ජනාධිපති ගැන සැක සහිතයි..- ගෙවිදු
December 11, 2021 at 10:40 am | lanka C news
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ජනාධිපතිවරයාට අවංක උවමනාවක් තිබේ දැයි සැක සහිත බවත් ඒ මහතා පැවසීය.
ජනාධිපතිගේ දෙවැනි පදවි ප්‍රාප්තිය ට පෙර නව ව්‍යවස්තාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පැහැදිලි ප්‍රකාශයක් කළ නමුත් එය මේ දක්වා සිදු නොවීම මත ඒ පිළිබඳ අවංක උවමනාවක් දැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එම ප්‍රතිඥාව මේ වන විට ඉටු කළ යුතු ප්‍රතිඥාවක් ලෙස සලකන බවද කී මන්ත්‍රීවරයා එක රටක් එක නීතියක් බලකායේ ප්‍රධානියා ලෙස පත් කර ඇති ස්වාමින් වහන්සේ ගත්කල ආදර්ශයක් තිබිය යුතු බවද එම බළකාය සම්බන්ධයෙන් කනගාටු වන බවත් කියා සිටියේය.
කොළඹ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.
Amathi mahaththayooo…
BALA THANHAAWA NISAA OBAI HAMA DEEMA WIKRUTHI KARANNA UTHSAAHA KARANNE…
BIYA NATHI KENEK DAANNA OONI OYA THANATHURA TA…
DANDA AHARUNE?? 😠😠