ජනාධිපති ගන්නා තීන්දු සමග සියළු ඇමතිවරුන් සිටිය යුතුයි.. වෙන සරුංගල පස්සෙ ගියොත් විනාශයක් වෙයි..- ජොන්ස්ටන්

January 26, 2021 at 1:20 pm | lanka C news
ජනාධිපති ගන්නා තීන්දු සමග සියළු ඇමතිවරුන් සිටිය යුතුයි.. වෙන සරුංගල පස්සෙ ගියොත් විනාශයක් වෙයි..- ජොන්ස්ටන්

ජනාධිපති හා ආණ්ඩුව විසින් ගන්නා වූ ගන්නා තීරණයක් සමග සියළුම ඇමතිවරුන් ඒ සමග එකට සිටිය යුතු බවත් එසේ නැතුව වෙනත් අරමුණු පසුපස හඹා යාමට උත්සාහ කළොත් මහා විනාශයක් විය හැකි බවත් ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ජනාධිපතිතුමා සහ රජය තීන්දුවක් ගනී නම් ඕනෑම ඇමතිවරයෙක් ඒ තීන්දු සමග එකඟ එකග විය යුතු බවත් එසේ නැතිනම් වෙන වෙන සරුංගල පස්සේ යන්න ගියොත් මහා විනාශයක් වන බවද ඒ මහතා පැවසීය.

ජනතාව විසින් ජනාධිපති හා ජයග‍්‍රහණය කරවුයේ නිවැරදි දේ සිදු කිරීමට ඒ නිවැරදි තීන්දුව සමග ඇමතිවරුන් සිටිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

මහා සංඝරත්නය විසින් ජනාධිපතිතුමා සහ ආණ්ඩුව අදටද දැනුවත් කිරීම කිසිම වරදක් නොවන නමුත් ඇතැම් තැන්වල මහා සංඝරත්නය සමහර අය විසින් උසිගන්වන බවත් එයින් ප්‍රවේශම් විය යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

‘විපක්ෂය මවන සරුංගල් පස්සේ යන්න ගියෝත් වෙන්නේ විශාල ප්‍රශ්නයක්. විපක්ෂය කරන්නෙත් සරුංගල් යවන එකයි. විපක්ෂයම එදා මේ දේවල් විකුණන්න දාලා, ගිවිසුම් ගහලා ඔවුන් තීන්දු තීරණ අරගෙන රට හිර කෙරුවා. හම්බන්තොට වරාය අවුරුදු 99යේ ඒවා දෙකකට බදු දුන්නා. ඊළඟට ඉන්දියාව, ජපානය එක්ක ගිහින් ගිවිසුම් ගහලා රට හිර කරලා ඉවරවෙලා දැන් විපක්ෂයම කියනවා අපි වැරදි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඔවුන් කරපු ඒවා පුළුවන් තරම් හොඳ පැත්තකට හරවල තමයි අපි තීන්දු තීරණ අරගෙන තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නිවැරදි තීන්දුවක් ගත්තොත් අපි ඒ තීරණය උඩ හිට ගන්නවා. කිසිම ඇමතිවරයකුට පිල් බෙදෙන්න හේතුවක් නැහැ. තමන්ගේ දේශපාලන දර්ශන මොනවා තිබුණත් රජයේ තීරණ උඩ හිට ගන්න ඕනා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති කරවලා, මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරවලා, අපි මේ රටේ අපේ ආණ්ඩුවක් පිහිටෙව්වේ නිවැරදි තීන්දු තීරණ ගත්තම ඒ තීන්දු උඩ හිට ගන්නයි.’

36,711 views

11 Comments to “ජනාධිපති ගන්නා තීන්දු සමග සියළු ඇමතිවරුන් සිටිය යුතුයි.. වෙන සරුංගල පස්සෙ ගියොත් විනාශයක් වෙයි..- ජොන්ස්ටන්”

  1. kamal says:

    අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය ජනවාරි 31 හන්තාන ධර්මරතන පිරිවෙනට බාරදෙනු ඇත.
    මම පළමුවෙන්ම සියලු දේම කනපිට හරවන නිසා අකමැති වුනා හදන්න නමුත් හාමුදුරුවන්ගේ සහ මගේ අම්මාගෙන් ඉගෙනගත් අධ්‍යාපනය නිසා මම හිතා ගත්තා මෙය ලංකාවාසින්ට ප්‍රදාන කරන්න. දවස් හයකින් මම ජාතික ප්‍රතිපත්තිය හදනවා මෙය අධ්‍යාත්මය හා සම්මා ආජිවය සම්බන්ධ ප්‍රතිපත්තියකි. වත්මන් රජයේ 225ම කරන දේ මට තනියම කරන්න පුලුවන් මිට කමල් හෙවත් දියසෙන් කුමාරයා හෙවත් අජාසත්ත කුමාරයා.

  2. Alapaluwa says:

    සරුංගල් පස්සේ යන එකනම් හොඳ නැහැ නමුත් සරුංගලේ නුල හයියනම් ප්‍රශනයක් නැහැ නේද?එහෙත් සමහරවිට නොයන ගමනුත් තිබෙනවා නමුත් බලෙන් ගියොත් වන්නේ අවසානයේදී ප්‍රපාතයට වැටෙන එක තමයි!!

  3. Sena says:

    අට පාස් ජෝනියගේ තියරිය

    • දුස්රා says:

      බුදුබණ අහලා හීලෑ වුන යක්කු අද සව්දියේ තම්බිලාගේ ලැට් හෝදනවා මුන්ට ඩොලර් එවන්න.
      පහු ගිය මාස කීපයේ රාමා රට‌ෙන් (ඉන්දියාව‌ෙන්) කීය කීය හරි ඉල්ලග‌ෙන තමා රාවණාලන්තයේ රාජ්‍ය සේවකයන්ට පඩි ග‌ෙව්වේ.අද ඉන්දියාව චීනය‌ෙන් හිගමනක් ලැබුනේ නැත්නම් රාවණාලන්තයේ වැසියන්ගේ ගුද මාර්ගයත් හිස්.
      රටකට මේ දේ වුනේ ඒ රටේම මිනිසුන්ගේ වැරදි නිසා.දැන් ලෝක‌ෙට දොස් කියලා වැඩක් නෑ.එකතු ව‌ෙලා මුං පාහරයෝ ඔක්කොම, 225 +1ත් ඇතුළුව එලවා දමාපල්ලා.
      රාම රාවණ මනස්ගාත අතහැරලා මානව වර්ගයා විදියට ඉදිරියට පලයල්ලා

  4. Banda says:

    Asuugi kapparak kapu ekata pade mona gadakda .

  5. S.Vitharana says:

    ඔවා දෙනු පර හට
    තමා සමිමතයේ සිට

  6. බයියා says:

    අනිවා.. අර විදුර වික්‍රමනායක කියන බත්ගොට්ටා තමයි මේ ආණ්ඩුවට ඉන්න හෙනේ…

  7. බන්ඩා says:

    ජොනියා පොහොට්ටු බහුතරයෙද ගෝටා ටීම් එකේ බෝන් අගේන් කල්ලියට සෙට් වෙලාද?

  8. GulSiri Lal Nanda says:

    Too many cooks spoil the soup ? ! @
    Well Country need politics of discipline ,honesty and dedication for work for whole nation interest be the FIRST in Agenda of Democracy and Development an Economy by eradication of poverty of Rural and Urban POOR priority of People of Lanka .

  9. පොල් බූරුවා says:

    එ් කියන්නේ නැගෙනහිර ජැටිය 49% ක් කොටස් අදානිට දෙන එක (සින්නක්කර ඔප්පුවකින් විකුනන එක) හරි කියලද ජොනිය කියන්නේ. ඉන්දියාවේ ඉදල රා මදින්න අාපු එවුන් ලංකාව ගැන මොනවද දන්නේ.

  10. කැමල් says:

    ඈ බොල අට pass ජොනියෝ එතකොට ජනපති අගමැති වැරදි තීන්දුවක් ගත්තොත් තොපි කොහෙද හිට ගන්න ඕනේ, තීන්දුව යටද ? ඇයි උන් වැරදි තීන්දු ගන්නෙම නැද්ද ? මූට ප්‍රශ්නෙක දෙපැත්තක් තියන බවවත් තේරෙන්නෑ නේ යකෝ. යටත් හිටගනින් බන් ඉඳල හිටලා

Main News