ජනාධිපති කියන්නේ බොරු බව මහ නාහිමිවරුන් හමුවී කැබිනට් ඇමති කියයි..

December 26, 2018 at 10:43 pm | lanka C news
ජනාධිපති කියන්නේ බොරු බව මහ නාහිමිවරුන් හමුවී කැබිනට් ඇමති කියයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඝාතන කුමන්ත්‍රණයක් සිදු නැතැයි රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරන ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

ඒ පිලිබදව දැනට සිදුව ඇති පරීක්‍ෂණවලින් ඒ බව හෙලි වී ඇතැයි ඇමතිවරයා කියා සිටියේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

නීතිය හා සාමාය අමාත්‍යංශය සදහා තමන්ව පත් කරන ලෙස අගමැතිවරයා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා ඒ අනුව කටයුතු කරනු ඇති බවත් ඇමතිවරයා කීය.

කෙසේ නමුත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අවස්ථා කිහිපයකදීම රට හමුවේ කියා සිටියේ තමන් හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සදහා කුමන්ත‍්‍රණයක් සිදුව ඇති බවත් ඊට ආණ්ඩුවේ පාර්ශවයන් සම්බන්ධ බවත්ය.

ඒ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ සදහා බාධා නොවන පිරිදි නීතිය හා සාමය අමාත්‍යංශය තමන් යටතේ තබා ගන්නා බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

71 views

6 Comments to “ජනාධිපති කියන්නේ බොරු බව මහ නාහිමිවරුන් හමුවී කැබිනට් ඇමති කියයි..”

  1. Mahi says:

    Good decision by the president.
    You can’t trust central bank rober.

  2. gihan says:

    මේ යකත් ඕකට සම්බන්ධයිනෙ

  3. Nim says:

    ME YAKATH MÈWATA
    SAMBANDA ATHI
    HELI WUNAMA
    HELUWA BALAMUKO
    THORA THURU
    HAKI EKMANIN ALI KARAMU.

  4. Rathna says:

    මුන් කොහොමත් දුවගෙන යන්නෙ
    තිබ්බට්ටා ලගට විතරයි.

    • Alapaluwa says:

      මොකද දන්නවාද මේ තිබ්බෝට්ටාත් අඳින්නේ පළදින්නේ කොළපාට නේ!

  5. Donald Isuru Wilegoda says:

    A war hero like Namal Kumara got no reason to lie

Main News