ජනාධිපති කැබිනට් හමුවේදී එජාපයට බැන්න බලූ බැණුම මෙන්න..

January 17, 2018 at 10:40 am | lanka C news
ජනාධිපති කැබිනට් හමුවේදී එජාපයට බැන්න බලූ බැණුම මෙන්න..

ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරමින් දොස් පැවරු ආකාරය අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ මෙසේය.

‘මම පසුගිය ආණ්ඩුවෙන් එලියට බැස්සේ හොරකමට දූෂණය විරුද්ධයි. එදා එළියට බැහැලා අලුත් ආණ්ඩුවක් හැදුවේ ඒ හොරකම් දූෂණ නැවත කරන්න ද කියලා මම අහනවා. එක්සත් ජාතික පාක්ෂිකයන් මට ඡන්දය දුන් බව ඇත්ත. මම ඔවුන්ට ගරු කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මඩ ගහන්නේ මාව බය කරන්නද මාව එළවන්නද. මේවා ඒ අයගේ උවමනාවෙන් කරන ලද ඕනෑකමින් කරවනවාද කියල මම දන්නෙ නැහැ.

මම එදා එළියට බැස්සෙත් ජීවිත අවදානමක් නොතකායි. ඒ නිසා මට මේ විවේචන හොඳට පුරුදුයි. බැඳුම්කර කොමිසම පත්කළේ යූඑන්පියට ගහන්න කියලා සමහර මන්ත්‍රීවරුන්ට කියා යනවා. හැබැයි මම කොමිසන් සභාව පත් කළේ බැඳුම්කර ගනුදෙනුව ගැන හොයන්න. මට කා එක්කවත් පුද්ගලික ප්‍රශ්න නෑ.

මගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමත් සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා. මම මෙතන ඉන්න අාපු කෙනෙක් නොවෙයි. මම හෙට නෙවෙයි අද වුණත් යන්න ලැස්තියි. මම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේ ඒ ගැන මත දෙකක් තිබුණු නිසයි. මම නිලධාරින් එකක් සාකච්ඡා කරලයි ඒක කළේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මා පිළිගන්නවා. නම් ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නෑ.

මම හොරු ගැන කිව්වම කවුරුත් කුලප්පු වෙන්න අවශ්‍ය නැහැ. මම එදත් හොරකමට විරුද්ධයි අදත් හොරකමට විරුද්ධයි. අපි ආවේ කුමකටද කියලා කල්පනා කරන්න ඕනෑ. අපි ආවේ ගිය ආණ්ඩු කරපුවම කරන්නද කියලා මම අහනවා.

එදා රවී කරුණානායක මහත්මයා මුදල් ඇමති කමට පත් කරද්දී මම විරුද්ධ වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අධිපති කමට පත් කරද්දී මං විරුද්ද උනා. එදා මම කිව්ව දේ ඇහුවා නම් අද මේ ප්‍රශ්න නෑ. හොරකමට දූෂණයට විරුද්ධව මම දිගටම සටන් කරනවා. මට බැනලා ඒවා නතර කරන්න බැහැ. කවුරුවත් මාව විවේචනය කළත් මට කොපමණ පහර ගැසුවත් මගේ ගමන නතර කරන්නේ නැහැ. මාව බය කරන්නත් බෑ. මේ විදියට ආණ්ඩුව කරනවද නැද්ද කියල ඔයාලත් තීන්දු කරන්න’

– ලංකාදීප

76 views

26 Comments to “ජනාධිපති කැබිනට් හමුවේදී එජාපයට බැන්න බලූ බැණුම මෙන්න..”

  1. Suneth says:

    Australia දුශන නඩු විභාග වෙන්නෙ වෙන සිරිසෙන කෙනෙක්ට වෙන්න ඈති…ගිය අන්ඩුවෙ දුශන ගෑන කතා කරන ග්‍රමසෙවකගෙ වත්කම් ටික බලුවොත් තරු පෙනෙවි..

  2. S kumara says:

    These are today’s episode of this mega teledrama

    Next one coming soon.

  3. Amarapaala says:

    Kiyana Kota Ehemaai Karanakot Mehemaai neda Hitan ?

  4. BARCARDI says:

    Can UNP rule the country without ‘Horakama’ ? Only Ranjan can do this.

    • Jelly Fish says:

      Is Ranja a clean person? He was caught taking a TV set from the duty free shop without paying the duty?
      No matter the amount involved. Robbery is robbery!

  5. HUNA says:

    Owa Mona Banumda.? Owa Awawada

  6. sama says:

    “දොස් පැවරු ආකාරය අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ මෙසේය.” Of all papers it`s Wijewardana`s Lankadeepa reporting this!!!

  7. Nandasoma says:

    ඩියු ගුණසේකර කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දාන්න කලින් දවසේ පාර්ලිමේන්තුව විසුරුවලා ඒක නිෂ්ක්‍රීය කලේ කව්ද කියලත් කිව්ව නං තමයි හොඳ….
    මේ ඔක්කොම පොහොට්ටුවට වැටෙන ඡන්ද උපරිමෙන් කඩාගෙන යූ එන් පිය ට ප්‍රාදේශීය සභා ටික දිනවල දෙන්න පිටපත් ලියලා රඟ පාන නාට්ටි.

    මේවට රැවටෙන පිරිසක් ඉන්නවා අන්න ඒකයි අවාසනාව.

  8. sarath says:

    He nor UNP wanted to eradicate corruption. They made this as a slogan for the election. They never think of development. So far no work only talk and mush corruption.

Main News