ජනාධිපති ආර්යාවගේ වාහනයට පොලිසිය දඩ ගසයි.. වරද පිලිගෙන දඩය ගෙවන්නැයි ජනපති දන්වයි..

December 1, 2019 at 10:32 pm | lanka C news
ජනාධිපති ආර්යාවගේ වාහනයට පොලිසිය දඩ ගසයි.. වරද පිලිගෙන දඩය ගෙවන්නැයි ජනපති දන්වයි..

ජනාධිපති ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය ගමන්ගත් වාහනය රථවාහන පොලිසියට හසු වීම හේතුවෙන් දඩ ගෙවීමට සිදුවී තිබේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ අයෝමා රාජපක්ෂ මහත්මිය අනුරාධපුරයේ පූජා ස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේදීය.

පෙර ගමන් ආරක්‍ෂක රථද නොමැතිවව වාහනය පැදවූ රියැදුරු අතින් මාර්ග නීතියක් කඩ වීම හේතුවෙන් පොලිසිය විසින් වාහනය නතර කර තිබිණි.

රියදුරැ වහාම අයෝමා රාජපක්ෂ මහත්මිය ගෙන් විමසා ඇත්තේ කළ යුත්තේ කුමක්ද යනුවෙනි.

කිසිදු කලබලයක් ඇති නොකරගන්නා ලෙසත් තමන් වාහනය ඇතුළේ සිටින බව නොපවසා වරද පිලිගෙන දඩ කොළය ලියාගෙන පැමිණෙන ලෙසත් ඇය දන්වා ඇත.

චාරිකාවක් ගොස් නැවත නිවසට පැමිනියේ අයෝමා රාජපක්ෂ මහත්මිය ජනාධිපතිවරයාට මේ බව දැනුම් දී ඇත.

ඔහු උපදෙස් දී තිබුණේ දඩය ගෙවා දමා රියදුරු බලපත්‍රය ලබා ගන්නැයි රියදුරුට දන්වන ලෙසයි.

492 views

44 Comments to “ජනාධිපති ආර්යාවගේ වාහනයට පොලිසිය දඩ ගසයි.. වරද පිලිගෙන දඩය ගෙවන්නැයි ජනපති දන්වයි..”

  1. Aurora says:

    අපි කවදත් විශ්වාස කළා අයෝමා රාජපක්ෂ මහත්මිය ගරුත්වයක් ඇති කාන්තාවක් බව. එතුමිය ඒ බව දිගින් දිගටම සිය සරල ක්‍රියාවන් තුලින් නිරායාසයෙන්ම ඔප්පුකරමින් සිටින්නීය. එයින් ජනතාව ගෝඨාභය මැතිතුමා කෙරෙහි ඇති හර්දයාංගම බැඳීම වැඩිවෙනවා. (බොහෝ ආර්යාවන් ජනාධිපතිවරුන්ගේ කීර්තියන් කාදැමූ අතීතයක්ද අපට ඇත,)

  2. Daham says:

    there is no need telling the whole world what the first lady has done privately. Is it to get cheap popularity? We ordinary people always abide by the rules and that is a way life. we don’t get the newsmen to publicize it.

  3. Daham says:

    my very first comment has not been published yet. Don’t know why.

  4. Sunil says:

    Thank you so much Mr. President. Very good lesson for others.
    Wife has respected the husband. Thank you first lady.

  5. Thomes says:

    This is just for traffic offense …Bayyas don’t see (Or Don’t want to see) whats happening to
    other law & order institutions

Main News