ජනාධිපති කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප‍්‍ර‍්‍රහාරයක්….?

June 4, 2021 at 10:00 am | lanka C news
ජනාධිපති කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප‍්‍ර‍්‍රහාරයක්….?

ජනාධිපති කාර්යාලය අතුළු ප‍්‍රධාන පෙලේ රාජ්‍ය වෙබ් අඩවි කිහිපයක් සයිබර් ප‍්‍රහාරයන්ට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවිය.

රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

——————-

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ එවන් සයිබර් ප්‍රහාරයක් ජනාධිපති කාර්යාල වෙබ් අඩවියට එල්ල වී නැති බවත් ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය ගැන පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් ය.

 

35,386 views

11 Comments to “ජනාධිපති කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප‍්‍ර‍්‍රහාරයක්….?”

  1. Karunadasa says:

    කටිටිය කරන්ඩ පුලුවන් හැමදේම කරනවා වගේ

    • Sajith says:

      උතුරෙ කට්ටියගෙ මනදොල පුරවන්න කොලඹ උදව් ඇතුව, ස්විස් සල්ලි වලින් කරන වැඩ.

  2. අපි ගොන්නු නොවේ......! says:

    mcc…….sad…..cia….ltte

  3. දැන්වත් හිතන්න says:

    පල් බොරුවක් ඒ වෙබ් වැඩ හොඳට

  4. ආදායම says:

    සයිබර් ප්‍රහාරත් ජනාධිපති නීති විශාරදයන්ගෙ ඒකාබද්ධ ප්‍රහාර වගේ…ආදායම ඔවුන්ට…!

  5. Asantha wiyalagoda says:

    රාජ්‍ය අංශවල ඒවට ඔනි දෙයක් උනාවේ පුද්ගලික අංශවල ඒවට නම් මොකවත් එපා. පෙනවනේ රටේ factory ටික වැහුනොත් මොකවත් නැ කියලා.. v8 අරවා මේවා සැප සම්පත් ඒවා මේවා මොකවත් නැ. අඩුම තරමේ කම්කරු පඩියවත් ආන්ඩුවෙ ඒවුන්ට ගෙවා ගන්න වෙනනේ නැ factory ටිකට කෙල උනොත්. Factory ටිකේ වැඩ කරන උන් තමයි මේ රටට සල්ලි හොයලා දේන්නේ.

  6. එදන්ඬේ ගියපු පුතා නො says:

    ජනාධිතිවරය ගේ වෙබ්සයිට් එක වගේ ද මෙයා ලංකාවේ දොරකොඩ ටම ඇවිත් ගිනි තියං මුළු මුදයි වෙරලයි අපේ ස ගේ නේවි එකටයී රජයට යි ඇරලා තඩි නැවක් ගිලුණේ. රටේ රාජ්‍ය අර්ක්ෂාව නැති එකේ වෙබ්සයිට් ගැන මොන කතාද ? මේ කොයික ත් ඉතින් නොදැන වෙන දේවල් නෙමේ නේ. ටෙම්ප්ලේට් කොපි කරලා ලෝ ලෙවල් සෙකුරිටි තියන රජයේ ලොකු ලොකු වෙබ්සයිට් ඉස්සරහට තව හැක් වෙයි. පස්සේ ලොකු සොෆ්ට්වෙයාර් ෆර්ම් එකක් ගේමු. දෙමු ලොකු ගානක් ගොඩගන්න. නැතුව කොහොමද අලුතින් ගත්ත අමතිකමින් පොඩි කට් එකක් හොයා ගන්නේ. ටිකිරි මොලේ තමයි මොලේ.

  7. ඉක්කා says:

    මේක කතාව ඇත්ත නම්, ටෙක්නොලොජි අමාත්‍යාංශය යටතේ ඇති ආයතනය මීට වඩා රජයේ ප්‍රධාන ආයතනයවල දත්ත ගැන, වෙබ් අඩවි ගැන සයිබර් ආරක්ෂක පූර්ව ආරක්ෂක පියවර ගත යුතුයි.පුටු රත්කර කර සොමිය අරගෙන ආතල් එකේ ඉන්නේ නැතිව.

  8. Have one says:

    අමිමපා …..ඒක විතරයි අඩුවට තිබුනේ….ඔතනට ඊයෙ පෙරේදා පැනගත්ත නොද කිං ගැන හොයල බලන්න. අවස්ථාවාදි පරයා වැඩේ Plant කලාද දන්නෙ නෑ…රැදෙන්න බලාගෙන….
    පස්සත් හෝදපු නිමල් ලක්ශපති ට ඇරපු ඔය යකා තමයි ඔබතුමා දදාගත්ත අලුත්ම වෛරසය….
    ජීවමාන හූනියමක් ඔය සිරසෙන් ආව කෑදැත්තා..

  9. ජිම් පුතානෝ says:

    ඕක ආරක්ෂා කරන්න බැරි එකාට පුලුවන්ද රට ආරක්ෂා කරන්න .

  10. බොරුවා says:

    මේක බොරුවක්ද?

Main News