ජනාධිපති කියන වැඩ රටේ කෙරෙන්නෙ නෑ.. ජනතාව රජය ගැන කලකිරිලා…

April 9, 2021 at 11:20 am | lanka C news
ජනාධිපති කියන වැඩ රටේ කෙරෙන්නෙ නෑ.. ජනතාව රජය ගැන කලකිරිලා…

අද රට තුළ විශාල නිලධාරිවාදයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඒ හේතුවෙන් ජනාදිපතිගේ තීරණ පවා ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් පීඩනයක ට මුහුණ දී සිටින බවත් පොදු මහජනතාව රජය ගැන කලකිරී සිටින බවත් ඒ මහතා පවසයි.

සතිඅන්ත විකල්ප පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කරන්නේ රජය වැඩ කොටසක් සිදු කර ඇතත් ඒ කරුණු මතු වී පෙනෙන්නේ නැති බවයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වන්නේ රජයට එරෙහිව අසත්‍ය සමාජගත වී ඇති බවත් නවීන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ඊට අනුබල ලැබී ඇති බවත්ය.

27,218 views

16 Comments to “ජනාධිපති කියන වැඩ රටේ කෙරෙන්නෙ නෑ.. ජනතාව රජය ගැන කලකිරිලා…”

  1. තෙල් නැවකට ගොඩවී ගිනස් වාර්තාවක් තැබූ එකම ඇමතිවරයා says:

    ජනාධිපති කියන වැඩ රටේ කෙරෙන්නෙ නෑ.. ජනතාව රජය ගැන කලකිරිලා
    ඉතිං මල්ලියෙ ඕක පත්තරේ දාල හරියන්නේ නෑ නේ. පත්තරෙන් ඕක බලන්න සිරිසේන දැන් ජනාධිපති නෙවෙයිනේ. අමතකද

  2. Felix says:

    Inna Un Okkoma Janadhipathiwa Wiwechanya Karanwa… Dunna Weda Tika Karanne Nethiwa… Ady Ganane 50% Wath Karapalla… Ohuta Thaniyama Rata Hadanna Behe.

Main News