ජනාධිපති අසාධාරණයි.. අපට පඹයන් වගේ ඉන්න බෑ…- එජාප ප‍්‍රබල ඇමතිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි විරෝධය..- [Video]

July 27, 2018 at 10:24 pm | lanka C news
ජනාධිපති අසාධාරණයි.. අපට පඹයන් වගේ ඉන්න බෑ…- එජාප ප‍්‍රබල ඇමතිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි විරෝධය..- [Video]

අධ්‍යාපන ඇමතිවරයා විසින් ගුරු සහ විදුහල්පති පිරිසකට උසස්වීම් ලබාදීම සදහා ගෙන තිබූ තීරණය වහා අත්හිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය අනුමත නොකරන බව එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රබල ඇමතිවරුන් පවසයි.

ඇමතිවරුනට ඔවුන්ගේ වැඩ කටයුතු කිරීමට ඉඩ දිය යුතු බවත් ඇමතිලා පඹයන් සේ සිට පලක් නැති බවත් ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඇමති කබීර් හෂීම් මහතාද පවසන්නේ මෙම ක‍්‍රියාව අසාධාරණ ක‍්‍රියාවක් බවත් ඒ ගැන ජනාධිපතිවරයා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

39 views

3 Comments to “ජනාධිපති අසාධාරණයි.. අපට පඹයන් වගේ ඉන්න බෑ…- එජාප ප‍්‍රබල ඇමතිවරුන්ගෙන් ජනාධිපතිට දැඩි විරෝධය..- [Video]”

  1. Love nature says:

    රිෂාඩ් ලංකාවේ වනාන්තර පද්ධතියේ අක්කර 3000කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ කරලා.

  2. dhammika says:

    ගුරුවරුන්ගෙන් 10% නුසුදුසන් බව කියවේ.වසර 5 වරක් විභාගයක් පවත්වා මොවුන් නෙරපිය යුතුය.දේශපාලන අසාධාරණ කම් වලට උස්සස්වීම් දෙන්නේ නම් විභාගයක් පවත්වා සුදුසුකම් පරික්ෂ කලයුතුය.

  3. දැන්වත් පඹයෙක් කියලා තේරැම් ගන්නව නම් හොඳයි.පහුගිය කාලේ කාගෙවත් උපදෙස් අනුව නෙමේ,තමන් තනියම යුද්ධෙ ජයග්‍රහණය කලා කියලත් කිව්වනේ.ආයේ සිංහරාජේ අලි අල්ලන්න ගිය වෙලාවෙත් පඹය උනානේ.මැරයෝ ළඟ තියාගෙන නෑ කියන්න ගිහිල්ලත් පඹයෙක් උනානේ.ජන්ද 5000 ක් අරගෙනත් පඹයෙක් බව ඔප්පු කලානේ. අනිත් කෙනාව සිරිකොත තානාන්තර වලින් අයින් කරනකොටත් පඹය වගේ හිටියනේ.අර මහ බැංකුවටත් දෙන්න සල්ලි තියෙනවා කියලත් කිව්වනේ.එහෙම නම් අහිංසක මහජනතාවගේ බදුමුදලින් ලැබෙන වරප්ප්‍රසාද නොගෙන තමන්ගේ අර විසිකරන්න තියෙන සල්ලි වලින් වාහනයක් අරගෙන,නිළ නිවාස නොගෙන,වැටුප් නොගෙන,තමන්ගේ ආගමේ කියලා දීලා තියෙන පරිදි සමාජ සේවයක් කලානම් මිනිස්සු පඹයෝ කියලා කියන්නේ නෑ.හැබැයි අහිංසක මහජනතාවගේ බදුමුදලින් ලැබෙන වරප්ප්‍රසාද අරගෙන මිනිස්සු රවට්ටන උන්ට මිනිස්සු පඹරාළ කියලා නම් කියනවා.

Main News