ජනාධිපති කල ප්‍රකාශයට ඇමති විජේදාස රාජපක්ෂට දරුණු ලෙස අපහාස කරයි..
June 20, 2017 at 3:00 pm | lanka C news
පසුගිය දා මහනුවර බෞද්ධ පාසලක වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයකට සහභාගි වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අද වනවිට රටේ ජාතීන් අතර අසමගිය ඇති කරලීමට සමහරුන් මාධ්‍ය ඔස්සේ වැරැදි ප්‍රචාරයන් ගෙනියන බවයි.
එවෙනි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින්ම නිරීක්ෂණය කරනු ලැබුවේ පසුගියදා පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් ඔස්සේ පැවති වැඩසටහනක සහභාගි වූ මහත්මයෙක් අලුත් ආණ්ඩුව ආවට පසු එනම් 2015 ජනවාරි 8 වෙනිදා සිට අද දක්වා කතෝලික පල්ලි 166 ක්ට පහර දී ඇති බව කීමත් සමගය.
මේ සම්බන්ධව ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වී අදාළ සිද්ධිය සම්බන්ධව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් මාහිමිපාණන්ගෙන් විමසු බවත් උන්වහන්සේ ඒ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් එවෙනි දෙයක් තමන් වහන්සේ වෙත වාර්තා වී නොමැති බව පැවසුවේ යයිද සදහන් කලේය.
එමෙන්ම ජනාධිපතිවරයා පැහැදිලි කලේ මෙවෙනි සිද්ධීන්ට මාධ්‍ය ඉදිරිපිටට ගෙනහැර සමහරුන් රටේ ජාතින් අතර සාමය බිදීමට උත්සහ ගන්න බවයි. එම ප්‍රවෘත්තිය සඳහා ඊයේ දිනයේදීය පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබා දුනි. එම ප්‍රකාශය මෙතනින්
ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු මෙරටේ අධිකරණ හා බුද්ධශාෂන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා ලෙසත් මෙරටේ සීයයට 70.4% බෞද්ධන් වෙනුවෙන් එම ප්‍රකාශය කළ නීතිඥවරයා සම්බන්ධව ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාගේ කතාව අනුමත කල අතර මෙම ප්‍රකාශය සම්බන්ධව ඉතා නිර්ධය ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විවෙචනය කොට වක්‍රව ජනාධිපතිවරයාට එම ආගම්වාදි ප්‍රකාශය කල නීතිඥවරයා සම්බන්ධව තොරතුරු පොලිසිය හරහා ලබා නොගෙන අගරදගුරු හිමිපාණෝගෙන් ලබා ගැනිම එක්සත් ජාතික පක්ෂයට හිත්වත් වෙබ් අඩවියක් හරහා වාර්තා කොට තිබිණ.
සම්පූර්ණ කතාව මෙතනින්