ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ‍්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…- වෙල්ගම

November 16, 2018 at 3:26 am | lanka C news
ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ‍්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…- වෙල්ගම

‘අපි එපාම කියද්දී මෙතන ඉන්න පිරිසක් ජනාධිපතිත් එක්ක එකතුවෙලා මේ කරපු වැඩෙන් අන්තිමේ අවුරුදු ගාණක් දරදිය ඇදලා හදාගත්ත පොහොට්ටුවත් ඉවරයි. ශ‍්‍රී ලංකා එකත් ඉවරයි. ආණ්ඩුවත් ඉවරයි. රටත් ඉවරයි. අපිත් ඉවරයි’ යනුවෙන් කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා සිය විරෝධය ප‍්‍රකාශ කළේය.

වෙල්ගම මහතා මෙසේ කීවේ ඊයේ (14 දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව කල් තැබුවාට පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 6 දී පැවැති ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී අදහස්‌ දක්‌වමිනි.

පාර්ලිමේන්තුවේ එදින උදැසන උද්ගතව තිබූ තත්ත්වයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මෙම හමුව කැඳවා තිබුණේ සිදුවූ සිද්ධීන් පිළිබඳව සමාලෝචනයක යෙදෙමින් රජයේ ඊළඟ වැඩ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය.

කුමාර වෙල්ගම මහතා මෙහිදී අපි ඔක්‌කොම සතුරන්ගේ උගුලකට අසුවී ඇතැයි කියමින් පක්‍ෂයේ වගකිවයුතු නායකයන් කිහිප දෙනකුට බැණ වදිමින් මෙම අදහස්‌ ප්‍රකාශ කළේ ඔවුන් එයින්ද රාජපක්‍ෂ ඇතුළු සැම මේ උගුලට ඇද දැමුවා යෑයි කියමිනි.

– divaina

60 views

38 Comments to “ජනාධිපති එක්ක එකතු වීමෙන් පොහොට්ටුවත් ඉවරයි.. ශ‍්‍රීලනිපයත් ඉවරයි.. ආණ්ඩුවත් ඉවරයි.. රටත් ඉවරයි.. අපිත් ඉවරයි…- වෙල්ගම”

  1. රූපබන්දු අමරසිංහ says:

    මේ ගොයියා මක්ක කාලද මන්ද. බය වෙන්න ඕන නෑ බොලව්. මේක කොයි පැත්ත හැරුණත් මහින්දට කිසිම අවාසියක් වෙන්නේ නෑ. කොහෙන් ගියත් අන්තිමේ ගඟ වැටෙන්නේ එකම තැනකට. ඒ තමයි “මහින්ද සාගරය”

  2. ruwan says:

    මහින්ද මහතය ආප්ප තාචුව පිටින් ගිල්ලදෝ කියල මට හිතෙනවා. අනේ පව් අපේ මහින්ද මහත්ය.

  3. Sana says:

    nayanath ඉවරයි

  4. ඔබතුමාට තේරෙන දේ පාර්ලිමේන්තුවේ සිටින සහ ඉන් පිටත බොහෝ දෙනෙකුට නොතේරේ. විධායකය සේම සෙසු නායකයිනුත් මේ රටට සපයමින් යන්නේ වැරදි සහගත බරපතල පූර්වාදර්ශයි.

  5. ගැමුණු says:

    මටත් හිතන්නේ මෙයා කියන කතාව ඇත්ත කියලා
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

  6. nalin says:

    සිය තනි අභිමතයට අනුව පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත මැතිවරණයෙන් පසු නැවත පත්වන ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වීමත් ජනමතවිචාරණයකින් ජනතා වරම ගෙන ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවීම මගින් ජනාධිපතිවරයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මැතිවරණ වේදිකාවල තර්ක ඉදිරිපත් වීම මත බිහිවන ආණ්ඩුව ශක්තිමත් ආණ්ඩුවක් වීමත් මගින් ඉදිරියේ පත්වන ආණ්ඩුව අමාත්‍ය සංඛ්‍යාව වැඩි කර ගන්නා ජාතික ආණ්ඩුවක් නොවීම ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුව විසුරවීමේ වාසි වේ.

  7. Sepala says:

    You have greediness to become PM. MR thinks about his country first. His party comes to second. You have hidden ajenda. Come on Welgama just because you have money, don’t think you can become PM. At least keep your rotten mouth and watch what MR and President going to do for this country and the people.

  8. Samare says:

    Ithin ehenam puluwan athak balagannai thiyenne. Awasthawe hetiyata idiriyedi wiyaheki avadanama nothaka theendu thirana ganna minisunta api kemathi. Obath oya kiyana dewal anagatha karunu penila saha suddenma prathysksha vu dewalda. Owa kuhaka kamata penena anduru sihina. Obata prathikara avashyai.

  9. Silkroad says:

    Very true

  10. Ratnamalala says:

    පසුගිය ටිකේ කරපු ප්‍රකාශ කෙසේවෙතත් මෙයට නම් මම එකඟයි.