ජනාධිපති ඉදිරියේ ඇමති චමල් පී.බී. පතුරු ගහයි… ඉල්ලා අස්වන බව පී.බී. කියයි…

December 9, 2021 at 9:20 am | lanka C news
ජනාධිපති ඉදිරියේ ඇමති චමල් පී.බී. පතුරු ගහයි… ඉල්ලා අස්වන බව පී.බී. කියයි…

අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගිය දවසක ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට දොස් පවරා ඇත. මීට හේතු වී ඇත්තේ පොහොර හා විදේස්ගත ශ්‍රී ලාංකිකයන් විදෙස් විනිමය ශ්‍රී ලංකාවට එවීමේදී ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි පී.බී. බැනුම් අසා ඇත්තේ ජනාධිපතිවරයා ඉදිරිපිටදී ජනාධිපති කාර්යාලයේදීය. පසුගිය දා පැවැති කැබිනට් රැස්වීමට පෙර පී.බී. ජනාධිපතිවරයා සමග කැබිනට් පත්‍රිකාවලට අත්සන් තබමින් සිටින අවස්ථාවේදී මහින්ද, චමල් ඇතුළු රාජපක්ෂ පවුලේ කීප දෙනකු ජනාධිපතිවරයාගේ කාර්යාලයට ඇතුළු වී තිබේ.

මෙහිදී සිය වැඩිමහලු සොහොයුරා දෙස බැලූ ජනාධිපතිවරයා ‘ආ… ලොකු අයියා අපේ මන්ත්‍රිවරු ලේකම්තුමා ගැන කියන කතා කියන්නකෝ’’ යනුවෙන් සිනාසෙමින් පවසා ඇත. ලද ඇසිල්ලෙන් ප්‍රයෝජන ගත් චමල් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පී. බී. ගැන කියන කතා වක්කඩ කැඩුවාක් මෙන් එක දිගට කියාගෙන ගොස් තිබේ. ‘‘අවුරුදු 20ක් තිස්සේ ඔයා දාපු සෙල්ලම් නිසා තමයි මේ රටටත් ආණ්ඩුවට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ කියලා ආණ්ඩුවේ මන්ත්‍රිවරු කියනවා. ඒ විතරක්ද ඔබතුමා කරන දේවල් වලට මිනිස්සු පතුරු ගහන්නේ ජනාධිපතිතුමාව.’’

චමල්ගෙන් හොඳට අහගත්ත පී.බී. පසුව රජයට සම්බන්ධ දේශපාලනඥයි.න් කීප දෙනකුටම දුරකතන ඇමැතුම් ලබා දෙමින් තමන් මේ තනතුරින් ඉල්ලා අස්වන බව සඳහන් කර ඇත.

– aruna

144,550 views

36 Comments to “ජනාධිපති ඉදිරියේ ඇමති චමල් පී.බී. පතුරු ගහයි… ඉල්ලා අස්වන බව පී.බී. කියයි…”

  1. David Milli-banda says:

    Soooooooooooooo…… Has Pee Bee already left or going to leave ???????????????????
    OR has PB gone for a Peeeee ?????????????

    Its better if PB takes Chamal along with him and both leave.

  2. සහන් says:

    ඕවා වැඩක් නෑ, අපි හැම දේටම ජේප්පොන්ට බැන බැන ඉමු

  3. Jarasundera says:

    It will be a great resignation and relief to the country.

  4. ඇත්තටම එහෙම වෙනවා නම් හොදයි.

  5. Rathna says:

    Deshapalauwanta notherunata yudde kaledith rate arthikaya goda gannath wishala sevayak karapu lekam kenek. Miniisu pinwana dewal okkoma karanna giyoth amaruwe watenne anagatha parapura. 99 k wiruuda unath hari deya kireema thamai wadagath rate anagathaya wenuwen

  6. saman says:

    කවුරු හරි පවුලේම කෙනෙක් දාගත්තනම් හරි, රටට ආදරේ කෙනෙක්ව දාගන්න ඊට පස්සෙ රට හදන්න.

  7. Hesh says:

    චමල්ට බාරදෙමු ආර්ථිකය එහෙනම්. PB වගේ මිනිස්සු රටේ වගකීම් බාර නොගැනීම තමයි මේ රටට කෙල වෙන්න හේතුව. දේශපාලුවොන්ට දීලා හිටියොත් උන් සල්ලි අච්චු ගහ ගහ ආණ්ඩුවේ රස්සාවල් බෙදයි.

  8. කළුතර says:

    PB ව බිල්ලට දීල බේරෙන්න වගේ ට්‍රය් එක
    මිනිස්සු pb ට චන්දෙ දුන්නෙ නෑනෙ…..
    පච හලල චන්දෙ ගත්ත අය දැනගන්න ඕන සුදුස්සො සුදුසු තැනට දාන්න

  9. udaya says:

    dan aiya kiyanakam da malli hitiye, eya babda..
    69 lakshe ekek hatiyata matath lajai hirikithai

Main News