ජනාධිපති උපදේශක ශිරාල් අලුත් පාර්ලිමේන්තුවේදී හොඳම එකෙන් ඇන ගනී.. මංගලගේ සමහර ඒවා නුසුදුසු බව කියයි.. අත්සන් කරද්දී නොතේරුනේදැයි පෙරළා අසයි..
October 11, 2018 at 9:20 am | lanka C news
ජිනීවා යෝජනාවලිය පිලිබද දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට ඊයේ රාත්‍රී රජය වෙනුවෙන් පැමිණි ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සහ රජයේ මාධ්‍ය අධ්‍යක්ෂක සුදර්ශන් ගුණවර්ධන මහතා විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සහ තර්ක හමුවේ දැඩි අපහසුතාවයට පත්විය.
පසුගියදා ජිනීවාහී මානව හිමිකම් කවුන්සිලයේ 39 මහා සභාවට සහභාගී වූ මහාචාර්ය චන්න ජයසුමන, රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ආචාර්ය නාලක ගොඩහේවා විසින් මංගල සමරවීර ඇමතිවරයා සම අනුග්‍රාහකත්වය දැක්වූ 30/1 යෝජනාවලිය දැවැන්ත පාවාදීමක් බව සහේතුකව ඔප්පු කළහ.
ලංකාවට යුද අපරාධ එල්ල කල දරුස්මන් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව රජය පාර්ශවයෙන් ශිරාල් ලක්තිලක මහතා පළමු වරට හෙළි කළේය. එසේනම් ඒ මත පදනම් වූ මහ කොමසාරිස් වාර්තාව (OISL) සහ 30/1 ප්‍රතික්ෂේප නොකරන්නේ මන්දැයි මහාචාර්ය ජයසුමන ප්‍රශ්න කල අතර ලක්තිලක මහතාට එයට පිළිතුරක් නොවීය.
තවද 30/1 යෝජනාවේ ඇතැම් කරුණු ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව ලක්තිලක මහතා ප්‍රකාශ කළේය. ලෝකයක් හමුවේ සම අනුග්‍රාහකත්වය දක්වන විට ඒ බව නොතේරුනිදැයි මහාචාර්ය ජයසුමන ප්‍රශ්න කල අතර ඔහු ඒ හමුවේ බලවත් අසීරුතාවයට පත් විය.
සුදර්ශන ගුණවර්ධන මහතා මංගල සමරවීර රැක ගැනීමට අසීරු උත්සාහයක නිරත වුවද ශිරාල් ලක්තිලක මහතා ඒ වෙනුවෙන් කිසිදු උත්හසාහයක් නොදැරීමද වැඩසටහන පුරා කැපී පෙනිණි.
අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීම.. දෙරණ අලුත් පාර්ලිමේන්තුව 10.10.2018
Gepostet von Channa Jayasumana am Mittwoch, 10. Oktober 2018
මේ වගේ ගොබ්බයො උපදේශක වුනහම මෛත්‍රී පිස්සු කෙලින එක අහන්න දෙයක්ද. මම වැඩසටහනම බැලුවා. ආයේ කතා දෙකක් නෑ, මූ ඔය කියන එක රිපෝර්ට් එකක්වත් කියවල නැහැ.
Lakthilake is a person who is prepared to prostitute even his mother for money!
The writer personally knows him.
අම්මට හුඩු! ආප්පයට ඌ ඒක තවම කරනවා
This is not a fare discussion. The moderator is not a moderator, he is totally a biased person. This is really a low quality program.
Another yahapalana idiot.this is a matter of a national security and the future of the nation. Do you think the moderator is the culprit. What a funny argument.
Katen Bathala hitawana gonek…
rata wipathata waada kumata…..?