ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, චන්ද‍්‍රිකාගේ හිටපු ලේකම්, කන්තලේ සීනි, යකඩ හා පගාව ගැන රට නොදන්න කතාව මෙන්න..

May 4, 2018 at 9:20 am | lanka C news
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, චන්ද‍්‍රිකාගේ හිටපු ලේකම්, කන්තලේ සීනි, යකඩ හා පගාව ගැන රට නොදන්න කතාව මෙන්න..

ජනාධිපති මෛත‍්‍ර‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානී අයි.කේ. මහානාම හා රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සිදුවීම සම්බන්දයෙන් පැහැදිලි කිරීමක් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇත.

එම සටහන මෙහි දැක්වෙයි.

කන්තලේ සීනී කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘කන්තලේ ප්‍ර‍තිසංස්කරණ ව්‍යාපෘතිය‘ යෝජනා කෙරුණි. එහි ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100 කි. කන්තලේ සීනි සමාගම යනු ඉඩම් හා අතහැර දමන ලද ගොඩනැගිලි හා යන්ත්‍ර‍ කිහිපයක් පමණී. ලංකා රජයට මේ ව්‍යාපෘතිය මගින් ස්ථාපනය වන සමාගමේ කොටස් 51% ක් ලැබේ. ඒ වෙනුවෙන්, ලංකා රජය දෙන්නේ මොනවාද? සත්‍ය වශයෙන්ම කිසිවක් නැත!

කථාව කෙටියෙන් කියමි.

එම්ජී ෂුගර්ස් සමාගමෙන් දැවැන්ත මුදලක් (අල්ලසක්) උදුරා ගන්නට ආචාර්ය අයි.කේ. මහානාම උත්සාහ කළේය. මේ ගැන එදා දුෂණ විරෝධී පෙරමුණ කථා කළේය. සමාගම ඉල්ලා සිටියේ ගොඩනැගිලිවල ඉතිරි කොටස් නව හා යන්ත්‍ර‍ නව සමාගමට දෙන ලෙසය. කිසිදු හේතුවක් නොදක්වා එදා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් මහානාම එයට විරෝධය පළ කළේය. ඩොලර් මිලියන 100 ක ආයෝජනය නැවතුණි. කන්තලේ දියුණු කළ හැකි ආයෝජනය නැවතුණි.

මේ සිද්ධිය ගැන මුලින්ම කථා කළේ මාගේ මිතුරු හිටපු ආයෝජන මණ්ඩලයේ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ය. උපුල් ට, මහානාම මුදල් ඉල්ලන බව කෙළින්ම ජනමාධ්‍යයට කියන්නට තරම් ශක්තියක් තිබුණි. මේ ගැන විමසූ කළ, උපුල් කීවේ ‘ලංකාවට ලැබිය හැකි අගනා ආයෝජනයක් හොරු කිහිප දෙනෙකු නිසා අහිමි වන බවයි.‘ අවසානාවකට මේ චෝදනාවට මඩ වැදුණේ හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන හිටපු ඉඩම් ඇමතිතුමාටය.

දැන් වසර දෙකක් පුරා ‘එම්.ජී. සුගර් හා රජය ‘ජාත්‍යන්තර බේරුම්කරණයට‘ ගොස් ඇත. රටට දැවැන්ත ආයෝජනයක් අහිමි විය. අල්ලසක් නිසා ආයෝජනයට බාධා කළ පුද්ගලයා හිටපු ඉඩම් ලේකම් ය.

අත්අඩංගුවට පත් වන දෙවන පුද්ගලයා CBK’s long time Secretary දිසානායක, ගේ පුත්‍ර‍යා මෙම ගනුදෙනුවේ මැදිහත්කරුය. ඔහු විවාහ වී සිටින්නේ කුරුණෑගල එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ගේ දියණිය සමගිනි.

රටට ඩොලර් මිලියන 100 ක ආයෝනයක් ගෙන ආ සමාගමට යන එන මං නැත. මුදල් ද, ව්‍යාපාරය ද නැත. කප්පම් කරුවෝ අල්ලස් ඉල්ලති. එය නොලැබෙන විට අහක යන ලෙඩ දමති.

මෙයට මාස කිහිපයකට පෙර, ජනාධිපති ලේකම් කාර්යාලයට ‘ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍ර‍ධානී‘ තනතුරට පුද්ගලයෙකු අවශ්‍ය වන්නේය. මාසයකට පෙර, එයට ආචාර්ය මහානාම යෝජනා වි එම තනතුර ලබන්නේය. (මෙවන් දුෂිතයෙකුට ජනාධිපති කාර්යාලයේ තනතුරක් ලැබීම තුල ජනාධිපති කාර්යාලයේ අකාර්යක්ෂමතාව පිළිබද අදහසක් ලබා ගත හැකිය)

ඔහු තමන් නැවතු තැනින්, පටන්ගන්නේය. තමන් ජනාධිපති කාර්යාලයේ බැවින් ව්‍යාපාරය ඇරඹිමට අවශ්‍ය පහසුකම් සැලසිය හැකි බව කියා ඔහු ඉල්ලන්නේ කෝටි 60 කි (එය ඉඩම් ලේකම් සමයේ දී ඉල්ලු මුදලයි) පසුව එය කෝටි 10 ට පහත වැටෙන්නේය. අද, අල්ලස් කොමිසම මුදල් දෙන විට අල්ලා ගන්නේ එයින් කෝටි 2 ක් ලබා ගන්නට පැමිණි අවස්ථාවේ දී ය! ((කන්තලේ යකඩ ගොඩේ සත්‍ය වටිනාකම කෝටි 50 ක් යැයි කියනු ලැබේ.)

– Keerthi.tennakoon FB

299 views

14 Comments to “ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී, චන්ද‍්‍රිකාගේ හිටපු ලේකම්, කන්තලේ සීනි, යකඩ හා පගාව ගැන රට නොදන්න කතාව මෙන්න..”

  1. ජනක says:

    අපි මොනතරම් අහිංසක මිනිස්සුද ?සත පහක් අතේ නැතිවුනත් දහසක් උවමනාවන් තිබුනත් කිසිම කෙනෙක්ගෙන් පගාවක් ගන්නේ නෑ .එවැනි මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද නමුත් මේ උගත් යයි කියාගන්නා මිනිස්සු කිසිම ආත්මාභිමානයක් නැතිව මේ කරන ලජ්ජා නැති වැඩ .මේ පිටුපස්ස තව පුද්ගලයන් ඇති ඉතාම උසස් තනතුරු දරන අය ඇති මේ අහුවෙන්නේ හාල් මැස්සෝ සමහරවිට ලොකු අයගේ ඥාතින් බෑණා වරුන් ඇති කවුද දන්නේ ?

  2. shelton says:

    මහින්දගෙ කාලෙ උනානම් මෙය බැසිල්ගෙ

  3. Chanaka says:

    Students wiil have to be more brainfull. Otherwise this country will not be having a future. On the other hand what can the country can expect from this type of people. Specialy former president Mahinda Rajpakshe is not an ordinery figure in this country.

    Chanaka (Bank Employee)

    • Citizen says:

      Chanaka

      There is nothing called “Otherwise”. This country now is absolutely not going to have any future. There is no point in the students being more brainfull. Because the rulers of this country don’t respect brainy people. They respect only corrupted people. I don’t think our children have any future in Sri Lanka. Very Sad.

  4. රත්නසේන says:

    සිරිසේන උන්නැහේ ගේ අනුදැනුම නැතිව මෙවන් දෙයක් නිළධාරින්ට කළ හැකි ද?

    • Ravi says:

      අනේ නෑ එයා අද දෑක්කෙත් පත්තරෙන්

  5. පොඩි එකා says:

    මොකක්අද අර ව්‍යාපෘතියකට අනුමැතිය දෙන්න ඔස්ට්‍රේලියානු සමාගමකින් පගාවක් ඉල්ලූ කේස් එකට වෙච්ච දෙයක් නෑනේ… ඒ ගැන නීතිපතිට උපදෙස් දුන්නා කියලා විතරයි අපි දන්නේ… එතනින් එහාට වෙච්ච දෙයක් නෑ.. අපේ රටට කල අපහාසයට ඔස්ට්‍රේලියාවෙන් වන්දි ඉල්ලා නඩු දැමිය යුතුය…

  6. කුමාර says:

    කෝටි 54ක් නේ ඉල්ලා තියෙන්නේ.. මේ දෙන්නට විතරක් වෙන්න බෑ… මේකෙ මහ මොලකාරයා කවුද?? ඒවා ඉතින් කවදාවත් එළියට එන්නේ නැ…..

  7. Hesh says:

    හොරෙක් අහු උනොත් ඌ කොහෙන් හරි යූන්පී එකට ගෑවෙනවමයි. හැබැයි ටොයියො තාම හීන දකින්නෙ මහින්ද හොරකම් කරා කියන ඒව හොයාගන්න. හොරකම් කරානම් මේ වගෙ පොට්ටෙට හරි අහු වෙන්න ඕනෙ නේද?

  8. Nish says:

    ජනාධිපතිතුමා රනිල්ගේ ගජමිතුරු යාලුවා සුරේන් රත්වත්ත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගහපු ගැහිලි හොයන්න කොමිසමක් දාන්න ගියා විතරයි යූන්පී එක යටතේ තියෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ජනාධිපතිතුමාගේ ගෝලයෙක් අල්ල ගත්තා.

  9. ඩිංගිරාල says:

    ඕව ඉතිං ගන්නෙ බලල් අත් වලින්නෙ. කෙලින්ම ගන්න තරම් අශීලාචාර නෑනෙ. කලින් වුනෙත් එහෙමනේ…..එහෙමනේ……..

  10. Upul says:

    This country is full of fraudsters. ( Nodokin hora haththa )

Main News