ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, චන්ද‍්‍රිකාගේ හිටපු ලේකම්, කන්තලේ සීනි, යකඩ හා පගාව ගැන රට නොදන්න කතාව මෙන්න..

May 4, 2018 at 9:20 am | lanka C news
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, චන්ද‍්‍රිකාගේ හිටපු ලේකම්, කන්තලේ සීනි, යකඩ හා පගාව ගැන රට නොදන්න කතාව මෙන්න..

ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිදුවීම සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.

එම සටහන මෙහි දැක්වෙයි.

කන්තලේ සීනී කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘කන්තලේ ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපෘතිය‘ යෝජනා කෙරුණි. එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100 කි. කන්තලේ සීනි සමාගම යනු ඉඩම් හා අතහැර දමන ලද ගොඩනැගිලි හා යන්ත්‍ර‍ කිහිපයක් පමණී. ලංකා රජයට මේ ව්‍යාපෘතිය මගින් ස්ථාපනය වන සමාගමේ කොටස් 51% ක් ලැබේ. ඒ වෙනුවෙන්, ලංකා රජය දෙන්නේ මොනවාද? සත්‍ය වශයෙන්ම කිසිවක් නැත!

කථාව කෙටියෙන් කියමි.

එම්ජී ෂුගර්ස් සමාගමෙන් දැවැන්ත මුදලක් (අල්ලසක්) උදුරා ගන්නට ආචාර්ය අයි.කේ. මහානාම උත්සාහ කළේය. මේ ගැන එදා දුෂණ විරෝධී පෙරමුණ කථා කළේය. සමාගම ඉල්ලා සිටියේ ගොඩනැගිලිවල ඉතිරි කොටස් නව හා යන්ත්‍ර‍ නව සමාගමට දෙන ලෙසය. කිසිදු හේතුවක් නොදක්වා එදා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් මහානාම එයට විරෝධය පළ කළේය. ඩොලර් මිලියන 100 ක ආයෝජනය නැවතුණි. කන්තලේ දියුණු කළ හැකි ආයෝජනය නැවතුණි.

මේ සිද්ධිය ගැන මුලින්ම කථා කළේ මාගේ මිතුරු හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ය. උපුල් ට, මහානාම මුදල් ඉල්ලන බව කෙළින්ම ජනමාධ්‍යයට කියන්නට තරම් ශක්තියක් තිබුණි. මේ ගැන විමසූ කළ, උපුල් කීවේ ‘ලංකාවට ලැබිය හැකි අගනා ආයෝජනයක් හොරු කිහිප දෙනෙකු නිසා අහිමි වන බවයි.‘ අවසානාවකට මේ චෝදනාවට මඩ වැදුණේ හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන හිටපු ඉඩම් ඇමතිතුමාටය.

දැන් වසර දෙකක් පුරා ‘එම්.ජී. සුගර් හා රජය ‘ජාත්‍යන්තර බේරුම්කරණයට‘ ගොස් ඇත. රටට දැවැන්ත ආයෝජනයක් අහිමි විය. අල්ලසක් නිසා ආයෝජනයට බාධා කළ පුද්ගලයා හිටපු ඉඩම් ලේකම් ය.

අත්අඩංගුවට පත් වන දෙවන පුද්ගලයා CBK’s long time Secretary දිසානායක, ගේ පුත්‍ර‍යා මෙම ගනුදෙනුවේ මැදිහත්කරුය. ඔහු විවාහ වී සිටින්නේ කුරුණෑගල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගේ දියණිය සමගිනි.

රටට ඩොලර් මිලියන 100 ක ආයෝනයක් ගෙන ආ සමාගමට යන එන මං නැත. මුදල් ද, ව්‍යාපාරය ද නැත. කප්පම් කරුවෝ අල්ලස් ඉල්ලති. එය නොලැබෙන විට අහක යන ලෙඩ දමති.

මෙයට මාස කිහිපයකට පෙර, ජනාධිපති ලේකම් කාර්යාලයට ‘ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍ර‍ධානී‘ තනතුරට පුද්ගලයෙකු අවශ්‍ය වන්නේය. මාසයකට පෙර, එයට ආචාර්ය මහානාම යෝජනා වි එම තනතුර ලබන්නේය. (මෙවන් දුෂිතයෙකුට ජනාධිපති කාර්යාලයේ තනතුරක් ලැබීම තුල ජනාධිපති කාර්යාලයේ අකාර්යක්ෂමතාව පිළිබද අදහසක් ලබා ගත හැකිය)

ඔහු තමන් නැවතු තැනින්, පටන්ගන්නේය. තමන් ජනාධිපති කාර්යාලයේ බැවින් ව්‍යාපාරය ඇරඹිමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව කියා ඔහු ඉල්ලන්නේ කෝටි 60 කි (එය ඉඩම් ලේකම් සමයේ දී ඉල්ලු මුදලයි) පසුව එය කෝටි 10 ට පහත වැටෙන්නේය. අද, අල්ලස් කොමිසම මුදල් දෙන විට අල්ලා ගන්නේ එයින් කෝටි 2 ක් ලබා ගන්නට පැමිණි අවස්ථාවේ දී ය! ((කන්තලේ යකඩ ගොඩේ සත්‍ය වටිනාකම කෝටි 50 ක් යැයි කියනු ලැබේ.)

– Keerthi.tennakoon FB

35 views

14 Comments to “ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, චන්ද‍්‍රිකාගේ හිටපු ලේකම්, කන්තලේ සීනි, යකඩ හා පගාව ගැන රට නොදන්න කතාව මෙන්න..”

  1. Love nature says:

    දැන් සිරිසේන ප්‍රමුඛ මේ පිරිසට සිදුව ඇත්තේ තමන්ගේ හිසේ අසූචි තබාගෙන ”මම සුදනා මම සුදනා” යනුවෙන් උදම් අනන ඉස්සාට සිදුවුණ අලකලංචිය යි. එමෙන් ම තමන් වීදුරු ගෙවල්වල සිට අනුන්ට ගල් ගැසු බවද දැන් මේ පිරිසට වැටහි ඇතුවාට සැක …නැත

  2. මේ මහානාම කියන්නේ අර කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු සිව්රු ඇරපු බුවා නේද. පස්සේ මු පරිපාලන සේවයට බැදුනා මතකයි.

Main News