ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අත්අඩංගුවට ගෙන ඇත්තේ අගමැතිගේ මෙහෙයවීමෙන්…- විදෙස් මාධ්‍ය කියයි..

May 7, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී අත්අඩංගුවට ගෙන ඇත්තේ අගමැතිගේ මෙහෙයවීමෙන්…- විදෙස් මාධ්‍ය කියයි..

රුපියල් මිලියන 540 ක් පගාව ඉල්ලා පසුගිය සිකුරාදා සවස එයින් රුපියල් මිලියන 20 ක අත්තිකාරමක් ගනිද්දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානි අල්ලස් හා දූෂණය කොමිසමේ නිලධාරින් විසින් අතටම කොටුකර ගැනිම සඳහා අවශ්‍ය උපදෙස් අදාළ ඉන්දීය සමාගමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය මගින් ලබාදුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත.

මීට මාස කිහිපයකට පෙර කන්තලේ සීනි සමාගම ගැනීමට මිල ඉදිරිපත් කල ඉන්දීය සමාගම වසර 30 කට ලබාගැනිමට අවශ්‍ය මිල ගනන් ඉදිරිපත් කලේ 2015 සැප්තැම්බර් මාසයේදී බවත් ඒ අනුව සීනි සමාගමේ පාලන අයිතිය ඉන්දීය සමාගමට ලැබුනු බවත් එහෙත් ජනාධිපතිවරයා විසින් පත්කල එවකට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ආචාර්ය අයි එච් කේ මහානම දිගින් දිගම එම ආයතනය ඉන්දීය සමාගමට පැවරිමට හරස් කැපු බවත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුවේදි ජාත්‍යන්තර බේරුම්කරනයට ගොස් නියෝගක් ලබා ගත් බවත් එහෙත් ඔහු විසින් තවදුරටත් කෝටි 540 ක් අල්ලසක් එය නිදහස් කිරිමට ඉල්ලූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය පලාත් පාලන මැතිවරණය සඳහා කන්තලේ ගිය අගමැතිවරයා මුණගැසී අදාළ ඉන්දීය සමාගමේ නිලධාරින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ ගැටලුව සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ඉඩම් ඇමතිවරයා දැනුවත් කරන ලෙසය

එහෙත් ඊට ද ප්‍රතිචාරයක් ජනාධිපති හෝ එම කාර්යාලය මගින් නොලැබුණු බවත් ඊට පසුව අදාළ දූෂිත නිලධාරියා ශ්‍රීලංකාවේ ඉහළම රාජ්‍ය නිලධාරි තනතුරක් වන ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙස මාස දෙකකට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කල බවත් එම වාර්තාවේ සඳහන් වේ. ඉන්පසු ඔහු විසින් ඉහත අතිවිශාල පගාව ඉල්ලා සිටි බවත් ඒ අනුව නැවත අදාළ සමාගම විසින් අගමැතිවරයා දැනුවත් කලහ.

එහිදි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉතා රහසිගතව අල්ලස් කොමිසමේ නිලධාරින් ලවා මෙම වැටලීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බැව් චීනයේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන නිව්ස් ඉන් ඒසියා newsin asia වාර්තා කොට ඇත.

එම වාර්තාව අනුව සඳහන් වනුයේ අදාළ ඉන්දීය සමාගමට රුපියල් මිලියන 540 න් අත්තීකරම් මුදල පාර්සල් දෙකකට වෙන් කොට ගෙනෙන ලෙසත් අල්ලස් කොමිසමේ උපදෙස් අනුව රුපියල් 5000 නෝට්ටු එක පාර්සලයක බහා ගෙනා බවත් එහිදි ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි අයි එච් කේ මහානාම එම මුදල ජනාධිපති කාර්යාලයට අයත් ඔහුගේ නිල රථය තුල සිට පාර්සල දෙකකට ගනන් කොට වෙන් කිරිමට පටන් ගත් අවස්ථාවේදී ඔහු අත් අඩංගුවට ගත් බවයි.

link

183 views
Main News