ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ‍්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…- වෙල්ගම

November 16, 2018 at 3:26 am | lanka C news
ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ‍්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…- වෙල්ගම

‘අපි එපාම කියද්දී මෙතන ඉන්න පිරිසක් ජනාධිපතිත් එක්ක එකතුවෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගාණක් දරදිය ඇදලා හදාගත්ත පොහොට්ටුවත් ඉවරයි. ශ‍්‍රී ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. අපිත් ඉවරයි’ යනුවෙන් කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප‍්‍රකාශ කළේය.

වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව කල් තැබුවාට පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අදහස්‌ දක්‌වමිනි.

පාර්ලිමේන්තුවේ එදින උදැසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක්‌කොම සතුරන්ගේ උගුලකට අසුවී ඇතැයි කියමින් පක්‍ෂයේ වගකිවයුතු නායකයන් කිහිප දෙනකුට බැණ වදිමින් මෙම අදහස්‌ ප්‍රකාශ කළේ ඔවුන් එයින්ද රාජපක්‍ෂ ඇතුළු සැම මේ උගුලට ඇද දැමුවා යෑයි කියමිනි.

– divaina

41 views

38 Comments to “ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ‍්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…- වෙල්ගම”

  1. සිංහල බන්ඩා says:

    වේල්ගම ගෙ ඔලුවට වැටෙන්නෙම නැති දේ තමය් රනිල් තව අවුරැද්දක් රට පාලනය කලා නම් දේසපාලනය කොරන්න කාටවත් රටක් ඉතිරි වෙන්නෙ නැහැ කියන එක.

  2. indunil says:

    rata perata

  3. සිංහල කොන්ග්‍රස් says:

    ඉදිරි මහමැතිවරණය දිනන්න නම් පොහොට්ටුව ශ්‍රිලනිප සමග එකතුවියයුතුමය්.

  4. Boo says:

    මේ වෙලාවේ රට වැටිලා තියෙන වලෙන් ගොඩගන්න තමයි මහින්ද රනිල්ව ඉවත් කිරීමේ සිරිසේනගේ කාර්යයට උදවු කලේ. එහෙම වුනේ නැතිනම් ඔය ඊයේ පෙරේද කලා වගේ සම්පුර්ණ ප්‍රෝඩාවක් දාල 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙල්ලා “ශබ්දය අනුව දිනුවා” කියලා සම්මත කරගෙන අපේ රට කෑලි වලට කඩලා විනාශ කරනවා.

    ඒ වෙනුවෙන් මහින්ද ඉදිරිපත් වුනේ මේ හරහා තමන්ගේ පෞද්ගලික ප්‍රෞඩත්වය, ගෞරවය නැතිවීමට තියෙන අවධානයත් නොතකා කියන එක ගැන අපි ඔහුට ගෞරව කරන්න ඕනේ. එහෙම නැතුව මේ මෝඩයා වගේ රට යකාට ගියාවේ මට 2020 දී බලය ලබාගෙන වැජඹිය යුතුයි කියල හිතුවේ නැහැ. මේ යකා මොනවගේ ආත්මාර්ථකාමී එකෙක්ද කියන එක මොහුගේ මේ කතාවෙන් හොඳට ඔප්පු වෙනවා.

    මුන්ව දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි, නැතිනම් මෙවන් දුෂිත ආත්මාර්ථකාමී පුද්ගලයින්ට පමණක් ගැලපෙන එජාපයට යැවිය යුතුයි.

  5. අංකූරා says:

    වෙල්ගම, අංක එක මව්බිම, අඩය සාර්ථකයි, රට විනාශය කරා ගිය ගමන බාල වුනා. ඉතිරි කොටසත් අප කල යුතුයි.

  6. Aruna says:

    The statement of Welgama looks like correct but it’s not a correct statement at this moment. All Sri Lankan including politicians have responsibility to take action when country is facing difficult situation. So MR has done the right job and we, Sri Lankan think that he has done the duty. If Welgama is right person he should support MR instead of pulling the leg. The Welgama’s statement show he is not genuine person. In Sri Lankan history of 500 years the majority’s choice defeated many time by the minority with help of western influence and this time also same thing happening. So Sri Lankan should understand this and use brain to identify these forces and defeat them.

  7. dsa says:

    meya hama ekatama wiruddayine. gota genawatath wiruddayine.

  8. karge wayire says:

    me wade hodata giya .karu thamayi wade awolkale. karuta irisiya hithuna thamange lagata apu agamathi kurulla mr lagata kiya ekata. karuge kenthiya saha asahane pita una.

  9. Sirisena Yatawara says:

    Kumar Welgama is member of parliament ,but he is not that politician of reputed party. Man is short-sight of Parliamentary form of politics. Our task is still unfinished ,democracy reform has to go long a way.

  10. Radika says:

    වෙල්ගම කියන්නේ ඇත්ත බව මෙතන ඉන්න වීම ගෝලයන්ට නොතේරුනාට වැඩි දෙනෙකුට තේරනව . දැන් විතරක් නෙවෙයි 2015 ත් මහින්දගේ පරාජයට හේතුව කුඩල්ලෝ වගේ එල්ලිලා ඉන්න විමල් ඇතුළු පිරිවර තමයි .

Main News