ජනාධිපති අපේක්‍ෂක 19 සංශෝධනය අනුව අගමැති අපේක්‍ෂක නම් කල යුතුමයි.. සජිත්ගේ අගමැති රනිල් නොවේ නම් මංගලද.. රවීද.. මලික්ද, රාජිතද..

October 5, 2019 at 11:20 am | lanka C news
ජනාධිපති අපේක්‍ෂක 19 සංශෝධනය අනුව අගමැති අපේක්‍ෂක නම් කල යුතුමයි.. සජිත්ගේ අගමැති රනිල් නොවේ නම් මංගලද.. රවීද.. මලික්ද, රාජිතද..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් එම පක්‍ෂ මූලස්ථානයේ කැදවා තිබු මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පසුගිය පස් වසර තුල ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක් බවට පත්වීම පිළිබඳ විචාර ලියන බටහිර විශ්ලේෂකයින් එයට ප්‍රධාන හේතුව ලෙස දක්වන්නේ ජනාධිපති සහ අගමැති අතර ගැටුමයි. 19 වන සංශෝධනයෙන් අපිට හේරුණ්ඩ පක්ෂියා වගේ ඔළු දෙකේ විධායකයක් හැදුවා. ලෝකයේ ඕනෑම රටක විධායකයට නායකත්වය දෙන්නේ එක්කෝ ජනාධිපති නැතිනම් අගමැති. අපේ රටේ විතරක් ජනාධිපති සහ අගමැති අතර විධායක බලය බෙදා දීලා. ඒ නිසා රටට හරි යන්න නම් මේ දෙන්නා අයියා මල්ලි වගේ ඉන්න ඕනෑ. මේ දෙන්නා අතර විරසකයක් ඇති වුණොත් රටම එක තැන පල් වෙනවා. පසුගිය වසර පහ පුරා ජනාධිපති සහ අගමැති අතර ගැටුමෙන් රටට සිදුවුණු විනාශය අපි දැක්කා.

මේ අභියෝගයට විසඳුමක් ලෙස අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අයියා – මල්ලි වගේ ඉන්න පුළුවන් ජනාධිපති සහ අගමැති අපේක්ෂක දෙන්නෙක් නොවේ. ඇත්තටම අයියයි මල්ලියි දෙන්නෙක්. මේ දෙන්නා ඉතාම සමගියෙන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් වසර 70ක් කටයුතු කර තිබෙනවා. මහින්ද – ගෝඨාභය සුසංයෝගය වසර දහයක් ඉතාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළා. ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට සංර්වධනය කළා.

19 වන සංශෝධනයෙන් පස්සේ සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම තම අගමැති අපේක්ෂකයා නම් කිරීම අත්‍යාවශ්‍යයි. අපි නම් කළාට සජිත් මැතිතුමා තවම තම අගමැති අපේක්ෂකයා නම් කරලා නෑ. ඒ ගැන මාධ්‍ය ඇහුව්වාම ආඳා වගේ ලිස්සලා යනවා. නමුත් මේක රට දැන ගත යුතු වැදගත් කාරණයක්.

සජිත් මැතිතුමාගේ අගමැති අපේක්ෂකයා වෙන්නේ එතුමා සමග නයි මුගටි වෛරයෙන් පෙලෙන වසර දහයක් පක්ෂ නායකත්වයට ගැටුණු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද? ජිනීවා වල දී රට පාවා දී ලෝක වර්තාවක් තැබූ මංගල සමරවීර මැතිතුමා ද? බදුපති රවි කරුණානායක මැතිතුමා ද? සුවපති රාජිත සේනාරත්න මැතිතුමා ද ? සිංගප්පූරුවට රට විකුණූ මලික් සමරවික්‍රම මැතිතුමා ද? මහ බැංකු මංකොල්ලය සිදු කළ හොරෙක් ද? ගල්අඟුරු ගිල්ල මලකඩ කෑ යකඩ මිනිසා ද? විලපත්තුව විනාශ කළ පාස්කු ත්‍රස්තවාදියා ද? කියන එක ජනතාව දැන ගත යුතුයි. ඒ නිසා තව දුරටත් ලිස්සා යන්නේ නැතුව තම අගමැති අපේක්ෂකයා කවුද කියා රටට කියන මෙන් අපි සජිත් මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

28,822 Viewers

8 Comments to “ජනාධිපති අපේක්‍ෂක 19 සංශෝධනය අනුව අගමැති අපේක්‍ෂක නම් කල යුතුමයි.. සජිත්ගේ අගමැති රනිල් නොවේ නම් මංගලද.. රවීද.. මලික්ද, රාජිතද..”

  1. ajith says:

    මේ දිනවල උතුරු නැගෙනහිර ගුවන් කඳවුරු ටික ජාත්‍යන්තර ගුවන්ලෙ තොටුපල වල ලෙස ප්‍රකාශ කර ගුවන් හමුදාව ඉන් ඉවත් කිරීම ජයටම සිදුවෙනවා

  2. prabath says:

    aI WENA AYYA MALLO LA GOTAI MAHINDAI INNE EKA KUSE UPAN AYYA MALOLA …..HORA GEDIYA SADDA NATHU KIYANNE GOTATA CHANDE DANNA KIYALA NE…ATHIYAN THAM MOLE PADUNA….

  3. 77 UNP says:

    පුතාණෝ තම අගමැති ලෙස දැනට මලපෙරේතයෙක් වී සිටින පියාණෝ නම් කරනු ඇති. 80 වර්ජකයන් අදාල ඇමතිවරුන් විසින් වරින්වර සේවයට බඳවා ගත්තද මහා මානව හිතවාදී පියාණෝ ඇමතිකම දැරූ පළාත්පාලන සහ නිවාස අධිකාරියේ සියල්ලෝම ගෙදර යැවීමේ පුන්‍යකර්මය පලදී දැනට මලපෙරේතයෙක් වී සිටින පියාණෝ ඇර පළපුරුද්දක් සහිත වෙනත් වඩාත් සුදුසු කෙනෙක් ගැන පුතාණෝ දන්නේ නැත.

  4. gamarala says:

    UNP රට පාවාදෙන පක්ෂයට දැන් ජනතාවගේ කැමැත්තක් නැහැ අනිවාර්යෙන් සජිත් පරදිනවා

  5. Bold Citizen says:

    The attempt to attribute Ranil’s bad deeds to Sajith by the opponents will not give expected results as the people very well know how a kind of dictatorship prevailed within the perimeter of the party leadership where the low profile ministers could not have any say against the misdeeds that were allowed to happen or purposely done or knowingly ignored..

  6. Junid says:

    Sanith and Mangala in an agreement to give him PM post. But not even My3, but sajith too you cannot sure what and how he will do

  7. බන්ඩා says:

    19 න් පස්සෙ ජනාධිපති සහ අගමැති හවුලේ රට පාලනය කල යුතු තත්වයක් තමය් තියෙන්නෙ. ඉතින් තමන්ගෙ අගමැති කවුද කියල වෙන්ඩ ජනාධිපති ප්‍රකාෂ් කල යුතුමය්.

    • මහ ආර්යාව says:

      සජිත් ගෙ අගමැති බැඳුන්කර රනිල් බවත් මුදල් ඇමති බැඳුන්කර රවි බවත් නිර්භයව කියනවා.

Main News