ජනාධිපති කොමිසම කියූ බැදුම්කරේ අලාභය ළුණු බිකක්.. ඇත්ත පාඩුව අන්තිම සතේට මෙන්න..

January 5, 2018 at 1:20 pm | lanka C news
ජනාධිපති කොමිසම කියූ බැදුම්කරේ අලාභය ළුණු බිකක්.. ඇත්ත පාඩුව අන්තිම සතේට මෙන්න..

මහබංකු බැන්දුම්කර ගනුදෙනුව පිලිබඳ ජනාධිපති කොමිසම් වාර්ථාව පිලිබඳ ජනාධිපතිවරයා විසින් දෙසැම්බර් 3 දා කල විශේෂ ප්‍රකාශය තුලින් හොරකමක් සිදුවූ බව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පලමුවරට පිලිගනු ලැබුවද සමස්ථයක් වශයෙන් එම ප්‍රකාශය ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අසමත් වූ බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

මේ වාර්ථාව ඉදිරිපත් කිරීමට වසර 2 1/2 ට පෙර සිටම එම කරුණු තමා ඇතුලු විවිධ විද්වතුන් විසින් සමාජයට පෙන්වාදී ඇති නිසා එහි අලුත් සොයාගැනීමක් නැති බවද ඔහු පැවසීය.

” මේ ගනුදෙනුව ලංකා ඉතිහාසයේ ලොකුම මුදල් වංචාව. ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් කල ,සෑම පුරවැසියෙකුගේම ජීවන බර ඉහල යාමට බලපෑ හොරකමක්. . මෙහි පාඩුව විශේෂ ප්‍රකාෂයේ කියවුන රුපියල් මිලියන 11,145 නොවෙයි. ඒ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලැබූ ලාබය පමනයි. නමුත් රටට වූ පාඩුව ඊට වඩා ඉතා විශාලයි.

උදාහරණය්ක් වසයෙන් මේ හොරකම සිදූ නිසා රටේ පොලී අනුපාතය 3% කින් පමන ඉහල යාම නිසා එවකට තිබූ දේශීය රාජ්‍ය ණය රුපියල් බිලියන 126 කින් පමන ඉහල ගියා.

කොළඹ නුවර අධිවේගී මාර්ගය හදන්න පුලුවන් ඒ මුදලින්. මේ දූෂණය හරහා විදෙශ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳවැටී ඔවුන් විශාල වශයෙන් මුදල රටින් ඉවත්කරගත්තා. ඒ ඇතුලු තවත් හේතු නිසා රුපියලේ අගය 16% කින් පමන බාල්දු වීම නිසා අප විසින් ගෙවිය යුතු විදේශ ණය වල දේශීය අගය රුපියල් බිලියන 512 කින් පමන ඉහල ගියා. හම්බන්තොට වරාය වගේ 3 ක් හදන්න තිබුනා ඒ මුදලින්.

මේ හොරකම සිදුවන වෙලාවේ රටේ ආර්ථිකයේ පුද්ගලික හා ව්‍යාපාර ණය තිබුන රුපියල් බිලියන 7200 ක් පමන. පොලිය ඉහල යාම නිසා මෙසේ ණය ඇරන් තිබුන පුද්ගලයන්ට හා ව්‍යාපාරයන්ට වූ පාඩුව රුපියල් බිලියන 280 ක් පමන වෙනවා. සමස්ථයක් වශයෙන් ගත්තහම රුපියල් කෝටි ලක්ෂයක පමන පාඩුවක් ඍජු හා වක්‍ර මාර්ගවලින් රටට වුනා. කවුද මේ පාඩුවට වග කියන්නේ ?

මෙයට වගකියන්න ඕනෑ හොරකම කල අය පමනක් නොවේයි. හොරු රැක්ක අයත් වග කියන්න ඕනෑ. අපට මතකයි එදා මේ හොරු රකින්න පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ කරපු අය. අපිට මතකයි කමිටු දාල බැදුමකර වංචාවක් සිදුවුනේ නැහැ කියපු අය, අපිට මතකයි මේ ගැන කතා කරන එක වලක්වන්න උසාවි ගිහින් වාරණ නියෝග ඉල්ලපු අය,

අපිට මතකයි ඩිව් ගුනසේකර කෝප් කමිටු වාර්ථාව සබාගත කරන්න කලින් හොරු බේරන්න පාර්ලිමේන්තුව විසුරවපු අය. අපිට මතකයි බැඳුමකර සිද්ධිය ගැන විගනාධිපතුමාගේ වාර්ථා වැරදියි කියල එතුමට තර්ජනය කරපු අය. අපිට මතකයි මහබැංකුම් බැඳුම්කර ගනුදෙනුවේ කිසිම හොරකමක් සිදුවුනේ නැහැ කියල පොත් ලියපු අය.

අපිට මතකයි අවසාන කෝප් වාර්ථවත් බාල්දු කරන්න ෆුට් නෝට් දාපු අය. මේ ඔක්කොම ඉන්නෙ වත්මන් ආන්ඩුවේ. ඒ නිසා රටට වූ මේ පාඩුවට වත්මන් ආන්ඩුව වග කියන්න ඕනෑ.

මේ ආන්ඩුව් බලයට අවෙ යහපාලනය ගෙනෙන්නයි. හොරු අල්ලන්න කියා බලයට ආ ආන්ඩුවට යහපාලනය කියන වචනය ගැනවත් යම් කිසි ගෞරවයක් තියෙනවනම් ආන්ඩුව දැන් ඉල්ලා අස්වෙන්න ඕනෑ.

අපි හිතුව ජනාධිපති තුමාගේ විශේෂ ප්‍රකාශයේ මේවා ගැන සඳහන් වෙයි කියල. නමුත් එවැන්නක් සිද්ද උනේ නැහැ. ”

– චාමින්ද කරුණාරත්න

93 views

15 Comments to “ජනාධිපති කොමිසම කියූ බැදුම්කරේ අලාභය ළුණු බිකක්.. ඇත්ත පාඩුව අන්තිම සතේට මෙන්න..”

  1. hitan gedara appuhami says:

    රටේ අනාගතය ගැන හැගීමක් නැති, රටේ ජනතාව ගැන හිතන්නේ නැති පුද්ගලයින් රට පාලනය කරන විට රට විනාශ වීම වලක්වන්න බැහැ. 2015දී හැටදෙලක්ෂයක් ගත්ත තීරණය හරියට අර මෝඩ රජා මැස්සෝ එලවන්න වඳුරාගේ අතට කඩුව දුන්න වගේ වැඩක්. කොහොමත් සිංහලය කියන්නේ මෝඩ තකතීරු, ඕනෑම දෙයක් දවස් කීපයකින් අමතක කරලා දාන, නැවත නැවතත් එකම බොරුවට රැවටෙන ජාතියක් නේ. මේ යන විදියට පෙබරවාරි 10 වත් අපේ මේ හැටදෙලක්ශේ ගොන් හැත්ත හරි තීරණයක් ගනීද කියල සැකයි.

    • Sathya says:

      අලුත්ම ආත්තොපදේශය “සිරිසේනගේ කඩුව වගේ “

      • Polar Bear says:

        ඇයි “සිරිසේන ඇදගෙන මයිලෝ නෑව වගේ”, “සිරිසේනගේ පොහොර නැව වගේ”

      • Pina says:

        හලෝ උම්බ රැවටිල මල්ලි, අපේ ලොක්ක කලිනුත් මඩු වලිගයක් ගත්තේ. මේකත් ඒ වගේම තමයි.කොටන්න වගේ තියන් ඉන්න එකක්. මොකද බන් කපනවා නම් රානිල් ලොක්කගෙ ඉඳන් අප්පුහාමි වෙනකම්ම කපලා දාන්න වෙනවනේ. ඕවා කොහෙද හලෝ මේ ලෝකෙ වෙන්නෙ. අපිත් පිනට හරි කාලා බීලා ඉන්න එපැ යි.

  2. love nature says:

    2015දී බලයට ආව මේ ආණ්ඩුව මාස දෙකක් ඉවසුවෙ නැහැ ලංකාවෙ ලොකුම හොරකම කළා’

    • Alapaluwa says:

      දැන් ඉතින් ඔය ගණිත සුස්ත්‍ර වලින් පලක් නැ.මොකද අර හිටන් කියන මරිසිපාල වුනුදෙවල් ළුණු බිකකට දා මොට්ට කඩුවෙන් කොස්කොටන්න භාරදී හමාර බැවින්.අනේ මේහෙමත්අනුවණ ඇති රජෙක් මොන කරුමෙකට ලංකාවට පහළවුනාද දන්නේ නැ.

  3. Kusum says:

    ආචාර්යතුමා බන්දුලගෙ නෑදෑයෙක් වගේ

  4. සමන් says:

    අවංකවම නාලක ගොඩහේවා වගේ ඇදුරෙකු හට මෙය ලුනු බිකකි. ඕවා දෙනු පරහට තමා සම්මතයී පිහිටා සිට.

  5. Nandasoma says:

    ජනාධිපති, අගමැති ඇතුලු රජයේ බොහෝ මැති ඇමති වරු මෙම වංචාවට වග කිව යුතුයි….!

  6. andrew says:

    ඉතිං මොකද, ෆූට් නොවේ කල්ලිය, හෝ බැදුම්කරයට සම්බන්ද අය , මේ සියලු දෙනාම නැවත ජනතාව එදිරියේ චන්දය ඉල්ලයි. එවිට ලංකාවේ කොන්ද පන නෙති, දෙකට නැමෙන සිංහල ජනය නැවත උන්ට චන්දය දීල උන්ව රජ කරයි.

  7. Sirikothaya says:

    Thawath kiyanawanam Ranil pathkarapu Sirikothe lawyers (goda perakadoruwo wennathi) 3 denath kiuywe wanchawak wela nahai kiyala. Unta viruddawath neethiya kriyathmaka kala yuthui.

  8. UNPකාරයන්ට නොතේරෙන බැඳුම්කර වංචාව​ says:

    UNPකාරයන්ට නොතේරෙන බැඳුම්කර වංචාව​
    රනිල්ට සල්ලි ඕන වෙයි. ඔහු කියන පරිදි පාරවල් වගයකට ගෙවීමටලු.
    මහ බැංකුව සතුව එම මුදල ප්‍රමානවත්ව තිබූ බව කොමිසමේදී එළිදරව් විය​.. නමුත් රනිල් ඒ සඳහා ප්‍රමානවත් මුදල් තිබෙනවාද යන්න මහ බැංකුවෙන් නොවිමසා, මුදල් සෙවීමට “බැඳුම්කර වෙන්දේසියට​” දමන්න නියෝග කරයි. බැඳුම්කර වෙන්දේසියට දමන ක්‍රමයද වෙනස් කරන්න නියෝග කරයි.
    මහ බැංකුව රනිල්ගේ නියෝගය අනුව බැඳුම්කර වෙන්දේසියට “ලංසු” කැඳවයි.
    අර්ජුන මහේන්ද්‍රන් ගේ බෑනාද බැංදුම්කර මිලදී ගැනීම සඳහා “ලංසු” තබන “ලංසු කරුවෙක්” වෙයි. මාමා තවත් ලංසු තබන්නන් කීප දෙනෙකුට අඩු ලංසු තබන ලෙසද නියෝග කරයි/ ඉල්ලයි.
    බැඳුම්කර වෙන්දේසියට ලංසු භාර ගැනීම අවසන් වීමට පැය කීපයකට පෙර​, ඇලෝසියස්ගේ මාමා, ලංසු කැඳවීම අවසන් කරන කාලය මිනිත්තු කීපයකින් කල් දමන ලෙස නියෝග කරයි.
    ඒ අතර තුර බෑනා තම ලංසු මුදල අනපේක්‍ෂිත ලෙස​/ අස්වාභාවීක ලෙස ඉහල දමයි. බෑනා තමන්ට උවමනා මුදල පැය දෙකක් වැනි ක්‍ෂණික කාලයක් තුළ “ණයක් ලෙස​” රජයෙන්ම (ජනතාවගේ මුදල්) “අඩු පොලියට” ගනී. ඒ මුදලින් වැඩි පොලියකට​, වැඩි මුදලකට ලංසු තබයි. මාමා, තම බෑනාගේ “ලංසුව​” පිළිගනියි.
    මාමාත් බෑනාත් කළේ කුමක් ද​? රජයෙන් අඩු පොළියකට මුදල් (ජනතාවගේ මුදල්) ණයට ගෙන ඒ මුදලම නැවත රජයට වැඩි පොළියකට ණයට දීමයි.
    තමන්ට මුදල් සොයාගන්න අරමුණෙන් රනිල් බැඳුම්කර වෙන්දේසියට දැම්මද​, ඇත්තට මේ ක්‍රියාවලිය තුළ සිදු උනේ බෑනා මාමාගේ උදව්වෙන්, රජයේම මුදල් (ජනතාවගේ මුදල්) එහාට මෙහාට කර තමන්ට ලාභ ලැබීමයි.
    බැලූ බැල්මට මෙතන “හොරකමක්” නැත​. ඇත්තේ “මගෝඩි ගොඩකි”. වංචාවකි. කල දුටු කල වල ඉහ ගැනීමකි. අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමකි.
    මේ වංචනික මාමා මේ තනතුරේ පිහිටුවනේ “රනිල්” විසිනි. අවසානයේ මහේන්ද්‍රන් කලේ රනිල්ටම “පුකේ ඇරීමකි”
    තමා විශ්වාස කොට මේ තනතුරට පත්කල තම “හිතවතා” තමන්ටම “පුකේ ඇර ඇති වග​” රනිල් තේරුම් ගත්තා දැයි නොදනිමි. නමුත් අපි නම් තේරුම් ගෙන සිටිමු.
    මේ “මාමා” මෙසේ පුකේ ඇරියේ රනිල්ගේ පමනක් නොවේ. සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවටමය​. ඒ කියන්නේ ඌ අපේත් පුකේ ඇර ඇත​. රනිල්ගේ හෝ UNPකාරයන් ගේ හෝ රනිල්ට සුදු හුණු ගාපු සිරිසේනට හෝ සිරිසේන කල්ලියට හෝ හෝ විමර්‍ෂනය කරන්න යැයි පත් කළ කොමිසමේ උන් ගේ “පුක නොරිදුනාට​” අපිටනම් හොඳටම පුක රිදෙනවාය​. ඒත් පුංචි කාලයකට නොවේ, ඒ “පුක රිදීම​” පරම්පරා ගනනාවක් ඉදිරියට පවතීවි.

  9. Mangala says:

    Anyway in SriLanka voters are donkeys. They well proved it by choosing SLFP and UNP for govern the country by past 70 years. Donkeys get Donkeys or heavy load on back. Sri Lanka voters get load of tax on their back.

  10. DD says:

    වෙන රටකනම් මුන්ව පාරෙ ඇදගෙන ගිහින් මරල දානව. එක්කො මේ වෙද්දි බරපතල වැඩ ඇතිව හිරේ. අපේ මිනිස්සුන්ට කළකිරිමෙන් බලාඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

Main News