ජනාධිපති ගෝටාභයගේ ප‍්‍රකාශය සතුටින් බාරගන්නවා..- ජනපති සමග සාකච්චාවකට දෙමල සන්ධානය වහා එයි..

November 20, 2019 at 4:40 pm | lanka C news
ජනාධිපති ගෝටාභයගේ ප‍්‍රකාශය සතුටින් බාරගන්නවා..- ජනපති සමග සාකච්චාවකට දෙමල සන්ධානය වහා එයි..

මෙරට සියළු ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශය තුටින් භාරගන්නා බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා සඳහන් කරන්නේ සෑම ජාතියකටම සමානව සලකන බවට ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය අගය කරන බවයි.

නුදුරු දිනයකදී නව ජනාධිපතිවරයා මුණ ගැසීමට තම සන්ධානයේ නියෝජිත පිරිසක් සූදානම් බවද ඔහු පැවසීය.

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉහත ප්‍රකාශය මත පදනම්ව දෙමළ ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබාගැනීමට ගැනීමේ අරමුණෙන් මෙම හමුව සිදු වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේ වවුනියාවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

91,878 Viewers

40 Comments to “ජනාධිපති ගෝටාභයගේ ප‍්‍රකාශය සතුටින් බාරගන්නවා..- ජනපති සමග සාකච්චාවකට දෙමල සන්ධානය වහා එයි..”

  1. Angoda Buva says:

    දෙමළ ජනතාව සහ මේ අවස්ථාවාදී ජාතිවාදී දමිළ දේශපාලකයන් වෙන්කර හඳුනාගත යුතුයි.

    දෙමළ ජනයාගේ ගැටලු පැහැදිලිව හඳුනාගත යුතු අතර ඒවා වහා විසඳිය යුතුයි.

    එහෙත් ඒ සඳහා කිසිදු අයුරකින් එම දේශපාලකයන් සම්බන්ධ කර නොගත යුතුයි.

    දෙමළ ජනයාගේ නියම අවශයතා මෙම දේශපාලුවන්ගේ අවශයතා නොවන බවද පැහැදිලිව තේරුම් ගත යුතුය.

    උතුරු නැගෙනහිර ගැටලු විසදීම සඳහා රජයේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කල යුතු අතර ඔහුන් සමඟ කෙලින්ම සම්බන්ධ වීම සඳහා ජනතාව අතරින්ම තෝරා ගත් පජා සංවිධාන පිහිටුවිය යුතුය. මෙම දේශපාලුවන් කිසිදු ලෙසකින් එහි මැදිහත් කරුවන් ලෙස යොදා නොගත යුතුය.

    මොහුන් මැදිහත් කරුවන් ලෙස සිටිනා තාක් දෙමළ හෝ මුස්ලිම් ජනයාගේ ගැටලු දිනෙන් දින වැඩි වනු මිස විසදීමක් නොලැබෙන බව පැහැදිලිවම වටහා ගත යුතුය.

    සියලුම ජාති වාදී පක්ෂ දේශපාලනයෙන් අතු ගෑ දැමිය යුතුය.

  2. CAT says:

    සියලුම ජාති වාදී දෙමළ ,මුස්ලිම් පක්ෂ දේශපාලනයෙන් අතු ගෑ දැමිය යුතුය.

  3. OK, Our leader is red to make constructive discussion but not any destructive discussion related to lost lives or prisoners during declared war in 2009. We Sinhalese welcome you to discuss national problems not the Tamil or Muslim problems. Because we Sinhalese also have more problems than your problems to resolve since we got so-called independence. We want to enjoy our proud lives like we had before European colonization in this beautiful island. My friends come with your open heart and discuss national problem. You know jolly well that our elected leader has million eyes around his head and you cannot creep through his brain! Good luck my Tamil brothers! I am Jayampathi from Brisbane Australia.

  4. Sarath says:

    This is a historic victory achieved by a srilankan president. Now tamils and other minorities should specifically understand this. Those tamil politicians thought that Gotabaya could not win in the election witout their support. He has already proved it. So now tamil politicians should unite and work for the betterment of srilanka under the leadership of the present president if they really want to serve their people.

Main News