ජනාධිපති අපේක්‍ෂක වෙල්ගම..? රටට හොද කලක් යන බව වෙල්ගම කියයි.. ශ‍්‍රීලනිප නායකත්වයටත් සූදානම් බවත් කියයි..

July 22, 2019 at 3:25 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක වෙල්ගම..? රටට හොද කලක් යන බව වෙල්ගම කියයි.. ශ‍්‍රීලනිප නායකත්වයටත් සූදානම් බවත් කියයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස නම් කරනු ඇතැයි වාර්තා පළ වෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් ඔහුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ තවම එවන් ආරාධනාවක් තමන්ට ලැබී නැති බවයි.

කෙසේ වෙතත් එසේ වුවහොත් රටේ ජනතාවට හොඳ කාලයක් උදාවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයද භාර ගැනීමට සූදානම් බව ඔහු එහිදී පැවසීය.

අද සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ගෙන් පැරණිම සාමාජිකයන් දෙදෙනා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තමන් පමණක් බව ද ඔහු කියා සිටියේය.

කිසිම හේතුවක් නිසා තමන් එක්සත් ජාතික පක්ෂයට එක් වන්නේ නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

84 views
Main News