAKA says:

    His final destination will be UNP. We see Wickramabahu is residing in TEMPLE TREES. What a shame

  4. සයිබර් නානා says:

    කළු ගං තොට ඉන්නා පත මෑන් කෙනෙක්
    කියනව තමන් එහි ඉන්නා සිංහ පොරක්
    ඒ මදිවට තව කියනව බව හොඳ ගෑණු සොඬෙක්
    ඉතිං යකෝ වෙයිද ජනපති මෙවන් කොකෙක්

    • CAT says:

      මරු comment එක සයිබර් නානා…..වෙල්ගමගේ ජන්ද පෝස්ටරයට දාන්න නියමයි

  5. පරණ යූඇන්පී කාරයෙක් says:

    අමුඩේ ගලවල කලුගගේ වතුර වැඩිවෙනකොට පැනපං ගගට.

  6. රන්බණ්ඩා says:

    ස්වාසිලන්තෙ පැත්තට ගිහිල්ලා, දැන් ඉන්න රජාගෙන් පස්සෙ ඒ පුටුවෙ ඉඳගන්න පුලුවන් වෙයිද කියලා පොඩ්ඩක් බලනවද.
    තමුන්නැහේ වගේ කෙනෙකුට එහෙ ඉන්න අම්මණ්ඩිලා හොඳටම ගැලපෙනවා ආයුබොවන්ඩ.

  7. UNP-GALIBBA says:

    ඉල්ලන් කනවා නොව ඉහගෙන නාගන්නවා අනේ මෙහෙම තස්නාවක් හිවල් මොටා අල්ලපු අත්තත් නැත පයගහපු අත්තත් නැත////???

  8. Love nature says:

    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
    වෙල්ගම ලැබේද ඉන් සැනසීමක්?

  9. Pal says:

    This bugger is doing a contract given to him by Ponil.

  10. මු පිස්සු උත්තෙක් says:

    මු පිස්සු උත්තෙක්

Main News