ජනාධිපති කාර්යාලයේ ප්ලාස්ටික් ජල බෝතල් නවතා දමයි..

December 18, 2019 at 8:40 am | lanka C news
ජනාධිපති කාර්යාලයේ ප්ලාස්ටික් ජල බෝතල් නවතා දමයි..

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡුා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.

එහි පාරිසරික බලපෑම ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමු වීමෙන් අනතුරුව මින් ඉදිරියට ජල බෝතල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කිරීමට තීරණය කෙරිණි. ඒ වෙනුවට ජල වීදුරු පිළිගැන්වීමට කටයුතු සලසන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

එමගින් මෙතෙක් ජනාධිපති කාර්යාලයේ දෛනිකව පරිභෝජනයට ගත් ප්ලාස්ටික් ජල බෝතල් පරිසරයට එකතුවීම සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩු වනු ඇත.

සෙසු රාජ්‍ය ආයතන ද මෙම පිළිවෙත හැකි පමණින් අනුගමනය කරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එසේ වුවහොත් පරිසරයට එකතු වන ප්ලාස්ටික් බෝතල් ප‍්‍රමාණය විශාල වශයෙන් පහළ යනු ඇත.

‘වනජීවී සංරක්ෂණ සංසදය, ‘මිහිතල මිතුරන්, ‘තම්බපණ්ණි සොබාදහම් කණ්ඩායම යන සංවිධාන, පරිසර හිතකාමීන් සහ පරිසරවේදීහු ජනාධිපතිතුමා දින දෙකකට ඉහතදී ගත් මෙම ක‍්‍රියාමාර්ගයට බලවත් ප‍්‍රසාදය පළ කරති.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

144 views

12 Comments to “ජනාධිපති කාර්යාලයේ ප්ලාස්ටික් ජල බෝතල් නවතා දමයි..”

  1. Eiffel says:

    එහෙ විතරක් නෙමේ මුලු රටෙන්ම ප්ලාස්ටික් බෝතල් සහ ෂොපින් බෑග් නැති කළ යුතුයි.. මම ප්‍රාර්තනා කරනවා මේ සම්බන්්ධයෙන් ජනාධිපතිගෙ අවධානය යොමු වේවා කියලා…..

    • RW says:

      කාක දූපත වැල්ලට ගියොත් බලන්න පුලුවන් කැලණි ගගෙන් මූදට වැටිල ගොඩ බිමට එන ප්ලාස්ටික් තොගය . මේවා සුළු වශයෙන් දිය වෙලා අපිට අනාගතයේ ලුනු එක්ක කන්න වෙනව .

    • sayumi says:

      හැම එකම ජනාධිපති ගෙන් බලාපොරොත්තු නොවී එතුමා දුන් ආදර්ශය අපිත් ක්‍රියාවට නංවමු. ශොපිං බෑග් සහ ප්ලාස්ටික් ජලබෝතල් භාවිතය නවත්වමු.

  2. kings says:

    ගරු ජනාධිපති තුමනි.
    හැම මීටිමකම මි.ලි.500 හෝ 1000 ජල බෝතල් දක්නට ලැබෙනවා. ඒවායින් උගුරු දෙක තුනක් පාවිච්චි කර අහක දානවා. ඒ හිස් බෝතල් පරිසරයට එකතු වෙනවා. මම යෝජනා කරන්නෙ මේ වෙනුවට හොඳින් පිරිසිඳු කල වීදු වලට ඔය පාවිහ්චි කරන වර්ගයේම ලීටර් 19 ලොකු බෝතල් සමග Water Dispenser එකක් හෝ දෙකක් තබන ලෙසයි.

    • Saradiel says:

      සමහර හෝටල් වලින් දෙන වතුර බෝතල් වල ලුණු රසක් ඇත …මේ බෝතල් වතුර පානය කිරීමට සුදුසු තත්වයක ඇත්දැයි සොයාබැලීම සිදුකල යුතුයි
      කරුණාකර බෝතල්වතුර ගැන රජයේ සැලකිල්ල යොමුකරන මෙන් ඉල්ලමි

  3. Jagath says:

    For security reasons, it is advisable to use sealed glass bottles for water, especially for VIP s, which are reusable !
    Why not bottling companies try this ?

    • sky says:

      අපේ රටේ රථවාහන වලින් සිදුවන පරිසර හානිය ගැන සැලකිල්ලක් ගත යුතුයි …උදා -රථවාහන වල අබ්ගෑස් නිසා නුවර නගරයේ හුස්මගැනීමට පවා අපහසු තාවයක් ඇත ..මහනුවර නගරයේ දවසක් ඇවිද්දොත් POLUTION එක නිසා රෝගී තත්වයක් ඇතිවේ .මේ ගැනත් රජයේ සැලකිල්ල යොමුකරනු මැනවි …විෂ වායු වලින් තොර පරිසරයක් අපේ රටට අවශ්‍ය යි ..මේ නිසා සිදුවන හානිය සුළුපටු නොවේ ..

  4. SL says:

    All ind of platic bottles can becbanned.2 dacades ago many companies used to recollect glass containers and refilled with their product.now they produce and release millions of plastic containers to the market daily and neglect their social responsibility of recollecting them snd let those bottles end up in waterways.roads etcc.
    This must be stopped .for example :Chennai is almost banned all form of plastics

  5. arapirimassma says:

    jala bothal pawichiyen dinakata wisal jala pramanayak apathe yanawa, meka hoda wadak.

    • Chinthana says:

      How does it happened…..??? Were people Using Glass Bottle Now….? Is it statutory Requirement to Use Glass Bottle…? Did you measure the Wastage … ?? Or Do you have any Statistics in Your Hand….?? Or You just Mentioned According to your Knowledge …. ??

  6. Aurora says:

    ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් සපයන ජලය ඉතාමත් සුදුසු තත්වයක ඇත. එහි ඇති එකම ගැටලුව ක්ලෝරීන් නිසා ඇතිවන අමිහිරි රසයයි. එය නැතිකිරීම සඳහා මිල ඉතම් අඩු ජල පෙරනයක් ඇති අතර ඉන් එකක් මමද පාවිච්චි කරමි. එම පෙරනයේ ජලය සාමාන්‍ය ස්වභාවික මිහිරි රසයෙන් යුක්තය.

Main News