ජනාධිපති කියන්නේ හතර බීරි කතා.. මේව කලේ අපිද..- රතන හිමි අසයි..

May 22, 2018 at 10:00 am | lanka C news
ජනාධිපති කියන්නේ හතර බීරි කතා.. මේව කලේ අපිද..- රතන හිමි අසයි..

තේ හා රබර් වගාවන් සදහා ග්ලයිපොසේ්ට් තහනම ඉවත් කිිරීම සදහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ තමන් දැනුවත්ව නොවේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසූ බවත් ‘මේක හතර බීරි කතාවක්’ බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

ගල්යිපොසේට් ප‍්‍රශ්ණය ඇතුළු ප‍්‍රශ්ණ ගණනාවක් ගැන සාකච්චා කිරීමට තමන් ජනාධිපතිවරයා පුද්ගලිකව මුන ගැසුනු අවස්ථාවේදී මෙසේ පැවසුවේ යයිද උන් වහන්සේ කීහ.

‘තේ රබර් සදහා ග්ලයිපොසොට් තහනම ඉවත් කිරීම ඔබතුමාගේ ප‍්‍රතිරූපයට හොද නෑ කියලා මං දැනුම් දුන්නා. ගිය ජනාධිපතිවරණයේදී දුන් පෙරොන්දුවත් මතක් කර දුන්නා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා කිවුවෙ ඒ ගැන ඔහු නොදන්නා බවයි. එතකොට මේක කලේ අපිද’ යයිද හිමියෝ පැවසූහ.

103 views
Main News